ආන්දෝලනාත්මක 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රය පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) සැලසුම් අංශයේ අධ්‍යක්ෂවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආචාර්ය නන්දික සනත් කුමානායක ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ.

ජනාධිපතිවරණයේ ජයග්‍රහකයා ලෙස අනුර කුමර දිසානායක පත් විය. බහුතර ඡන්ද දායකයාගේ ජන වරමක් නොවුණත්, සුළුතරය අතරින් සුළුතරයේ බහුතරය අත්පත් කරගැනීමක් වුණත් ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා ඔහුය. ඉදිරි වසර 5 ඔහුගේ විධායක බලය ප්‍රකාරව රට පාලනය වෙනු ඇත.

මෙරට 9 වන විධායක ජනාධිපති ලෙස තේරි පත් වුණු අනුර කුමාර දිසානායක මහතා වෙත හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් එක් කර තිබේ.

මෙරට 9 වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වී තිබේ.

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජපක්ෂ සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ එම පවුලේ අඹුදරුවන් ඇතුළු සාමාජිකයන් ගනනාවක් විදේශ ගතව ඇත. මේ අනුව මෙරට තුළ තවමත් රැදී සිටින්නේ මහින්ද සහ නාමල් පමණක් බව දැනගැනීමට ඇත.

පුද්ගලික බැදුම්කර හිමියන් සමඟ වූ සාකච්ඡා ද අවසන් කරමින් රට බංකොලොත්භාවයෙන් නිදහස් කර ගැනීමට අදාළ සියලු සාකච්ඡා මේ වන විට සාර්ථකව අවසන් කර තිබෙන බවත්, රට බංකොලොත්භාවයෙන් නිදහස් බවට වන නිල පිළිගැනීම නුදුරේදීම හිමිවීමත් සමඟ රට ඉදිරියට ගෙන යාමේ වේගවත් සැලැස්ම ක්‍රියාවට නංවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පෑලියගොඩ මැනිං වෙළඳපොළට ඇතුළුවන මාර්ගයේ මේ වනවිට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙන බව වාර්තා ව‌ේ

තමන්ගේ දරුවන්ට වස පොවා මිය යන තෙක් තුටුව බලා සිටින්න හැකි නොමිනිස්සු ඉන්න රටක් මේක. දැන් මේ රට ගෙවමින් තිබෙන්නේ එවැනි නොමිනිසුන් ගහනයක් සමඟ සබුද්ධික මිනිසුන් මාරාන්තික සටනක නියැලෙන මොහොතක්ය. මෙවර ජනාධිපතිවරණය කියන්නේ එවැනි නොමිනිසුන් සහ මිනිසුන් අතර තීරණාත්මක සටනකි. අතිශය අවදානම් සහගත මොහොතකි. ඒ නිසා යළි වැරදුනොත් යළි සකස් කරන්න බැරි තීරණ ගැනීම, වැළැක්විය යුතු මොහොතකි. මුග්ධ තීරණ නිසා දරුවන් මිය ගිය පසු නැවත පණ දෙන්නට නොහැක. දරුවන් රැක ගැනීමේ අරගලයක් සිහි බුද්ධිය ඇති මිනිසුන් සටන් කරන්නේ ඒ නිසාය.

අද (20) දිනයේ සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Connet With Us