වෙළඳපොළේ ඩොලර් හංඟලා.. ආර්ථික අර්බුදයක් ගැන තවත් සංඥාවක් Featured

Published in පුවත්
Wednesday, 18 September 2024 15:16

මේ වන විට විනිමය හුවමාරු වෙළඳපොළ ගනුදෙනු සඳහා ප්‍රමාණවත් ඩොලර් නැති බව කොළඹ විනිමය හුවමාරු බලයත් නියෝජිතයන් පවසා සිටි.

ඩොලරයේ අගය නැවත රුපියල් 400 කට 500 කට තරම් ඉහළ යනු ඇතැවි බලාපොරොත්තුවෙන් මේ වන විට වෘත්තිකයන්, ආනයනය කරුවන් සහ වෙළදපොලෙහි ඩොලර් අති විශාල ප්‍රමාණයක් මිලදී ගෙන සඟවා ගැනීමට කටයුතු කර ඇති බව වෙළදපොළ ඩොලර් ගනුදෙනු කරුවන් හා විනිමය හුවමාරු බලයත් නියෝජිතයන් පෙන්වා දෙයි.

විනිමය හුවමාරු බලයත් නියෝජිතයන් පවසා සිටින්නේ තමන් සතුව මේ වන විට විකිණීම සඳහා හෝ ප්‍රමාණවත් ඩොලර් නොමැති බවය. සාමාන්‍යයෙන් මෙවැනි තත්වයන් ඇති වන්නේ අනාගත අවවධානම් මත ඩොලරයේ අගය ඉහළ යෑමක් සිදු වෙතැයි උපකල්පනයන් මතය. නමුත් මේ වන විට මෙරට ආර්ථිකය ස්ථාවරව පවතින තත්වයක් තුළ එවැනි අවදානමක් දැනට නැති මුත් දේශපාලන අවිනිශ්චිත තාවක් ඇතිව තිබීම මෙයට හේතුව බව ඔවුන් පවසයි.

විශේෂයෙන්ම විවිධ ජනාධිපතිවරණ සමීක්ෂණ වාර්තා ප්‍රසිද්ධ වීම නිසා ජනතා විමුක්ති පෙරමුණෙ හි ආණ්ඩුවක් බිහිවීම සිදු වුවහොත් රට නැවත ආර්ථික අර්බුදයකට ලක් වී ඩොලරයේ අගය වේගයෙන් ඉහළ යෑමක් සිදු වන බවට වන විශ්වාසයක් මේ වන විට ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඇතිව තිබීම නව තත්වයට හේතුව බව මෙම විනිමය ව්‍යාපාරිකයන් පෙන්වා දෙයි.

කෙසේ නමුත් මේ තත්වය අනුව ජවිපෙ ආණ්ඩුවක් පැමිණීම රටේ ආර්ථිකය අනතුරේ හෙළන්නක් බවට මතයක් ආර්ථික හා ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ දැනටම ඇතිව තිබෙන බව මෙයින් පෙනී යයි. පසුගිය සති කිහිපය මුළුල්ලේ කොළඹ කොටස් වෙළඳපොළෙන් කොටස් ඉවත් කරගැනීම වේගවත් වී කඩා වැටීමට බලපා තිබුණේ ද මෙම අවිනිහ්චිතභාවයයි.

මේ අතර ඇතැම් පිරිස් යළි පෝලිම් යුගයක් ඇති වෙනු ඇතැයි බියට භාණ්ඩ තොග රැස්කරමින් සිටින බවත් වාර්තා වේ. මේ සම්බන්ධයෙන් පසුගියදා ජවිපෙ නලින්ද ජයතිස්ස මාධ්‍ය හමුවකදී ජවිපෙ ආණ්ඩුවක දී භාණ්ඩ හිඟයක් හා පෝලිම් යුගයක් ඇති වෙතැයි අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ඒ කෙසේ නමුත් ජවිපෙ හෝ ජාතික ජන බලවේගයේ නායකයින්ට තමන්ගේ පාලනයක දී භාණ්ඩ හිඟ වී යළි පෝලිම් යුගයක් ඇති නොවෙන්න කටයුතු කරන්නේ කෙසේද යන්න ගැන තහවුරු කරන ස්ථිර ප්‍රකාශයක් සිදු කිරීමට හැකිව නැත. විශේෂයෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුම සංශෝධනය කිරීම, බදු කපා හැරීම, අති විශාල සහනාධාර ප්‍රමාණයක් ලබා දීම සහ වැඩි රාජ්‍ය ආදායම් රැස් කර ගැනීම වැනි පොරොන්දු ඉටු කරන්න යෑම ආර්ථිකය කඩා වැටීමට හේතුවක් බවට ආර්ථික විශේෂඥයන්ගේ මතය වී තිබේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us