රනිල්ගේ වැඩ‌කොටස සාර්ථකව අවසන් කළ බවට පණිවිඩයක් 21 ට පෙර

Published in පුවත්
Wednesday, 18 September 2024 20:13

ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර ස්වෛරි බැදුම්කර හිමියන් අතර සාකච්ඡාවක්
හෙට දින පැවැත්වෙන බවත්, එම සාකච්ඡාවෙන් පසුව ශ්‍රී ලංකාවේ බංකොලොත්භාවය
සම්පූර්ණයෙන් අවසන් වී සියලු රටවල සහාය නැවත මෙරටට හිමිවන බවත් ජනාධිපති
රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

තමාට යම් වැඩ කොටසක් භාර දුන්නා නම් එම වැඩකාටස සාර්ථකව අවසන් කළ බවට වූ
පණිවිඩය සැප්තැම්බර් 21 වනදාට පෙර ජනතාවට ලබා දීමට හැකිවීම පිළිබඳ සතුටු
වන බවද ජනාධිපතිරවයා ප්‍රකාශ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (18) පස්වරුවේ
මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රහාහී ජන
රැලිය අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය
තහවුරු කිරීමේ අරමුණින් සංවිධානය කර තිබූ මම ජන රැලියට අතිවිශාල ජනතාවක්
එක්ව සිටියහ.

“පුළුවන් ශ්‍රී ලංකා” කියා එදා තමන් ආර්ථික අභියෝගයට මුහුණ දී එය
ජයග්‍රහණය කළ බව පැවසු ජනාධිපතිවරයා අද “පුළුවන් ශ්‍රී ලංකා” කියා
කියන්නේ රට දියුණු කිරීමට බව පැවසූ අතර රට ඉදිරියට ගෙන යා හැකි නායකයෙක්
තෝරා ගැනීමේ වගකීම ජනතාව සතු බවද අවධාරණය කළේය.

සජිත්ට හා අනුරට මෙරට ආර්ථික ගැටළුවට විසදුම් තිබුණා නම් මීට වසර දෙකකට
පෙර රට භාර නොගත්තේ ඇයි කියා ප්‍රශ්න කළ ජනාධිපතිවරයා තමා සමඟ හොද
කණ්ඩායමක් සිටින බව සජිත් පැවසුවද මීට වසර දෙකකට පෙර රටේ ආර්ථිකය
ගොඩනැගිය නොහැකි බව ප්‍රසිද්ධියේ කියා සිටියේ එම කණ්ඩායම බවද සිහිපත් කළේය.
ජන රැලිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය
අදින් අපේ මැතිවරණ ව්‍යාපාරය අවසන් වෙනවා. සැප්තැම්බර් 21 වනදා මේ රටේ
ජනතාව තම අනාගතය පිළිබඳ තීරණය ගත යුතුයි. මම දේශපාලනඥයෙක් ලෙස ජීවිතයට
මුහුණ දුන්නා. ඔබ පුරවැසියන් ලෙස දේශපාලනඥයන් කෙරෙහි විශ්වාසය තැබුවා.

පසුගිය වසරෙ දෙකේදී අප හැම කෙනෙකුටම අලුත් අත්දැකීමක් ලැබුණා. ඔබ
විශ්වාසය තැබු නායකයන් මේ රටේ ප්‍රශ්නයට මුහුණදීමට නොහැකිව වගකීම්
ප්‍රතික්ෂේප කර පැන ගියා.

එවන් තත්තවයක තිබු රටක් මම භාරගත්තා. දේශාපලනඥයන් ලෙස අපට අභියෝගයවලට
මුහුණදිමට සිදු වෙනවා. සතුට වගේම දුක තිබෙනවා. අපිට හොද කියනවා ඒ වගේම
නරක කියවා. අප ප්‍රසිද්ධ වෙනවා අපේ නම අමතක වෙනවා. දේශපාලන
ක්‍රියාවලියෙන් ලාභයක් ලබනවා, නැත්නම් අලාභයක් ලබනවා. ඒ වගේම තීරණ ගැනීමට
සිදු වෙනවා.

ජනතාව මාව ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ වුවද මට ජනතාව ප්‍රතික්ෂේප කළ නොහැකි
බව මම තීරණය කළා. රටේ නායකයෙක් ලෙස ජනතාව ප්‍රතික්ෂේප නොකර මම ජනතාව
වෙනුවෙන් අභියෝගය භාරගත්තා. මට භාරදුන් නැවේ සිදුරු තිබුණා. ටයිටැනික්
නැව වගේ ගිලෙන්න ඉඩ තිබුණා. නැව තුළට වතුර ඇවිත් තිබුණා. කපිතාන් කෙනෙක්
හිටියේ නැහැ. නමුත් නැව භාරගෙන නැවේ සිටි අනෙක් පිරිස එක් කර ගනිමින් අපි
ගමන ආරම්භ කළා.

මම භාරගත්තේ ණය ගෙවීමට නොහැකි වූ රටක්. බංකොළොත් වූ රටක්, ඒ වගේම විදේශ
විනිමය නැති රටක්. අපේ බැදුම්කර හිමියන් අපව ප්‍රතික්ෂේප කර තිබුණා.

නමුත් පසුගිය වසර දෙක තුළ එම කටයුතු අවසන් කර අපේ ණය තිරසර භාවය සහ
බංකොලොත් භාවය ඉවත් කර අපට දියුණුවීමට අවස්ථාව ලබාගැනීමට හැකිව තිබෙනවා.
ඒ වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන
බැංකුව සමඟ එකගතාවකට පැමිණ තිබෙනවා. ඒ අනුව බංකොලොත්භාවය අවසන් කර
දියුණුව කරා යාමට අපට අවස්ථාව ලැබි තිබෙනවා.

ඒ වගේම අපට ණය ලබා දුන් රටවල් තිබෙනවා. එම රටවල් 18 සමග එක් ගිවිසුමක් සහ
චීනය සමඟ වෙනම ගිවිසුමකට එළැඹුණා. අපේ ණය තිරසර භාවය පිළිගනෙ ඒ සඳහා
අලුත් ක්‍රමවේදයක් ඇති කිරීමට සහ අප බංකොළොත් නොවන බව පිළිගෙන රටේ
දියුණුව ඇති කර ගැනීමට ගිවිසුමකට පැමිණීමට හැකි වී තිබෙනවා. ඉතිරි වී
තිබෙන්නේ ජාත්‍යන්තර ස්වෛරි බැදුම්කර හිමියන් සමග සාකච්ඡ කිරීමයි. ඒ අනුව
හෙට ඒ අය සමඟ පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු තීරණයකට එළැඹ එම වැඩකටයුතු
සම්පුර්ණ අවසන් කීරමෙන් පසු ලංකාවේ බංකොලොත්භාවය අහෝසි වී එම රටවල ආධාර
උපකාර අපට ලැබෙනවා.

මට යම් වැඩ කොටසක් භාරදුන්නා නම් එම වැඩකාටස අප සාර්ථකව අවසන් කර තිබෙනවා
බව සැපැත්ම්බර් 21 වනදා ජනාධිපතිවරණයට පෙර මට ප්‍රකාශ කිරීමට හැකියාව
ලැබී තිබෙනවා. ඒ පිළිබඳ සතුටු වෙනවා.

මෙම වැඩපිළිවෙළේදි අපට අසීරු, ජනප්‍රිය නොවන තීරණ ගැනීමට සිදු වුණා.
නමුත් වෙනත් විකල්පයක් තිබුණේ නැහැ. ජනතාවට දුෂ්කරතාවලට මුහුණදීමට සිදු
වුණා. නමුත් එම ප්‍රශ්න විසදීමට මම කටයුතු කළා. අද රුපියල ශක්තිමත් වී
භාණ්ඩ මිල ක්‍රමානුකූලව අඩු වී ජනතාවට සහන ලැබී තිබෙනවා. ඒ වගේම ජීවන බර
පිළිබඳ ගැටළුව 2025 වසරේදී අවසන් කිරිමට මම බලාපොරොත්තු වෙනවා.
අප රට ඉදිරියට ගෙන යා යුතුයි. අප දැන් එහි ඉදිරි පියවර ගැන සිතියි
යුතුයි. අප ලබාගත් මේ ආර්ථික ස්ථාවරභාවය තහවුරු කරගත යුතුයි.

“පුළුවන් ශ්‍රී ලංකා” කියා එදා අපි ආර්ථික අභියෝගයෙන් ගොඩ ආවා. දැන්
“පුළුවන් ශ්‍රී ලංකා” කියා කියන්නේ රට දියුණු කිරීමටයි. ඒ සඳහා අවශ්‍ය
නීති මම සම්මත කරගෙන තිබෙනවා. ආර්ථික පරිවර්තන නිතිය සමග අපට ඉදිරියට
යාමට අවස්ථාව තිබෙනවා.

අද සජිත් හා අනුර කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම අහෝසි
කරනවා කියලා. ඔවුන්ට අවශ්‍ය එම ගිවිසුම් ආහෝසි කර මීට වසර දෙකකට පෙර
පැවති තත්ත්වයට රට ගෙනයාමටද කියා මම අහනවා.

සජිත්ට හා අනුර කිසිඳු සැලැස්මක් නැහැ. ඔවුන්ට අවශ්‍ය බලය ලබා ගැනීම
පමණයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම අහෝසි කළොත්, නැවත අලුතින්
සාකච්ඡා කිරීමට සිදු වනවා. එවිට ශ්‍රී ලංකාව කෙරෙහි තිබෙන විශ්වාසය නැති
වී අපට නැවත පෝලිම් යුගයකට මුහුණ දිමට සිදු වෙනවා. නමුත් අපත් සමග ගමන්
කළහොත් රුපියල ශක්තිමත් කරගෙන ජීවන බර සැහැල්ලු කර ගනිමින් රට දියුණු
කරගෙන ඉදිරියට යාමට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා දන්න පාරේ යනවද, නොදන්න පාරේ
ගිහින් අතරමං වෙනවද කියා ජනතාව තීරණය කළයුතුයි.

සජිත්ට හා අනුරට විසදුම් තිබුණා නම් ඇයි මීට වසර දෙකකට පෙර රට භාර ගත්තේ
නැත්තේ ඇයි කියා මම අහනවා. රටේ වගකීම භාරගන්න බැහැ කියලා ඉවත් වෙලා ගිය
අයට නැවත මේ රට භාර දිය යුතුද, ඒ නිසා රට ඉදිරියට ගෙන යා හැකි නායකයෙක් තෝරා ගැනීමේ වගකීම ජනතාවට පැවරෙනවා. මෙවර ජනාධිපතිරණයේදී දී ක්‍රිකට් කණ්ඩායම වගේ කණ්ඩායම්
තෝරන්නේ නැහැ. පාර්ලිමේන්තු ඡන්දයෙන් එම කණ්ඩායම තෝරා දෙනවා. ඇතැම් අය
කියනවා මට කණ්ඩායමක් ඉන්නවා කියලා. එහෙනම් මීට වසර දෙකකට පෙර එම කණ්ඩායම
දමා ඔවුන්ට රටේ ආර්ථිකය ගොඩනැගුවේ නැත්තේ ඇයි කියා මම අහනවා. රට භාර ගන්න
එපා කියා කිව්වෙත් එම කණ්ඩායම බව මම මෙහිදී සිහිපත් කරනවා.

ඒ නිසා මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාව තම අනාගතය පිළිබඳ සිතිය යුතුයි. තරුණ
පරපුරේ අනාගතය පිළිබඳ සිතිය යුතුයි. මම ජනතා වරම ඉල්ලන්නේ එම අලුත් ගමන
යාමටයි. හෙට අප පුද්ගලික බැදුම්කරුවන් සමඟ එකඟතාවකට එළැඹීමෙන් පසු 22
වනදා සිට අලුත් ගමනක් යාමට සුදානම් වෙමු.

ජීවන බර සැහැල්ලු කරමින්, රැකියා ලබාදෙමින්, නව ආර්ථිකයක් ඇති කරමින්
විදේශ විනිමය සිගා කන්නේ නැතිව අභිමානවත් රටක් ලෙස අපේ රට තුන්සිංහලයේ
ඉදිරියට ගෙන යාම වෙනුවෙන් සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට ඡන්දය
ලබාදෙන ලෙස මම ඉල්ලා සිටිනවා.

Leave a comment

 

ld add copy

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us