ඉන්දීය මැතිවරණ ප්‍රතිඵල ටක්කෙටම කී සමීක්ෂණ ආයතනය ලංකාවේ ප්‍රතිඵලයත් කියයි!   Featured

Published in පුවත්
Wednesday, 18 September 2024 15:56

ජනාධිපතිවරණයට දින නියම කළ දිනයේ සිට මේ දක්වා විවිධ සමීක්ෂණ ආයතන මගින් විවිධාකාර වූ සමීක්ෂණ සහ මත විමසුම් නිකුත් කළ අතර ඒවායේ විවිධාකාර ප්‍රතිඵල දැකිය හැකි විය. කෙසේ වෙතත් වෙනත් කිසිදු ජනාධිපතිවරණය නොතිබූ තුන්කොන් සටනක් මෙවර ජනාධිපතිවරණයේදී ඇතිවී තිබීම හේතුකොට ගෙන මේ විවිධාකාර සමීක්ෂණ වාර්තා සිදුකරන ආයතන වලටද නිශ්චිත නිගමනවලට එළැඹීම අසීරු විය.

ඒ අතර එක් එක් දේශපාලන පක්ෂ මගින් සිය අපේක්ෂකයා ප්‍රවර්ධනය කිරීම සහ සිය පාක්ෂිකයින් ප්‍රබෝධමත් කිරීම වෙනුවෙන් සමීක්ෂණ ඉදිරිපත් කරනු දැකිය හැකි වූ අතර මේ හේතුවෙන් විශ්වාසදායක සත්‍යයට අතිශයින්ම සමීප සමීක්ෂණ පවා හඳුනා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති විය.

මේ අතර බ්‍රිතාන්‍යයේ ලියාපදිංචි නෙට් වර්ක් නැමති සමීක්ෂණ ආයතනය පසුගියදා මෙවර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිය සමීක්ෂණ වාර්තාව නිකුත් කොට තිබේ.

මාසයකට අධික කාලයක් මෙරටට පැමිණ මෙරට ජනතාවගේ විවිධ නියැදි ලබා ගනිමින් විශ්වාසනීයත්වය තහවුරු වන ලෙස අදාළ සමීක්ෂණ වාර්තාව නිකුත් කොට ඇති අතර ජාත්‍යන්තර වශයෙන් විවිධ රටවල මැතිවරණ ආශ්‍රිතව සමීක්ෂණ පවත්වා පල පුරුදු ආයතනයක් බැවින් නෙට්වර්ක් ආයතනයේ සමීක්ෂණ වාර්තාව පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රය තුළ සුවිශාල අවධානයක් යොමු වී තිබේ.

පසුගියදා ඉන්දියාවේ පැවති මහ මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය ආසන 400 ඉක්මවා යනු ඇති බවට දේශපාලන විචාරකයින් මෙන්ම සමීක්ෂණ ආයතනද පූර්වකතන ඉදිරිපත් කොට තිබූ නමුත් නෙට්වර්ක් ආයතනය විසින් කරන ලද සමීක්ෂණයේ ලද ප්‍රතිඵලය වූයේ භාරතීය ජනතා පක්ෂය ආසන 230ට සීමා වන බවය.

ලංකාව පුරා සමතුලිත නියැදියකින් ඉදිරිපත් කළ අදාළ වාර්තාව තුළින් මෙරට ජන මතය පිළිබඳව ඔවුන් සිය පුරෝකථනය ඉදිරිපත් කොට තිබේ.

මෙරට ජනාධිපතිවරණය ආරම්භ වූ මොහොතේ සිට අවසාන දින කිහිපය දක්වාම පැවැති බොහෝ සමීක්ෂණවලින් හෙළිදරවී තිබුණේ අනුර කුමාර දිසානායක ඉදිරියෙන් සිටින බවය.

කිසිවිටත් සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ අතර දෙවැනි තැන වෙනුවෙන් තියුණු තරඟයක් පැවති බවක් දක්නට ලැබීම සහ තීරණයක් නොගත් අති විශාල ඡන්ද ප්‍රමාණයක් තිබීම සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කරන්නන්ට ලේසි පහසු නොවීය. කෙසේ වෙතත් නෙට්වර්ක් ආයතනයෙන් විසින් කළ අදාළ සමීක්ෂණ වාර්තාවේ නියැදි ප්‍රකාරව මෙවර ජනාධිපතිවරණයේ ඉදිරියෙන් සිටින්නේ අනුර දිසානායකය. ඔහු 32.9ක ප්‍රතිශතයක් ලබාගෙන සිටි.

එහෙත් දෙවැනි තැනට සිටින්නේ රනිල් වික්‍රමසිංහ ය. 30.11ක ප්‍රතිශතයක් ඔහුට හිමිව ඇති අතර සජිත් ප්‍රේමදාස 24.66ක ප්‍රතිශතයක් ලබාගෙන සිටි.

?ප්‍රධාන අපේක්ෂකයින් දෙන්නෙකුට වැරදුනු තැන.

අපේක්ෂකින් තිදෙනාම සිය ස්ථාවර ඡන්ද පදනම සහ සෘජුවම තමන් වෙත නැඹුරුවෙමින් පවතින ඡන්ද පදනම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ ද, සියයට හතළිහක් ඉක්මවූ නිහඬ ඡන්ද පිළිබඳව අවධානය යොමු කළේ රනිල් වික්‍රමසිංහ පමණි.ඒ පිළිබඳ ඔහු යොමු කළ අවධානයේ ප්‍රතිඵල නෙට්වර්ක් ආයතනයේ විසින් කරනු ලැබූ සමීක්ෂණ වාර්තාවෙන් අපූරුවට හෙළිදරව් වී තිබේ.

?රහස් ඡන්දය වැඩ කළ හැටි!

පසුගිය දිනවල රනිල් වික්‍රමසිංහ සිය මැතිවරණ ව්‍යාපාරයේදී "රහසින් හැමෝම රනිල්ට" යන තේමාව හරහා මැතිවරණ ව්‍යාපාරය දියත් කළ ආකාරයක් දක්නට ලැබුණ අතර අදාළ සමීක්ෂණ වාර්තාවේ ප්‍රතිඵලය මෙසේ වීමට එය සෑහෙන දුරට බලපෑ ඇතැයි දේශපාලන විචාරකයෝ පවසයි. ඊට අමතරව මැතිවරණය ආරම්භ වන මොහොතේ අනුර සජිත් කරටකර තරගයක් පෙන්නුම් කළද මැතිවරණයේ අවසාන දින කිහිපය තුළ රනිල් වික්‍රමසිංහ සූක්ෂම ලෙස ඉදිරියට පැමිණ ඇත.

?සජිත්ගේ පසුබෑම සහ රනිල්ගේ නැගීම.

සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරය පසුබෑමට ලක්වීමට හේතු වී ඇත්තේ අවස්ථා කිහිපයකදී ඔහු මැතිවරණයට අදාල කටයුතු වලදී මගහැර යාම බව යැයි දේශපාලන විචාරකයින් පවසයි. ඊට සාපේක්ෂව රනිල් වික්‍රමසිංහ සමාජ මාධ්‍ය හරහා නව තාරුණ්‍ය සහ නිහඬ ඡන්දදායකයින් ආමන්ත්‍රණය කිරීමද ඔහුගේ ඉදිරියට පැමිණීමට හේතු වී ඇත.

?කාටවත් සීයට පනහ නැහැ!

කෙසේ වෙතත් මෙහි දක්නට ලැබෙන විශේෂම තත්ත්වය වන්නේ අපේක්ෂකයින් තිදෙනාගෙන් කිසිවෙකු සියයට හතළිහේ සීමාව වත් ඉක්මවා නොයාමය.

ඒ අනුව නියත වශයෙන්ම දෙවන මනාපය ගණන් ගැනීමට සිදුවන මැතිවරණයක් බවට මෙවර ජනාධිපතිවරණය පත්වනු ඇති බව නෙට්වර්ක් ආයතනයේ සමීක්ෂණ වාර්තාවෙන් තහවුරු වෙයි.

Network September 18th

Last modified on Thursday, 19 September 2024 16:01

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us