මහ බැංකු අධිපතිව ඉවත් කරන්න බැහැ. ඉවත් වෙන්නෙත් නැහැ. Featured

Tuesday, 24 September 2024 09:27

පසුගියදා පැවති ඡන්ද විමසීමෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්වී අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත් වීමත් අගමැති දිනේෂ් ගුණවර්ධන ඇතුළු කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීමත් සිදුව තිබෙන තත්වය ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී නන්දලාල් වීරසිංහ සිය ධුරයෙන් ඉවත් වෙනු ඇති බව හෝ ඔහුව ඉවත් කරනු ඇති බවට රාවයක් පැතිර තිබේ.

විශේෂයෙන් ම ජාතික ජන බලවේගයේ මැතිවරණ කතා තුළ අධිපතිවරයාව ඉවත් කිරීමට පියවර ගන්නා බවට ඇතැමුන් ප්‍රකාශ කර තිබීම මෙම කතා බහට හේතුවක්ව ඇත.

කෙසේ නමුත් ජනාධිපතිවරයා වෙනස් වීම මත සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට හේතුවක් තමන් නොදකින බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවියට ප්‍රකාශ කර තිබිණි. ඒ අතර තමන්ට එල්ල වන පීඩනය හමුවේ ඔහු ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් පසුව එම තීරණය ඉවත් කර ගන්නා ලෙස නව ජනාධිපතිවරයා දැඩි ඉල්ලීමක් කිරීම නිසා තවදුරටත් තනතුරේ කටයුතු කරන්න තීරණය කළ බවටත් කතාවක් පැතිර යමින් තිබේ.

කෙසේ නමුත් ජනාධිපති අපේක්ෂකයන් වන සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාම තමන් ජයග්‍රහණය කළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගනුදෙනුව පිළිබඳව නැවත සාකච්ඡා කරන බවට පොරොන්දු වී තිබිණි. එසේම මහ බැංකුවේ ස්වාධිනත්ව ප්‍රශ්න කිරීමට හා එහි කටයුතු ගැන විවේචනයට ලක් කර තිබිණි.

මේ නිසා විශේෂයෙන්ම අනුර හිතවාදීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒජන්තයකු ලෙස මහ බැංකු අධිපතිවරයා හංවඩු ගැසීමකටත් එවකට ජනාධිපති රනිල්ට පක්ෂපාතිව දේශපාලනික කටයුත්තක නියැලෙන බවටත් චෝදනා කිරීම් සමාජ මාධ්‍ය වල තිබිණි. මේ අනුව නන්දලාල් වීරසිංහව පළමු පැයේදීම ඉවත් කිරීමට නව ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි එම පාක්ෂිකයන් බලාපොරොත්තු වූ අතර මේ වන විටත් එවැන්නක් සිදු වෙනු ඇති බවට මත පලකරමින් තිබේ.

ඒ කෙසේ නමුත් පවත්නා නීතිය අනුව ජනාධිපතිවරයාට හිතු මතෙහි මහ බැංකු අධිපතිවරයකු ඉවත් කළ නොහැක.

මහ බැංකු අධිපතිවරයා පත් කරනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව රටේ ජනාධිපතිවරයා විසිනි. එම ධුර තාලය වසර 6 ක් වේ. 2022 ජුලි 01 වැනිදා සිට නව මහ බැංකු අධිපතිවරයා නැවත් පත් කිරීම සිදු විය. ඒ අනුව තවත් වසර 4 ක කාලයක් ඔහුට තිබේ. මහ බැංකු අධිපතිවරයා ධුර කාලය ඉක්මවා යෑමට පෙර ඉවත් කරන්නේ නම් ඒ කවර හේතු මතද ඒ සිදු කරන්නේ කෙසේ ද යන්න සම්මත කළ නීතිමය ක්‍රමවේදයක් පවතී.

නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපති ලෙස මුල් වරට පත් කරනු ලැබුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිනි. ඒ එවකට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ ඉල්ලා අස්වීමෙන් වූ පුරප්පාඩුවටය. ඒ අනුව යම් හෙයකින් සිටින මහ බැංකු අධිපතිවරයෙක් එම වසර හයක ධුර කාලය සම්පූර්ණ වීමට පෙර ඉල්ලා අස්වුවහොත් ඒ වෙනුවට නව මහ බැංකු අධිපතිවරයෙක් පත් කරන්නේ අලුතින් වසර හයකට නොව එම වසර හයක මහ බැංකු අධිපති ධුර කාලයේ ඉතිරි කාලයටය. ඒ අනුව 2022 අප්‍රේල් 07 වැනිදා ලැබු පත්වීම අනුව ඔහුට මහ බැංකු අධිපති ලෙස කටයුතු කිරීමට හැකි වූයේ හිටපු මහ බැංකු අධිපති ධුර කාලයේ වසර හය අවසන් වන 2022 මැයි මස 30 දිනෙන් දක්වා පමණි. ඉන් පසුව ජනාධිපති රනිල් ව්‍යවසථා සභාවේ අනුමැතිය යටතේ යළි 2022 ජුලි 01 වැනිදා සිට නව මහ බැංකු අධිපතිවරයා ලෙස වීරසිංහ මහතාව පත් කරන ලදී.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි වසර දෙකහමාරක කෙටි කාලයට මහ බැංකු අධිපතිවරුන් තිදෙනෙක් පත් කර ඇත. ඒ මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්, අජිත් නිවාඩ් කබ්රාල් සහ වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් ය.

කෙසේ නමුත් ශ්‍රී ලංකා මහබැංකුවට අලුත් මුහුණක් නොවන ආචාර්ය නන්දලාල් වීරසිංහ මීට පෙර ද ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ලෙස කටයුතු කළේය.

ආචාර්ය නන්දලාල් වීරසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ අවධියේ 2011 සැප්තැම්බර් මස 27 වැනිදා ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ලෙස උසස්වීමක් හිමිවූ අතර එම ධුරයේ රාජකාරී අරඹනු ලැබුවේ 2012 සැප්තැම්බර් මස 01 දා ය.

ඔස්ට්‍රේලියාවේ ජාතික විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යා ආචාර්ය උපාධිය හා පශ්චාත් උපාධිය හිමි කර ගත් ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙකි.

ආචාර්ය වීරසිංහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති කමිටුවේ හා විදේශ සංචිත කළමණාකරන කමිටුවේ සහාපතීත්වය දැරූ අතර ආර්ථික පර්යේෂණ, සංඛ්‍යාන, ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු, දේශීය කටයුතු, සාර්ව විචක්ෂණ අධ්‍යයන සහ අධීක්ෂණ, විනිමය පාලන, ව්‍යවහාර මුදල් හා සන්නිවේදන යන දෙපාර්තමේන්තු භාර නියෝජ්‍ය අධිපති ලෙස කටයුතු කළේය.

2010 ජනවාරි මස සිට 2012 අගෝස්තු මස දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා භූතානය භාර විකල්ප විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කිරීමට මහ බැංකු සේවයෙන් මුදා හැරුනු ආචාර්ය වීරසිංහ, එම තනතුර සඳහා පත්වීමට ප්‍රථමයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයකු හා ප්‍රධාන අර්ථශාස්ත්‍රඥ මෙන් ම ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස ද 2007 සිට 2009 වර්ෂය දක්වා කටයුතු කළේ ය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පශ්චාත් උපාධිය සඳහා බාහිර කථිකාචාර්යවරයකු ලෙස සම්බන්ධ වී ඇති ආචාර්ය වීරසිංහ මැලේසියාවේ සියසන් මධ්‍යස්ථානයේ බාහිර පර්යේෂණ අර්ථශාස්ත්‍රඥයකු ලෙස 2000 සිට 2004 වසර දක්වා කටයුතු කර ඇත.

ඔහු ඔස්ට්‍රේලියන් නැෂනල් යුනිවර්සිටි හි ක්‍රෝෆර්ඩ් ස්කූල් ඔෆ් පබ්ලික් පොලිසි හි ව්‍යවහාරික සාර්ව ආර්ථික විශ්ලේෂණ මධ්‍යස්ථානයේ උපදේශක මණ්ඩලයේ සාමාජිකයකු ලෙස කටයුතු කරයි.

ආචාර්ය නන්දලාල් වීරසිංහ ආර්ථික සංවර්ධන කළමනාකරණය හා බලශක්ති ජනනය පුළුල් කිරීමට අදාළ කැබිනට් අනු කමිටු කිහිපයක් නියෝජනය කර ඇත.

තව ද ඔහු මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ මූල්‍ය පද්ධති අධීක්ෂණ කමිටුවේ සාමාජිකයකු ලෙස බලශක්තිය මිලට ගැනීම සම්බන්ධ ගිවිසුම් සමාලෝචනය කිරීම ද සිදු කර ඇත.

එමෙන්ම, පෞද්ගලික අංශය සංවර්ධනය කිරීම සඳහා වූ වෙළෙඳපොළ වැඩසටහනෙහි පාලන කමිටුවේ හා ඛනිජ තෙල් පිරිපහදු කිරීමේ ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක කමිටුවේ සමාජිකයකු වශයෙන් කටයුතු කර ඇත.

සුනිත්‍ය බලශක්ති අධිකාරියේ හා ආයෝජන මණඩලයේ කලමනාකාරීත්ව මණ්ඩලයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කර ඇත.

ඔහු චීනය හා සිංගප්පූරුව සමඟ මූල්‍ය සේවාවලට අදාළ ද්විපාර්ශ්වික වෙළෙඳ හා සේවා ගිවිසුම් පිළිබඳ සාකච්ඡා පැවැත්වීමේ දී ප්‍රධානත්වයක් ගත්තේය. 


ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම් වල හොඳම මහ බැංකු අධිපතිවරුන් කිහිප දෙනා අතරට මෑතක දී තේරි පත් වුයෙත් 

පසුගිය දෙවසර තුළ ඔහු සිදු කළ කාර්යභාරයේ විශිෂ්ටත්වය නිසාය.

ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ ඒ කළමනාකරණය කර ගැනීමේ ප්‍රශස්ත පියවරයන් ගැනීම මෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එකඟතාවයන්ට පැමිණීම, ණය ප්‍රතිව්‍යුහගත කරණය කිරීම වැනි අතිශය සංකීර්ණ දුෂ්කර කටයුත්තට මැහ බැංකු අධිපතිවරයා දැක්වූ ඉහළ දායකත්වය නොවන්න රට තවමත් අර්බුදය තුළ ගිලී සිටිනවාට සැක නැත.

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us