තාවකාලිකව අගමැති ලෙස හරිණිව පත් කිරීම ‌ඓතිහාසික වැඩක්ද? Featured

Tuesday, 24 September 2024 15:39

නව කැබිනට් මණ්ඩලය අද (24) දින දිවුරුම් දීම සිදු කර ඇත. ඒ අනුව නව අගමැතිවරයා ලෙස හරිණි අමරසූරිය පත් කර ඇත. එමෙන්ම නව රජයේ අමාත්‍ය මණ්ඩලයද දිවුරුම් දීම සිදුවන අතර නව අමාත්‍ය මණ්ඩලය යටතට අමාත්‍යාංශ 15ක් ගැසට් කිරීමට නියමිත බව වාර්තා වේ.

කෙසේ නමුත් මෙම කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයාද ඇතුළුව ජාතික ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී තිදෙනා සමඟ සිව් දෙනෙකුගෙන් පමණක් සමන්විතය.

කෙසේ නමුත් හරිණි අමරසූරිය අගමැතිවරයා ලෙස තෝරා පත් කරගැනීම ඉතිහාසගත වන කාරණයක් ලෙසට විග්‍රහකිරීම් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දකින්නට ලැබේ. නුමුත් මේ තත්වය දේශපාලනික විහිළුවකි. පළමු කාරණය ඇයට අගමැතිවරයා වීම සඳහා ජාජබයට ජන වරමක් ලැබී නොතිබීමය. ජනාධිපති අනුරට ද රටේ බහුතරයක් කැමැතිත හිමි නැත.

මෙහි දී ජනාධිපතිවරයා විසින් ඇයව පත් කිරීමෙහි ඇත්ත ප්‍රශ්නය නම් ජාතික ජන බලවේගයට ඇයව අගමැතිවරයා ලෙස නම් කිරීම හැර වෙනත් විකල්පයක් නොතිබීමය.

ජනාධිපතිවරයාට ඇය හැර ජාජබයේ අනෙක් සාමාජිකයන් දෙදෙනාගෙන් කෙනෙකු අගමැති ලෙස නම් කළ හැකි වුණත් එය සිදු කිරීමට නොහැකි අසරණ කමක් තිබිණි. මන්ද අනෙක් මන්ත්‍රීවරු දෙදෙනා සෘජුව ජවිපෙ නියෝජනය කරන නිසාය. ජවිපෙ හැර ජාජබය එක්ව සිටන අනෙක් බාහිර පිරිස් නියෝජනය සඳහා සිටියේ හරිණි පමණි.

ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය පවා ලැබුනේ මාලිමා පාක්ෂිකයන්ගේ බලකිරීම නිසා මිස ජවිපෙ කැමැත්ත මත නොවේ. ජවිපෙ සූදානම් වූයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ලාල් කාන්තට හෝ බිමල් රත්නායකට ලබා දීමටය. නමුත් එයට එරෙහිව ආ උද්ඝොසණය නිසා ඒ අතහැරීමට ජවිපෙට සිදු විය. මේ නිසා හරිණි හැර දමා ජවිපෙ නියෝජිතයන්ට අගමැතිධුරය ලබා දීම ජවිපෙට මේ මොහොතේ කළ නොහැකි වීම මෙහිදී සිදුව ඇත.. එමෙන්ම දැන ගැනීමට ඇති පරිදී බටහිර තානාපති කාර්යාලයකින් මේ සඳහා දැඩි බලකිරීමක් සිදුව ඇත.

කෙසේ නමුත් මෙම තනතුර මේ මොහොතේ හරිණිට ලැබීමෙහි කිසිදු දේශපාලනික වැදගත් කමක් නැත. මන්ද ජාජබයට පාර්ලිමේන්තුවේ බහුතරයක් නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බහුතරයක් නැති තැන අගමැතිධුරය අභියෝගයට ලක් වේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ද අද දින සිදු වන නිසා ඇයගේ ධුරය මැතිවරණ ප්‍රතිපළ එන තුරු පමණක් අභියෝගයකින් තොරව වලංගුව පවතී. එනම් මාස දෙකකට ආසන්න කාලයකි. එම කාලය තුළ ඇයට අගමැති ලෙස කළ හැකි කාර්යභාරයක්ද නැත. මැතිවරණය මෙහෙයුම් වෙනුවෙන් එම බලය සහ වරප්‍රසාද පාවිච්චි කිරීමේ හැකියාව නම් ඇත.

ඒ කොහොම නමුත් පත් කෙරුණු කැබිනට් මණ්ඩලයේ සිව් දෙනා අතර බෙදෙන නව අමාත්‍යාංශ සඳහා අමාත්‍යාංශ ලේකම්වරු 15 දෙනෙකුද පත්කිරීමට නියමිතය.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස තේරීපත් වීමත් සමඟ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ මීළඟට වැඩිම ඡන්ද ලබාගත් ලක්ෂ්මන් නිපුණආරච්චි මහතාගේ නම ගැසට්කර තිබේ.

Leave a comment

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us