අනුරට තවත් අභියෝගයක්. දේශපාලන අර්බුදයක් කට මුල. Featured

Sunday, 22 September 2024 21:21

ජනාධිපතිවරණයේ ජයග්‍රහකයා ලෙස අනුර කුමර දිසානායක පත් විය. බහුතර ඡන්ද දායකයාගේ ජන වරමක් නොවුණත්, සුළුතරය අතරින් සුළුතරයේ බහුතරය අත්පත් කරගැනීමක් වුණත් ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා ඔහුය. ඉදිරි වසර 5 ඔහුගේ විධායක බලය ප්‍රකාරව රට පාලනය වෙනු ඇත.

කෙසේ නමුත් ජනාධිපතිවරයකුට ඔහුගේ අභිමතය පරිදි රටක පාලනය මුළුමනින්ම හිමි නොවේ. පාර්මේන්තු බලයද ඊට අත්‍යාවශ්‍යය. තමන්ට පක්ෂපාත බහුතරයක් සහිත පාර්ලිමේන්තුවක් අවශ්‍යය. තමන්ගෙ දේශපාලන ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට නම් තමන්ගෙ කණ්ඩායමෙ අගමැතිවරයකු සහ කැබිනට් මණ්ඩලයක් අවශ්‍යය.

අනුර කුමාර මීලඟට මුහුණ දෙන අභියෝගය වන්නෙ තමන්ගේ පාර්ලිමේන්තු බලය ගොඩනගා ගැනීමය. එහෙත් එය හිතන තරම් පහසු නොවනු ඇත. තමන් බලයට පත්වූ සැනින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වන බව ඔහු මීට පෙර සපත කර තිබිණි. ඒ තමන්ගේ ජාතික ජන බලවේගයට පැහැදිලි බහුතරයක් සහිත පාර්ලිමේන්තුවක් ගොඩ නඟා ගැනීම වෙනුවෙනි.

අනුර කුමාර ජනාධිපතිවරණයේ දී සියයට 50 ඉක්මවා පැහැදිලි බහුතරයක ජන වරමක් ලබා ගත්තෙ නම් එළැඹෙන මහ මැතිවරණයේදී බහුතරයක් සහිත ආණ්ඩුවක් ඔහුගේ ජාතික ජන බලවේගයට දිනා ගැනීමේ අවස්ථාවක් තිබිණි. නමුත් මේ වන විට සියයට 42 ක ඡන්ද ප්‍රතිශතය එ් ගැන තිබෙන බලාපොරොත්තු පසු පසට ඇද දමා තිබේ.

parliamentariansmanthri.lk වෙබ් අඩවිය විසින් මෙවර ජනාධිපතිවරණයේ ඒ ඒ අපේක්ෂකයා ගත් ඡන්ද ප්‍රතිශතයන් අනුව ය මහ මැතිවරණයට ආදේශ කළ විට ලැබිය හැකි මන්ත්‍රී ආසන ගනන පෙන්වා දී තිබිණි. එ් අනුව අනුර කුමාර පාර්ශ්වයට ලැබිය හැකි වන්නේ මන්ත්‍රී ආසන 105 ක් පමණි.

නමුත් සත්‍ය වශයෙන්ම එම ප්‍රතිපලය මහ මැතිවරණයකදී ලැබිය හැකි වීම අවිනිශ්චිතය. මන්ද ජනාධිපතිවරයා ලෙස බහුතරය නොලැබීම මත ඔහුට සිදු කළ හැකිව තිබූ ඉහළ ප්‍රචාරකවාදී මැතිවරණ ව්‍යපාරය සීමා වී පවතී. එමෙන්ම මහ මැතිවරණයකදී ඡන්ද දායක හැසිරීම දිස්ත්‍රික් වශයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයන් මත වෙනස් වීම සිදු වේ. ඒ අනුව වඩා ජනප්‍රිය, විශ්වාස වන්ත, ජනතාව සමඟ සම්බන්ධතාවය ඉහළ අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම විය යුතුය. ජාතික ජන බලවේගය තුළ එවැනි අපේක්ෂකයන් හිඟය. ජවිපෙ නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන් හැරුනු විට ජාතික ජන බලවේගය තුල එවැනි ජනපදනමක් සහිත ජනප්‍රිය චරිත සීමා සහිතය. මේ තත්වයන් මහ මැතිරණයේදි බහුතරයක් දිනාගැනීමේ අවස්ථාවන්ට බාධා කරනු ඇත.

එමෙන්ම අනෙක දේශපාලන කණ්ඩායම් වලින් ඉදිරි පත් කරන අපේක්ෂකයන් වඩා බලවත් වුවහොත් එහි බලපෑමත් ජාජබයට ඇතිවේ. රටේ ජනාධිපතිවරයා ‍තෝරාපත් කර ගැනීමේ දි ප්‍රධාන අපේක්ෂකයන් වෙත ඡන්ද දායකය ආකර්ශනය වීම, මහ මැතිවරණයේ දී ප්‍රාදේශීය නායකයන් කෙරේ බෙදී වෙන් වීම සිදුවේ. ඒ අනුව අනුර කුමාර ලත් ඡන්ද ප්‍රමාණය අනුව අනුමාන කරන ආසන 105 ක් ඉදිරි මහ මැතිවරණයේ දී ලැබීම විය නොහැකි දෙයකි. එමෙන්ම සමානුපාතික නියෝජනය යටතේ මන්ත්‍රී ආසන බෙදී යාම තුළත් බහුතර ඡන්ද ලබා ගැනීම අනුවම ආසන ලැබෙන්නේ නැත. මේ නිසා ලැබෙන මන්ත්‍රී ආසන ගනන තවදුරටත් සීමා වීමක් වේ.

ඉදිරි දින කිහිපය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යෑම සිදු නොවේ නම්, ජාතික ජන බලවේගය ඉදිරි මහමැතිවරණයට මුහුණ දීමට ප්‍රථම අනුර කුමාර ජනතාවට පොරොන්දු වූ දේවල් ඉටු කිරීමේ පියවරයන් ගැනීමත් විය යුතුය.

මේ සියලු සාධක අනුව පාර්ලිමේන්තුවේ බහුතර බලයක් දිනා ගැනිමේ හැකියාව අනුර කුමාර ජනාධිපතිවරයාට නොහැකි වුවහොත් දේශපාලනික අර්බුදයක් හට ගැනීම වැලැක්විය නොහැක.

සුළුතර ආණ්ඩු බලයක් සහිතව, විපක්ෂ කණ්ඩායම් වල අභියෝගයක් නොමැති නම් ආණ්ඩුවක් කිරීමේ හැකියාවක් තිබිය හැකි වුවත්. තමන් ජනතාව හමුවේ පොරොන්දු වූ වෙනස් කම ඉ‍ටු කිරීමෙ හැකියාව අතිශය සීමා කරයි. විශේෂයෙන්ම මෙරට ආර්ථික අර්බුදය තවමත් හොල්මන් කරමින් සිටින වකවානුවක ආණ්ඩුවට ගත යුතු වන වැදගත් නීති සම්මතයන් සිදු කර ගැනීමට බාධා කරයි. එසේම දැනට ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණයන් ඉදිරියට ක්‍රියාත්මක කිරීමටත්, ඉදිරි මාස දෙක තුන තුළදී ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ගිවිසුම් ගනනාවකට අත්සන් කිරීමට සිදු වන අතර ඒ සඳහා පිවිසීමට අවශ්‍ය කරන පාර්ලිමේන්තු අනුමැතියන් ආදිය වැදගත් වේ. එසේම නුදුරේම 2025 වසර වෙනුවෙන් අය වැය යෝජනාවලිය සම්මත කිරීම විය යුතු අතර ඒ සඳහා බහුතර බලය අනිවාර්ය වෙයි.

බහුතර බලය අහිමි ආණ්ඩුවක් පවත්වාගෙන යෑම පහසු කාරණයක් නොවන බව මෙරට පාර්ලිමේන්තු දේශපාලනය තුළ ඔප්පු කර ඇති දෙයකි. ආණ්ඩුවක් ගන්නා සෑම තීරණයකටම විරුද්ධ වන විපක්ෂ දේශපාලනය මෙරට සාමාන්‍ය දෙයකි. අනුරලා මීට පෙර සිදු කළේ ද ඒ නොදියුණු දේශපාලනයය. මේ අනුව එහි වාඩුව ප්‍රතිප්‍රහාරයන් ලෙස අනුරලාට එල්ල වීම විය හැකි දෙයකි.

අනුරලාගේ දේශපාලනය තුළ තමන්ගෙ කණ්ඩයම හැර අනෙක් සියලු දෙනා දුෂිතයන් වංච කරුවන් ලෙස හංවඩු ගැසීම තුල අනෙක් පාර්ශ්වයක සහයෝගය ලබා ගැනීමත් සිතන තරම් ලෙහෙසි නොවනු ඇත. විශේෂයෙන්ම ජාතික ජන බලවේගයේ පාක්ෂික බහුතරය ඊට කිසිසේත් එකඟ නොවනු ඇත. මේ තත්වයන් කළමණාකරණය කරගෙන ආණ්ඩුව ගෙන යාමේ අභියෝගය අනුර මත පැටවෙන අමතර පීඩනයක් වෙනු ඇත.

කොහොම නමුත් ස්ථාවර ආණ්ඩු බලයක් අත් පත් කර ගැනීමට අනුරට නොහැකි වුවහොත් සිදු විය හැකි බරපතල තත්වයෙන් ගේ ප්‍රතිපල බුක්ති විඳින්න වන්නෙ සමස්ථ ජනතාවටය.

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us