මෙය අමුත්තක් නොවේ. මේ අය හැමදාම කළේ තමන්ට අවාසියක් අලාභයක් වන විට තමන්ගේ පාක්ෂික ජනතාව අතරමංකර රටින් පැන යාමය. පොදුජන පෙරමුණු පාක්ෂිකයන් රාජපක්ෂලා අත් හැරියේ මේ තුච්ඡ කම නිසාය. පසුගිය අරගල සමයේ දී අඩුම තරමින් තමන් සමඟ සිටි මැති ඇමතිවරුන්ගේ ජීවිත දේපොළ රැක දීම වෙනුවෙන්වත් මේ අය පෙනී සිටියේ නැත. විධායක බලයක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් සහිතව සිටියදීත් තමන් ගේ ආරක්ෂාව ගැන සිතුවා මිසක් තමන් වෙනුවෙන් පෙනී සිටි කිසිවකු ගැන තැකීමක් කළේ නැත.
මේ අනුව පොදු ජන පෙරමුණේ සාතිශය බහුතරයක් මැති ඇමැති වරු මෙන්ම 69 ලක්ෂයක් වූ පාක්ෂිකයනුත් රාජපක්ෂලාව අත් හැර දමා තමන් වෙනුවෙන් නිර්භිතව පෙනී සිටි ජනාධිපති රනිල් සමඟ සිට ගැනීම අරුමයක් නොවේ. ඔහු නීතියට අනුව, ඔහුට තිබුණු බලය අනුව ක්‍රියාත්මක වීමෙන් රට තුළ පැතිරුණු ත්‍රස්තවාදී ක්‍රියා මැඩ පවත්වා රටේ සාමය ආරක්ෂා කිරීමට පියවර ගත් අතර රට අරාජික වන්නට ඉඩ තැබුවෙත් නැත. එසේම රාජපක්ෂලා බංකොලොත් කළ රට යළි ගොඩ දැමීමටද සමත් විය. පොදුජන පෙරමුණේ සහ අනෙක් සියළු පක්ෂ වල පාක්ෂිකයාට නැවත නිදහසේ දේශපාලනය කිරීමේ අයිතිය සුරක්ෂිත කිරීමද කළේය.
මේ අතර වැදගත්ම දෙයක් සිදු විය. එතෙක් මෙතෙක් කාලයකට මෙරට නොතිබුණ දූෂණයට එරෙහි නව නීති රීති රැසක් සම්මත කර ගැනීම සහ රටේ නීතිය නියමාකාරයෙන් ක්‍රියාත්මක වීමට ඉඩ හැරීමය. දේශපාලනික බලපෑම් වලින් අධිකරණ ක්‍රියාවලියට බාධා කිරීමට ඉඩ තැබුවෙත් නැත. එසේ වූවා නම් ජනාධිපතිවරයාගේ තීන්දු තීරණ වලට එරෙහිව නීතියට ක්‍රියාත්මක වන්නට නොහැකිය. කෙහෙළිය රඹුක්වැල්ල වැනි කැබිනට් ඇමැතිවරුන්ට සිරගත වන්නට සිදු වන්නේ නැත.
මේ වන විට අල්ලස හා දූෂණය තුරන් කිරීමේ අරමුණින් වත්මන් රජය විසින් දූෂණ විරෝධී පනත ඇතුළු නීති රැසක් මෙරට නීති පද්ධතියට හඳුන්වා දෙනු ලැබ ක්‍රියාත්මක වෙමින් තිබෙන තත්වයන් යටතේ දූෂිතයන් බිය වීම සාධාරණය.
විශේෂයෙන් දූෂණ විරෝධී පනත බලගැන්වීම හරහා දේශපාලනඥයන්,රාජ්‍ය නිලධාරීන් හා මහජනතාව සම්බන්ධයෙන් වන චෝදනා වලට නිසි පිළිතුරු ලබා දීමට හැකි වනු ඇත.
මේ අනුව කවුරු රට පැන්නද නීතියෙන් බේරීමේ හැකියාවක් දැන් නැත. .