මම රට භාර ගෙන මේ මට්ටමට ගෙනාවට පස්සේ අනුරලා සජිත්ලා දැන් චාන්ස් ඉල්ලනවා -ජනපති

Published in පුවත්
Thursday, 19 September 2024 09:58

අර්බුදය පැමිණි අවස්ථාවේ පළාගිය සජිත් ප්‍රේමදාසට හෝ අනුර කුමාර දිසානායකට මෙවර අවස්ථාවක් ලබාදෙමින් ඔබේ ජීවිතේ අවදානමකට ලක් කර නොගන්නැයි ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

"රනිල්ට පුළුවන්" ජන රැලියට මිනුවන්ගොඩදී ඊයේ (18) එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

එහිදී අදහද් දැක්වූ ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා,

"2022 රට මහ අවුලකට පත්වුණා. ගෑස් පෝලිමේ, බෙහෙත් පෝලිමේ, ඩීසල් පෝලිමේ හිටියා. පොහොර තිබුණේ නැහැ, ආහාර තිබුණේ නැහැ. සම්පූර්ණ ආර්ථිකය කඩා වැටුණා, ඒ වෙලාවේ දේශපාලනයත් කඩා වැටුණා. අගමැතිත් ආණ්ඩුවත් ඉල්ලා අස්වුණා. කවුරුවත් ආණ්ඩුව භාරගන්න හිටියේ නැහැ. විපක්ෂ නායකතුමා දිව්වා. හර්ෂ ද සිල්වා ප්‍රසිද්ධියේ කිව්වා අපි මේක භාරගන්නේ නැහැ කියලා. අනුර දිසානායකව හොයාගන්නත් බැරිවුණා. ඒ අයට තේරුණේ නැද්ද ඔබේ වේදනාව, පෝලිම්වල හිටපු එක, ඒ වෙලාවේ දුවලා ගියා.

මං මේක භාර අරගෙන, මේ සියල්ලම විසඳුවාට පස්සේ දැන් ඇවිල්ලා කියනවා මටත් දැන් චාන්ස් එකක් දෙන්න කියලා. 21 වැනිදා ඔබේ අනාගතය මේ අයට දෙනවාද? බන්දේසියේ දාලා දීලා ඔබේ අනාගතය නැති කරගන්නවාද? සමහරු කියනවා මාලිමාවට චාන්ස් එකක් දෙමු කියලා. මං අහන්නේ ඔබේ අනාගතය එක්ක චාන්ස් එකක් ගන්නවාද? අනුරට චාන්ස් එක දීලා තමන්ගේ අනාගතය නැති කරගන්න එපා. අපි ඉදිරියට යමු, ඒ වරමයි මං ඉල්ලන්නේ. අන්න ඒකයි 21 වැනිදා කරන්න තියෙන්නේ. අපි දිනනවා...අපි දිනනවා...සිලින්ඩරය ළඟින් කතිරය ගහන්න."

-P.M

 

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us