නිහඬ කාල සීමාවේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය ගැන CID ය දැඩි සීරුවෙන්

Published in පුවත්
Thursday, 19 September 2024 11:51

ජනාධිපතිවරණයට අදාළ නිහඬ කාල සීමාවේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳ සොයා බැලීමට මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ කණ්ඩායමක් යොදා ඇති බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් පියුමි ආටිගල පැවසීය. 

ඇය ප්‍රකාශ කළේ, 5 දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායම සහ නිරීක්ෂණ සංවිධාන මගින් ලබා දෙන වාර්තාවන් අනුව සමාජ මාධ්‍යයෙන් ප්‍රචාරය වන දුෂ් තොරතුරු ඉවත් කර දමන බවයි.

එමෙන්ම මැතිවරණ දින සහ මැතිවරණයෙන් පසු ප්‍රචාර කටයුතු අවසන් වුවත්, සමාජ මාධ්‍ය හරහා සිදු කරනා ප්‍රචාරණයන් සම්බන්ධයෙන් දැඩි අවධානයක් ලබා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ද සඳහන් කලේය. 

ඒ, අනුව ඔහු කියා සිටියේ, සමාජ මාධ්‍ය හරහා මැතිවරණය හා සම්බන්ධයෙන් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්වන ආකාරයෙන් ක්‍රියා කළහොත් ඒ් සඳහා අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවයි.

ඒ් සම්බන්ධයෙන් කටයුතු කිරීමට විශේෂයෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය ඒ සඳහා වෙනම සේවයක් රඳවා ඇති අතර මැතිවරණ කාලසීමාවේත් ඉන් පසුවත් බුද්ධි අංශ මගින් අවශ්‍ය සම්පූර්ණ පරීක්ෂා කිරීම් සිදු කරනු ලබනවා.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us