ඒ අතර ගෝලීය දේශපාලන ආර්ථික තත්වයන්ගෙන් වන බලපෑම කළමනාකරණය කර ගැනීමත් ලෙහෙසි වන්නෙ නැත. මේ ආදී වශයෙන් මුහුණ දීමට සිදුවන ගැටලු වඩාත් හොඳින් කළමනාකරණය කර ගැනීම සහ රටෙ අභිවෘද්ධියටත් අනාගත සංවර්ධනයත්, ජනතාව සතුටෙන් තබා ගැනීමත් කළ හැකි වීම විශ්ම කර්ම වැඩක් කිව්වට වැරදි නැත.
මෙරට නිදහසෙන් පසු 76 වසරක ඉතිහාසය තුල රාජ්‍ය බලය අත්පත් කරගත් කණ්ඩායම විශාල ප්‍රමාණයක් වෙයි. රාජ්‍ය නායකයන් විශාල ප්‍රමාණයක් වෙයි . එම සියලු දෙනාට රාජ්‍ය පාලනය අභිමුව මුහුණ දීමට සිදුවූ ගැටලු අභියෝග රැසක් තිබිණි. ජය ගැනීම් සහ පරාජයන් තිබිණි. 76 වසරක් මුළුල්ලෙ රටේ සංවර්ධනය සිදු වුණේ නැතැයි ජවිපෙ ප්‍රමුඛ කණ්ඩායම් වෙතින් චෝදනා එල්ල වන්නෙ ඒ කාර්යභාරය නිසි පරිදි සිදු කිරීමට හිටපු පාලකයන් අසමත් වුණාය කියන චෝදනාව යටතේය.
එහෙත් පාලකයන් මුහුණ දුන් අභියෝග මොනවාද එ්වාට ලබා දීමට උත්සහ කළ විසඳුම් මොනවාද එහි සාර්ථක අසාර්ථක භාවයන් ගැන විමසුමක් කළා නම් එහෙම වග විභාගයක් නොමැතිව චෝදනා කිරීම එතරම් සාධාරණ නැතැයි වටහා ගත හැකිය. විශේෂයෙන්ම දේශපාලනිකව රාජ්‍ය පාලනයට විරුද්ධ පක්ෂ වලින් එල්ල වන පීඩාවන්ගෙන් මේ රටේ සංවර්ධනයට වැඩිම බලපෑමක් සිදුව තිබේ. මේ බලපෑම් නිසා අනාගත සංවර්ධන ඉලක්ක සහිතව ජාතික අරමුණක් සහිත ප්‍රතිපත්තියක් සහිතව අඛන්ඩ පාලන ක්‍රමවේදයක් මේ රටේ ක්‍රියාත්මක වීමට ඉඩක් ලැබී නැත. වරද්දා ගැනීම් නිරන්තරයෙන් සිදුව තිබේ. එයට සියළු පාර්ශ්වයන් වගකිව යුතු වේ. ජනතාවත් වගකිව යුතුව තිබේ.
1948 ආණ්ඩුවට තිබු අභියෝගය රටේ ජනාතවගේ සමාජීය තත්වයන් ඉහළට ඔසවා තැබීමය. එදා රට පොහොසත්ය, නමුත් ජනතාව දුප්පත්ය. අධ්‍යාපනය, සෞඛ්‍යය, ආහාර බෝග කෘෂිකර්මය, කුඩා කර්මාන්ත, යටිතල පහසුකම් සංවර්ධනය ආදී වැඩ කන්දරාවක් කිරීමට සිදු විය. සුබසාදනවාදී ප්‍රතිපත්තියයක වැඩ කිරීමට සිදු විය. ඒ සීමාව ඉක්මවා ගොස් හැට ගනන් වන විට රටේ ආදායම් ප්‍රශ්න උග්‍ර වීම ආරම්බ විය. ලෝකයට ණය විය. රාජ්‍ය කේන්ද්‍රීය සහ සංවෘත්ත ආර්ථික ක්‍රමය නිසා ප්‍රශ්න තවත් වැඩි කර ගන්නා ලදී.
80දශකයේ විවෘත්ත ආර්ථික ක්‍රමයකට පිවිසීම සමග රටේ සංවර්ධනයට වේගවත් මාර්ග විවර වූ නමුත් අනෙක් පසින් දරිද්‍රතාවයට පත් කොටස වැඩි විය. සිවිල් කලකොලහල යුද්ධ සහ වාම ජාතිවාදී දේශපාලනයෙ බලපෑම් ආදිය සමග වූ අර්බුද ගනනාවක්ම මේ වන තෙක්ම කරපින්නාගෙන පැමිණ තිබේ. රට දැවැන්ත ණය අර්බුදයක සිර වීමත් සිදු විය. ගෝඨාභය පාලන සමයේ දී රට බංකොලොත් වීම සිදු විය.
එයින් පසු කාල පරිච්ඡේදය රට නැවත ගොඩනැංවීම වෙනුවෙන් එතුවක් කල් පවත්වාගෙන පැමිණි ක්‍රමවේදයන් වෙනුවට වඩා ශක්තිමත් පැහැදිලි සහ නිවැරදි ක්‍රමයකට මාරු වීම සිදු කර ගැනීමට හැකි විය. ඉබාගාතේ නැතිනම් ආයාලේ ගිය රට ඉලක්කයකට යොමු කිරීම සිදු විය. වැරදි අඩුපාඩු සකසාගෙන යන ගමනක් ආරම්භ විය. ඒ වෙනුවෙන් වන දැඩි ප්‍රතිපත්ති වෙනස්කම් සමඟ ක්ර්ම පද්ධතියක් අමුතුවෙන් සකසන ලදී. ණය ප්‍රතිව්‍යුහගත කර ණය අර්බුදය රටට වඩා වාසිදායක ලෙස බේරුමක් කර ගැනීමට හැකි විය. එ්වායේ ප්‍රතිපල සාර්ථක වෙමින් ජනතාවට සහනාදායක තත්වයන් ක්‍රමයෙන් ඇතිවෙමින් පැවැතිනි.
2024 ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ එවන් පසු බිමෙක් තිබියදීය. නමුත් ජනතාවට අලුත් පාලකයෙක් අවශ්‍ය විය. ඒ අනුව අනුර කුමාර දිසානායක ජනාධිපති විය.
අනුර ජනාධිපති වන්නට පෙර රට තිබුණේ දැවැන්ත ආර්ථික සහ සමාජීය අර්බුදයක් විසඳාගෙන ඒ ජයගැනීමේ අභියෝගයක් සහිතවය. අනුරලාගේ සටනෙ පදනම වූයේ මෙම අභියෝගය ජය ගැනීම නොවේ. ඔවුන් කතා කළේම දේශපාලන සංස්කෘතියේ වෙනස් කම් කළ විට මෙම අර්බුද ජය ගැනීම කළ හැකි බවය. ඒ වෙනුවෙන් තමන්ට බලය ලබා දෙන ලෙස ඉල්ලීම කළේය.
කෙසේ නමුත් අනුර ජය ගන්නා විට රටේ ආර්ථික අර්බුදය විසඳා ගැනීමේ මුලික අභියෝගය ජය ගැනීම හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩුව සිදු කර තිබිණි. ආර්ථිකමය වශයෙන් රට ගමන් කළ යුතු මාර්ගය පැහැදිලිව තිබෙන මාර්ග සිතියම සකස් කර අවසන්ව තිබිණි. එම මාර්ගයේ ගමන් කරන බවට නව පාලකයාගෙන් සහතිකයක් මේ වන ලැබී තිබීම මත ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙ සහය අඛන්ඩව ලබමින් තිබේ. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන අරමුදල සහය දෙමිමින් තිබෙ. ලංකාවට ණය ආධාර දෙන ජපානය ඉන්දියාව අමරිකාව වැනි රටවල සහය ලැබී තිබේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා තවත් වසර ගනනාවක් යන තුරු ණය නොගෙවා සිටීමටත්, ණය බර අඩු වීමත්, ගෙවිය යුතු වාරිකයේ ප්‍රමාණය අඩු වීමත් සහ එ් සඳහා දීර්ග කාලයක් ලැබීමත් සිදුව තිබේ. මේ අනුව අනුර පාලනයට මුහුණ දීමට බරපතල ආර්ථික අභියෝග නැත. මේ වන විට සිදු කෙරෙමින් පවතින ආර්ථික ප්‍රතිසංස්කරණයන් මත උපකල්පනය කර තිබෙන පරිදි ඉදිරි අවුරුදු වල දී ලබන ජයග්ර්හණයන් කිසිදු දුෂ්කර තාවයකින් තොරව අනුර පාලනයට නිසැකවම අත්පත් කර ගැනීම සිදු කළ හැකිය.
උද්ධමනය අඩු වී තිබේ. එය නුදුරේම අවධමනකාරීත්වයක් කරා යෑමේ ලකුණු පහළව ඇති බවත් කියති. එනමුත් එම තත්වය යළි ආර්ථික අර්බුදයකට හේතු විය හැකි නිසා එය මහ බැංකුව විසින් පාලනය කරනු ඇතැයි අපෙක්ෂා කළ හැකිය. කෙසේ නමුත් එය සියයට 5 කට වඩා අඩු මට්ටමක තබා ගැනීමේ හැකියාව දැන් මහ බැංකුවේ වගකීමකි. විශේෂයෙන්ම මහ බැංකුව ස්වාධීන ආයතනයක් ලෙස පවත්වා ගෙන යෑම නිසා දේශපාලකයන්ට ආර්ථිකය සමඟ පිස්සු කෙලීම් වලට ඉඩක්ද නැත. මහ බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශයන් අනුව එම ඉලක්ක ජය ගැනීම වෙනුවෙන් තමන්ගේ සීමාවේ පවතින ආර්ථිකමය සාධක හසුරුවනවාට සැක නැත. ඊටම ගැලපෙන මුදල් අමාත්‍යංශ ලේකම් ඇතුලු නිලධාරීන් පිරිසද එම අරමුණු වෙනුවෙන් කැපවී සිටීන නිසා යළි ආර්ථිකය කඩා වැටීමේ අවදානමක් ඇති වීමේ ඉඩ කඩ අඩුය. එවැන්නක් විය හැක්කේ මේ ගොඩනගාගත් ක්‍රම පද්ධතිය කඩා ඉහිරවා තමන්ගේ පටු දේශපාලන අපේක්ෂා වෙනුවෙන් ජනාධිපති අනුර සහ ඔවුන්ගේ අනාගත ආණ්ඩුව මුග්ධ ප්‍රතිපත්තිමය තීන්දු ගතහොත් පමණය.
මේ වන විට ආර්ථික වර්ධන වේගයද ක්‍රමයෙන් ඉහළ නැගෙමින් තිබේ. මුල්‍ය අරමුදල පෙර වසරේදී බලා පොරොත්තු වූයේ සියයට 2 ක පමණ වර්ධනයකි. නමුත් එම පුරෝකතන අභිබවා යන අතර මේ වසර මුලදී මහ බැංකුව පුරෝකතනය කළේ සියයට 3 ක වර්ධන වේගයක් ලැබිය හැකි බවය. නමුත් මේ වන විට එය සියයට 4 ක් දක්වා ඉහළ වර්ධනයක් වෙනු ඇති බව පවසයි.
එයට එකම හේතුව පසුගිය දෙවසර මුළුල්ලේ ඇති කරන ලද ආර්ථික ප්‍රතිසංස්ර ණයන් සාර්ථකව ක්‍රයාත්මක වීමය. එමෙන්ම මේ වන විට මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6000 ට ආසන්නව ගොඩනඟාගැනීමට සමත් විය. වසර 2 කට පෙර තෙල් නැවකටවත් ගෙවා ගන්න ඩොලර් නොතිබුණු රටේ යළි එවැනි තත්වයක් ඇති වීමට ඉඩක් නැත. ඒ ණය නොගෙවීම නිසා ඇති වුණු තත්වයකැයි කියමින් අනුරලා මෙය සමච්චලයට පත් කිරීමක් වුවද එය සත්‍යයක් නොවන බව දැන් අනුරලා දන්නවාට සැක නැත. මන්ද මෙම කාලය තුළද ඩොලර බිලියන 2 කට වඩා ණය ප්‍රමාණයක් ගෙවීමත් රටට අවශ්‍ය ආනයනික ද්‍රව්‍ය නොපිරිහෙලා රටට ගෙන ඒමටත් සමත්ව තිබුණේ ඩොලර් ආදායම් බිලයන ගනනක් වැය කරමින් නිසාය. එමෙන්ම දැනට පවතින සංචිත ප්‍රමාණය සලකා බැලු විටත් මෙම දෙවසරක පමණ කාලය තුළ ගෙවීමට නියමිතව තිබු ණය හා පොලී වාරික සියල්ල ගෙවා දැමීම සිදු කළද තවදුරටත් සංචිත ඉතිරි වේ.
එසේම මෙම වසර තුළ රාජ්‍ය ආදායම පුරෝකතනය කළ පරිදි අත්පත් කර ගැනීමට රජය සුළු අසමත්භාවයක සිටියත් බදු ආදායම් නිසි පරිදි එකතු කිරීම සහ බදු පදනම පුළුල් කිරීමේ ක්‍රියාදාමය අඛන්ඩව සිදු වෙමින් තිබීම මත නව බදු පැනවීමකින් තොරවම ඉදිරි වසර තුළ ආදායම් ඉලක්ක සපුරා ගැනීම සිදු වෙනු ඇත. කෙසේ නමුත් දැනට දළ ජාතික නිශ්පාදනයෙන් සියයට 12 ක පමණ වන බදු ආදායම ඉදිරි වසර 3 තුළදී සියයට 15 ක කර ගැනීමේ ඉලක්කයක් තිබේ. එම ඉලක්කය සපුරා ගැනීමේ හැකියාව මේ වන විටත් සකසා අවසන්ය.
එමෙන්ම රාජ්‍ය වියදම්, රාජ්‍ය ආදායම් ඉක්මවා නොයෑමට පරිස්සම් සහගත වීමට පසුගිය පාලනය සමත්ව තිබිණි. එම ක්‍රමවේදය ඉදිරියටත් පවත්වාගෙන යෑමට සමත් වුව හොත් රාජ්‍ය ණය ගෙවීම සඳහා තව දුරටත් ණය ගැනීම් ක්‍රමයෙන් සීමා කර ගැනීමේ හැකියාවද තිබේ. රාජ්‍ය වියදම අවම කර ගැනීමේ දී රජය ව්‍යාපාර නොකළ යුතුය යන ප්‍රතිපත්තිය යටතේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉක්මන් කළ හැකි රාජ්‍ය වියදම් තව දුරටත් අඩු වනු ඇත. නමුත් ශ්‍රී ලංකන් එයාර් වැනි ආයතන තවදුරටත් රජය යටතේ තබා ගැනීම වැනි මුග්ධ තීන්දු ගැනීම රාජ්‍ය වියදම් බිලියන සිය ගනනින් නාස්ති වීම වලක්වා ගත නොහැක.
ආනයන අපනයන වියදම් පරතරය ද සෑහෙන දුරට අවම කර ගැනීම පසුගිය කාලය තුළ සිදු කර තිබෙන අතර තවදුරටත් මෙරට අපනයනයන් වර්ධනය කර ගැනීම් හරහා එම පරතරය පියවා ගත හැකිය. රජයට අවශ්‍ය වන්නනේ අපනයන කර්මාන්ත වෙනුවෙන් වැඩි අවදානයක් යොමු කර අවශ්‍ය පහසුකම් සහ අවස්ථා සැලසීම පමණි. ඒ වෙනුවෙන් අපනයනාභිමුඛ නිශ්පාදන කර්මාන්ත වෙනුවෙන් විදේශ ආයෝජන කැඳවා ගැනීම, දැනට ක්‍රියාත්මක ද්වි පාර්ශ්වික හා බහු පාර්ශ්වික නිදහස් වෙළඳ ගිවිසුම් වලින් උපරිම ප්‍රයෝජනය ගැනීම සහ තව දුරටත් සාකච්ඡා මට්ටමේ පවතින සහ මෙවැනි නව වෙළඳ ගිවිසුම් වලට පිවිසීම වැනි ක්‍රියා මාර්ග ගත යුතුය. රට තව දුරටත් ලෝකයට විවෘත්ත කිරීම විය යුතුය.
මේ ආදී වශයෙන් රනිල් පාලනය තුළ ක්‍රියාත්මක වූ ක්‍රියාත්මක වැඩ පිළිවෙල එලෙසම ඉදිරියට ගෙන යාම සහ ඒ තව දුරටත් වර්ධනය කර ගැනීමත් පමණක් මෙරට සංවර්ධනය වෙන්වෙන් වර්තමාන පාලකයාට පැවැරී ඇති වගකීම වේ. මේ අනුව නැවත අහස පොළොව ගැට ගසන්නේ කෙසේ දැයි කල්පනා කිරීමට තරම් කිසිදු අර්බුදයක දැනට රටේ නැත. ඒ දුෂ්කරම අර්බුද සියල්ල රනිල් විසින් විසඳා දී ඇත.
මේ අතර අනුර පොරොන්දු වූ ලෙස මෙරට දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ ආදර්ශයන් අනුරලාටම සිය භාවිතයෙන් ඔප්පුකර පෙන්වීම ඔවුන්ගේ යුතුකමවේ. ඒ අමුතුවෙන් නොකළා කියා රට නැවත වැටෙන්නේ නැත. මන්ද ආර්ථිකය ගමන් කළ යුතු නිවැරදිම මාර්ගයේ ගමන් කිරීම සිදු වන නිසාය. කෙසේ නමුත් වංචා දුෂණ නාස්තිය වැලැක්වීම ආදිය වෙනුවෙන් අවශ්‍ය නෛතික පියවරයන් රැසක්ද ආර්ථික ප්‍රතිසංස්කරණයන් සමඟම සිදුව ඇති නිසා දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න කියාද අනුරලාට වැඩිය මහන්සි වෙන්න, කැපකිරීම් කරන්න අවශ්‍ය වන්නෙත් නැත. බොරු සංදර්ශන නම් අදාලම නැත.
ඊටත් වඩා අනුරලා කිව්වා සේ ඔවුන් බලයට පැමිණි පසු විදේශ ශ්‍රමිකයන්ගේ ඩොලර් 500 ගන්නෙ එවනු ලැබීමත් සිදු වෙන වා නම් රාජ්‍ය පාලකය තවත් ලෙහෙසි වෙනු ඇත. මේ වන විටත් ඇතැම් පිරිස් 500 ක් නොව ඩොලර් 1000 බැගින් එවන බවට සමාජ මාධ්‍ය තුළ දැන්වීම පළ කරද ඇත. එ් අනුව ඔවුන්ට සහය දෙනවා යැයි කියන ලක්ෂ 15 ක පමණ විදේශ ශ්‍රමිකයන්ට පමණක් වුවත් මුල්‍ය අරමුදලේ පුරෝකතන ඉක්මවා වසර කිහිපයකින් මෙරට විදේශ සංචිත දෙගුණයකින් වැඩි කර දීමට හැකිය. ඒ අනුව එ්වා රටේ සංවර්ධනය වෙනුවෙන් හිතේ හැටියට පාවිච්චි කළ හැකි වෙනු ඇත. එසේම සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් යෝජනා කර තිබෙන අලුත් සංවර්ධන ව්‍යපෘති සියල්ල පහසුවෙන් දියත් කිරීම් හැකියාවත් ලැබෙනු ඇත. අනුරලා පැවැසූ ආකාරයට දුෂණයෙන් වංචාවෙන් තොර රටක් සහතික කිරීම නිසා නිසා විදේශ ආයෝජකයන් ද පෝලිමේ මෙරටට පැමිණෙනු ඇත. එසේම සංචාරක කර්මාන්තයේ වර්ධනයක් සිදු වෙනු ඇත. මේ ආදි වශයෙන් වන විදේශ සංචිත වර්ධනයන් මතින් රට සුරපුරයක් කිරීමේ පහසු හැකියාව අනුර පාලනයට ඇත.
එ් සමග මෙරට කර්මාන්ත සහ කෘෂි හා සේවා ක්ෂේත්‍රයන් බලා හිදිද්දී දියුණුවෙන් දියුණුවට පත් වීමත් අපේක්ෂා කළ හැකිය.
මෙම තත්වයන් මත ජනාධිපති අනුර හමුවේ තවදුරටත් බරපතල අභියෝග කිසිවක් ඇත්තේ නැත. එසේම වැදගත්ම දේ පසුගිය දශක කිහිපය මුළුල්ලේ මෙරට සංවර්ධනය වෙනුවෙන් පෙනී සිටි පාලකයන්ට වඩාත්ම බාධාකාරී වූ වාමාංශික සහ ජාතිකවාදී විරුද්ධ බලවේග සියල්ලම පාහේ වත්මන් පාලනයට විරුද්ධව නැඟී නොසිටීමය. ඒ මන්ද යත් මේ බලවේග සියල්ල ජනතා විමුක්ති පෙරමුණෙහි මෙහෙය වීම යටතේ සිදුව තිබීමය.
අනුරව බලයට පත් කළේ එම බලවේග විසින්ය. ඒ නිසා වෘත්තිය සමිති වැඩ වර්ජන . විදේශ ආයෝජනයන්ට විරුද්ධ උද්ඝෝෂණ, මුල්‍ය අරමුදලට ලොක බැංකුවට විරුද්ධ උද්ඝෝෂණ, බඩු මිල අඩු කිරීමෙ, බදු අඩු කිරීමේ උද්ඝෝෂණ, පාරිසරික විනාශයන්ට විරුද්ධ උද්ඝෝෂණ ආදිය අනුර පාලනය යටතේ සිදු වීමේ හැකියාවක් නැත. ඇතැම් සුළුතර කොටස් එවැනි ක්‍රියා මාර්ග ගත හැකි වුවත් එහි බලපෑමක් නොවනු ඇත. එසේම එවැනි බලවේග මර්දනය කිරීමේ පහසු හැකියාවත් වත්මන් රජයට තිබේ.
මේ නිසා නිදහසෙන් පසුව මෙරට රාජ්‍ය පාලකයකුට ලැබෙන පහසුම අවස්ථාව අද අනුරට හිමිව තිබේ.
එළැඹෙන මහ මැතිවරණයේ දී බහුතරයක් සහිත ආණ්ඩුවක් පිහිටුවා ගැනීම වුවහොත් රාජ්‍ය පාලනය අතිශය සරළ දෙයක් වන්නේය. මේ නිසා අනුර පොරොන්දු වූ පොහොසත් රටක ලස්සන ජීවිතයක් යන්න ඉතා පහසුවෙන් වෙහෙසක් නොමැතිව යථාර්ථයක් කිරීමේ හැකියාවක් පසුගිය දෙවසර මුළුල්ලේ රජය ගත් ක්‍රියා මාර්ග නිසා අද අනුරට හිමිව තිබේ. ඒ ඔහුගෙත් රටෙත් වාසනාව විය හැකිය.
-SJ