සෙල්ලම් බැ ! මැතිවරණ දින සහ මැතිවරණයෙන් පසුත් සමාජ මාධ්‍ය ගැන දැඩි අවධානයක්

Published in පුවත්
Thursday, 19 September 2024 08:40

මැතිවරණ දින සහ මැතිවරණයෙන් පසු ප්‍රචාර කටයුතු අවසන් වුවත්, සමාජ මාධ්‍ය හරහා සිදු කරනා ප්‍රචාරණයන් සම්බන්ධයෙන් දැඩි අවධානයක් ලබා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

සමාජ මාධ්‍ය හරහා මැතිවරණය හා සම්බන්ධයෙන් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්වන ආකාරයෙන් ක්‍රියා කළහොත් ඒ් සඳහා අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.

ඒ් සම්බන්ධයෙන් කටයුතු කිරීමට විශේෂයෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය ඒ සඳහා වෙනම සේවයක් රඳවා තිබේ.

මැතිවරණ කාලසීමාවේත් ඉන් පසුවත් බුද්ධි අංශ මගින් අවශ්‍ය සම්පූර්ණ පරීක්ෂා කිරීම් සිදු කරනු ලබයි.

මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් සමාජ ජාලා හරහා යොමු කළහොත් ඒ් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි.

රටේ සාමයට බාධාවන ආකාරයේ මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය විශේෂයෙන් අවධානයෙන් පසුවන බවත් , එලෙස කටයුතු කරන සමාජ මාධ්‍ය හිමිකරුවන් සම්බන්ධයෙන් සෙවීමට සමාජ මාධ්‍ය ආයතනවල සහාය ලබා ගන්නා බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ පිළිබඳව බුද්ධි අංශ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලීසිය යන ආයතන එක්ව කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us