ඡන්ද දවසට කටයුතු වෙන ආකාරය ගැන මැතිවරණ කොමිසමෙන් පැහැදිලි කිරීමක්

Published in පුවත්
Thursday, 19 September 2024 09:16

මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පවත්වනු ලබන ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අනිද්දා පැවැත්වීමට නියමිතව තිබේ.

අනිද්දා පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 13,421ක ඡන්ද විමසීම පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඊයේ (18) මධ්‍යම රාත්‍රි 12.00න් අවසන් වු අතර මැතිවරණය පැවැත්වෙන කාලසීමාව දක්වා වු කාලය නිහඬ කාලය ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

මෙම කාලසීමාව තුළ කිසිදු ආකාරයක ප්‍රචාරණ කටයුත්තක් තහනම් වන අතර මැතිවරණ නීති රීති උල්ලංඝනය කරන ඕනෑම පාර්ශයක් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේය.

ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්‍ය සියලු මූලික කටයුතු මේ වන විටත් සැලසුම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

ඡන්ද දායකයෙකු ඡන්ද මධ්‍යස්ථාන වෙත යාමේ දී රැගෙන යා යුතු දේ පිළිබඳව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මෙසේ පැහැදිලි කළේය.

"ඔබ අනිවාර්යෙන්ම හැඳුනුම්පත, නිල ඡන්ද පත්‍රිකාව සමග රැගෙන යා යුතුයි. පුද්ගලයින් ලියාපදිංචි දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ ජාතික හැඳුනුම්පත, ඒ වගේම වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රයක් රැගෙන යා හැකියි. මේ වන විටත් වලංගු බලපත්‍ර එලෙස රැගෙන යා හැකියි. පුජක පක්ෂය වෙනුවෙන් නිකුත් කරන හැඳුනුම්පත භාවිත කළ හැකියි. විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත හා ආබාධිත ඡන්ද දායකයින් සඳහා කොමිසම නිකුත් කළ තාවකාලික හැඳුනුම්පත හෝ කිසිදු හැඳුනුම්පතක් නොමැති නම් ග්‍රාම නිලධාරීවරයා හරහා කොමිසම නිකුත් කළ තාවකාලික හැඳුනුම්පත යන ඕනෑම එකක් ඡන්දය දැමීමට වලංගු වේ."

මෙවර ජනාධිපතිවරණයේ දී තමන්ට කැමති අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ මනාප සලකුණු කිරීමට හැකියාව පවතී.

ඡන්දය සලකුණු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි කරන මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා,

"යම් කෙනෙකුට ඡන්ද භාවිත කිරීමට අවශ්‍ය නම් කතිරය ලකුණ භාවිත කළ හැකියි. පහුගිය මැතිවරණ හා සමානව කතිර ලකුණ කොමිෂන් සභාව පිළිගනු ලබනවා. ඊට අමතරව අරාබි ඉලක්කම් 1 ලකුණ යොදා ඔබට ඡන්දය භාවිත කළ හැකියි. ඔබට යම් අයෙකුට මනාප සලකුණු කරන් අවශ්‍ය වන්නේ, නම් අනිවාර්යයෙන්ම අරාබි ඉලක්කම් 1 සහ අරාබි ඉලක්කම් 2න් එක් මනාපයකුත් අවශ්‍ය නම් මනාප දෙකක් ලකුණු කිරීමේ හැකියාව තියෙනවා. තුනෙන් දෙවැනි මනාපයත් ලකුණු කළ හැකියි. යම් අයෙකුට මනාප ලකුණු කිරීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම ඔබ අරාබි ඉලක්කම් 1,2,3 භාවිත කළ යුතුයි. මෙයින් බැහැරව කුමක් භාවිත කළත් එය ප්‍රතික්ෂේපිත ඡන්දයක් ලෙස සැලකේ."

මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයින් හට ඒවා ලබා ගැනීම සඳහා ලබන සෙනසුරාදා දිනයේ ද තැපැල් කාර්යාල විවෘතව තැබීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසුවේ, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ තුනක් පමණ තැපැල් කාර්යාලවල ඉතිරිව පවතින බවය.

-P.M

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us