මේ අතර එක් ප්‍රධාන අපේක්ෂකයෙක් සිය මාධ්‍ය කණ්ඩායමට උපදෙස් දී ඇත්තේ තමන් දරුවා සමග සිටින පවුලේ වීඩියෝ සහ ඡායාරූප හැකි තරම් සමාජ මාධ්‍ය තුළ පළ කරන ලෙසය.
ඒ හරහා අනුකම්පාව සහ දයාව ගොනු කර ගැනීම උදෙසාත් ඒ තුළින් සංවේදී ජන කොටස්වල ඡන්දය ලබා ගැනීම උදෙසාත් හැකියාව පවතිනු ඇතැයි ඔහුගේ මිතුරන් ඔහුට උපදෙස් දී තිබේ.
ඒ අනුව මේ වන විටත් සමාජ මාධ්‍ය සහ ෆේස්බුක් තුළ ඔහු බිරිඳ සහ දියණියගේ වීඩියෝ සහ ඡායාරූප පලවන්නට පටන්ගෙන තිබේ.