මෙවර යල කන්නයේ දී වාර්තාගත වී අස්වැන්නක්!

Published in පුවත්
Thursday, 19 September 2024 11:42

වෙනත් යල කන්නවල දී මෙන් නොව, 2024 මෙවර යල කන්නයේ දී වාර්තාගත වී අස්වැන්නක් ලැබී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

සාමාන්‍යයෙන් මෙරට වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 1.6ක් හෝ මෙට්‍රික් ටොන් මිලියන 02ක් වැනි ප්‍රමාණයක් වාර්තා වී තිබෙන අතර , මෙවර වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 2.6ක් දක්වා ඉහළයාම නිසා රටට අවශ්‍ය වාර්ෂික සහල් ප්‍රමාණය සපුරා ගැනීමට ප්‍රමාණවත් වන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියා සිටී.

අපේ රටේ මාසික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 200,000කි.

ඒ අනුව වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් මිලියන 2.4ක් පමණ වේ.

පසුගිය මහ කන්නයේ දී මෙට්‍රික් ටොන් මිලියන 3.2ක වී අස්වැන්නක් ලැබීම හා මෙවර යල කන්නයේ වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 2.6ක වී අස්වැන්නක් ලැබීම නිසා මෙම වසරේ සමස්ත වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 5.8ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවද දෙපාර්තමේන්තුව පවසයි.

එමගින් නිෂ්පාදනය කර ගත හැකි සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 03 ඉක්මවනු ලබන බවත් , මේ හේතුවෙන් වසර ගණනාවකින් පළමුවරට මෙරට සහල් අතිරික්තයක් මෙම වසර තුළ වාර්තා වී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

රජය විසින් පොහොර සහනාධාරය ලබා දීම මෙන්ම පොහොර මිල අඩුවීම, වැඩි අස්වැන්නක් ලබා ගත හැකි නව බීජ විශේෂ හඳුන්වා දීම හා නව තාක්ෂණික ක්‍රම හදුන්වා දීම නිසා ඇතැම් වී වගා කලාපවලින් ඉහළම අස්වැන්නක් වාර්තා කර තිබෙන බව සඳහන් වේ.

නිදසුන් ලෙස හම්බන්තොට, උඩවළව, අම්පාර, පොලොන්නරුව හා රත්නපුර යන ප්‍රදේශවලින් හෙක්ටයාර් එකකට ලබන වී අස්වැන්න මෙට්‍රික් ටොන් 12 ඉක්මවා ලැබී තිබෙන බව පෙන්වා දේ.

මේ නිසා මෙම වර්ෂය තුළ සහල් ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බව සඳහන් කළ අමාත්‍යවරයා මෙවර යල කන්නයේ දී ගංවතුර නිසා හෙක්ටයාර් අක්කර ලක්ෂයක් පමණ වගා හානි සිදු නොවිනි නම් අස්වැන්න මීටත් වඩා ඉහළයාමට ඉඩ තිබු බව ද පෙන්වා දෙනු ලැබීය.

 

- LNW 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us