මැතිවරණ රාජකාරී කටයුතු සඳහා බස් රථ 1,358ක්

Published in පුවත්
Thursday, 19 September 2024 09:47

මෙවර ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ රාජකාරී කටයුතු සඳහා බස් රථ 1,358ක් ලබාදීමට නියමිත බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල හරහා සිදුකර ඇති ඉල්ලීම් පරිදි එම බස් රථ ලබාදීමට කටයුතු කරන බවය.

ඊට අමතරව මැතිවරණයට අදාළ පොලිස් රාජකාරී කටයුතු සඳහා ද බස් රථ 175ක් ලබාදීමට නියමිතව තිබේ.

මේ අතර ඡන්දය භාවිත කිරීම සඳහා ගම්බිම් බලා පිටත් වන ජනතාවගේ පහසුව සඳහා අද (20) සහ හෙට (21) යන දිනවල දුර ගමන් සේවා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේය.

මේ අතර කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර අද දින විශේෂ දුම්රියක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද සහ ලබන 21 වන දින මෙම දුම්රිය කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා ධාවනය කරන අතර හෙට සහ 22 වන දින කන්කසන්තුරයේ සිට කොළඹ දක්වා ධාවනය කිරීමට නියමිත බවය.

කෙසේවෙතත් අනුරාධපුරය සහ මහව අතර මාර්ගයේ පවතින දෝෂ සහිත තත්ත්වය හේතුවෙන් එම දුම්රිය ධාවනයට එක් නොවන බව දුම්රිය රියදුරන්ගේ සංගමය පවසයි.

ලොකමෝටිව් ඔපරේටින් ඉංජිනියර් සංගමයේ ලේකම් චන්දන ලාල් මහතා සඳහන් කළේ, අදාළ මාර්ගය අලුත්වැඩියා කටයුතු නිම කළ ද එහි සංඥා දෝෂ පවතින බවය.

-P.M

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us