අනුර කුමාර දිසානායක නව වැනි ජනාධිපතිවරයා ලෙස හෙට උදෑසන වැඩ භාරගනී   Featured

Published in පුවත්
Sunday, 22 September 2024 20:04

මෙරට 9 වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වී තිබේ.

ඒ අනුව ඔහු හෙට උදෑසන (23) වැඩ භාරගැනීමට නියමිතය.

අනුර කුමාර දිසානායක 1968 නොවැම්බර් මස 24 වනදා උපත ලබන්නේ, මාතලේ දේවහූව ග්‍රාමයේදීය.

ඒ දිසානායක මුදියන්සේලාගේ රන්බණ්ඩා සහ දිසානායක මුදියන්සේලාගේ සීලවතී යුවළට දාවය.

දිසානායක පවුලේ දෙවැනියා වූ අනුර මූලික අධ්‍යාපනය සඳහා තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයට ඇතුළත් වෙයි.

සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත්වන මෙම සිසුවා උසස් පෙළ හැදැරීම සඳහා ඇතුළත්වන්නේ, තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයටය.

එහිදී විද්‍යා - ගණිත අංශයෙන් උසස් පෙළ සමත්වන ඔහු කැලණිය විශ්වවිද්‍යාලයට තේරී පත්වන්නේ, 1992 දීය.

1987දී පාසල් ශිෂ්‍යයෙකු ලෙස ඉන්දු - ලංකා ගිවිසුමට එරෙහිව සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයෙකු වූ අනුර සරසවි භූමිය තුළ ද කැපීපෙනෙන දේශපාලන චරිතයක් බවට පත්වෙයි.

එහිදී ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධිත සමාජවාදී ශිෂ්‍ය සංගමය නැවත ගොඩනගන අනුර සරසවි සිසුන් අතර ආකර්ෂණය දිනාගත්තේ ''අරවින්ද'' යන නාමයෙනි.

එපමණක් නොව ඔහු කැලණිය විශ්වවිද්‍යාලයීය බෞද්ධ සංගමයේ සභාපති ධුරය ද හොබවනු ලබයි.

අනුර කුමාර දිසානායක සිය උසස් අධ්‍යාපනය නිමකරමින් 1995 දී විශ්වවිද්‍යාලයෙන් පිටවන්නේ, විද්‍යාවේදී උපාධිධාරියෙකු වශයෙනි.

අනුරගේ දේශපාලන ගමන් මඟ තීරණාත්මක සංධිස්ථානයක් සනිටුහන් කරමින් 1997 දී ඔහු ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට තේරී පත්වෙයි.

ඉන් වසරකට පසු එනම් 1998 දී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයට ඇතුලත් වීමට අනුර කුමාරට වරම් හිමිවෙයි.

ඔහු පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ 2000 වසරේදීය.

ඒ එම වසරේ පැවැති මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙනි.

ඔහු යළි 2004 වසරේදී කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවක් ද ලබා ගනිමින්.

2004 වසරේදී පිහිටුවන ලද එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍ය ධුරයේ කටයුතු කළ අනුර කුමාර දිසානායක එදා මෙදා තුර ලාංකේය දේශපාලන ඉතිහාසයේ අත්නොවිඳි විසල් ආදර්ශයක් රටට ලබාදීමට කටයුතු කළේය.

අනුර කුමාර දිසානායක මහතාගේ දේශපාලන ගමන් මගේ ඉතා තීරණාත්මක සංධිස්ථානයක් සනිටුහන් කළේ 2014 වසරේ පෙබරවාරි මස 2වනදා පවත්වන ලද ජනතා විමුක්ති පෙරමුණේ 7වන ජාතික සම්මේලනයේදීය.

එදින ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය සෝමවංශ අමරසිංහගෙන්, අනුර කුමාර දිසානායක මහතා වෙත පැවරුණි.

2024 ජනාධිපතිවරණයේ පළමු ගණන් කිරීමේදී අනුර කුමාර දිසානායක ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 5,634,915කි. එය ප්‍රතිශතයක් ලෙස 42.31%කි.

දෙවෙනියට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන සිටින සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 4,363,035ක් වෙයි. එය ප්‍රතිශතයක් ලෙස 32.76%කි.

රනිල් වික්‍රමසිංහ මහතා හිමිකරගෙන සිටි ඡන්ද සංඛ්‍යාව 2,299,767කි. එය ප්‍රතිශතයක් ලෙස 17.27%කි.

පළමු වටයේ ගණන් කිරීම අනුව කිසිඳු අපේක්ෂකයෙකු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50%ක් ලබාගෙන නොමැති බැවින් දෙවෙනි මනාපය ගණන් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කළේය.

ඒ අනුව දෙවැනි මනාප ගණනය කිරීමෙන් අනතුරුව ද ඔහු බහුතර ඡන්ද සංඛ්‍යාවකට හිමිකම් පැවේය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us