තමන්ගේ දරුවන්ට වස පොවා මිය යන තෙක් බලා සිටිනවාද?   Featured

Friday, 20 September 2024 10:24

තමන්ගේ දරුවන්ට වස පොවා මිය යන තෙක් තුටුව බලා සිටින්න හැකි නොමිනිස්සු ඉන්න රටක් මේක. දැන් මේ රට ගෙවමින් තිබෙන්නේ එවැනි නොමිනිසුන් ගහනයක් සමඟ සබුද්ධික මිනිසුන් මාරාන්තික සටනක නියැලෙන මොහොතක්ය. මෙවර ජනාධිපතිවරණය කියන්නේ එවැනි නොමිනිසුන් සහ මිනිසුන් අතර තීරණාත්මක සටනකි. අතිශය අවදානම් සහගත මොහොතකි. ඒ නිසා යළි වැරදුනොත් යළි සකස් කරන්න බැරි තීරණ ගැනීම, වැළැක්විය යුතු මොහොතකි. මුග්ධ තීරණ නිසා දරුවන් මිය ගිය පසු නැවත පණ දෙන්නට නොහැක. දරුවන් රැක ගැනීමේ අරගලයක් සිහි බුද්ධිය ඇති මිනිසුන් සටන් කරන්නේ ඒ නිසාය.

එ් සටන දුෂ්කර නමුත් මේ වන තෙක් ජයග්‍රහණ එකින් එක ලබමින් තිබේ. ඒ ජයග්‍රහණයන් ආපසු හැර වීමට ඉඩ දිය යුතු නැත. ලබා ගත් ජයග්‍රහණය සමඟ ඉදිරියට යනව ද ? ජයග්‍රහණය පිළිනොගෙන ආපහු මුලටම යනවාද? මෙවර ජනාධිපතිවරණයේ දී තීරණය විය යුතුය.

ඊයේ දිනය වන අතිශයින්ම වැදගත් සුබ ආරංචියක් රට ලැබිණි. මේ වසර දෙකකට අධික කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි සහ ඒ වෙනුවෙන් දැඩි ජීවන අරගලයක යෙදෙමින් අති විශාල කැප කිරීමක් මේ රටේ පුරවැසියා සිදු කර තිබිණි. මේ නිසා මෙය ඔවුන්ගේම ජයග්‍රහණයකි. මෙය ජයග්‍රහණයක් යැයි කියන්නේ මේ ආදී හේතු රැසක් ඇතිවය.

ලංකාව ගැඹුරු ආර්ථික අර්බුදයකට ඇද වැ‍ටුණේ විදේශ ණය පිළිබඳ අර්බුදය නිසාය. ණය ගෙවා ගැනීමට තබා රටේ එදිනෙදා ආනයන වෙනුවෙන් වත් ඩොලර් ආදායමක් නොමැති තත්වය තුළ රට බංකොලොත් බව ප්‍රකාශයට පත් කිරීම සිදුවිය.

මේ අනුව රට හමුවේ තිබු අභියෝගය වූයේ මෙතැනින් ඉදිරියට අඩියක් හෝ තැබීමට නම් මේ ණය අර්බුදය විසඳා ගත යුතු වීමේ දුෂ්කර අභියෝගය ජය ගැනීමයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යෑමට සිදු වන්නේ මේ ණය ප්‍රශ්නය විසඳා ගැනීම වෙනුවෙන් සහයෝගයක් අපේක්ෂාවෙනි.

ඒ අනුව ලැබුණු සහයෝගයත්, ඒ විශ්වාසනීය බැඳීමත් මත අද වන විට ශ්‍රී ලංකාව අපේක්ෂා කළ ජයග්‍රහණය අත් පත්කර ගෙන තිබේ. මේ වෙනුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශ පදනම් කරගෙන, වසරකට අධික කාලයක් සාකච්ඡා කරමින් ණය හිමි රටවල් 18 ක පමණ ප්‍රමාණයක් එක මතයකට එකඟකර ගැනීමට රජයට සිදු විය. ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමඟ ඊට වඩා සංකීර්ණ සාකච්ඡාවකට මැදි වීමට සිදු විය.

ඇතැමුන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට ණය හිමියන් එකඟ වීම හෑල්ලු කොට කතා කරන්නේ එහි ඇති වැදගත් කම නොදැන හෝ දේශපාලනික තක්කඩිකම නිසාය. මැතිවරණයක් මුව විට මෙවැනි ජයග්‍රහණයක් රටට ලැබීම බලයේ සිටින කණ්ඩායමට වාසිදායක තත්වයක් ඉබේම හට ගැනීම සිදුවේ. එ් අනුව විස්සෝපයට පත්ව සිටින විපක්ෂය මේ ජයග්‍රහණය සැමරීමට අකමැති වීම ස්වභාවික කුහක කමකි. කෙසේ නමුත් හර්ෂ දි සිල්වා වැනි අය ජයග්‍රහණය අගය කිරීම කර තිබිණි. මන්ද ණය ප්‍රතිවුහගත කරණයෙහි දැඩි අවශ්‍ය‍තාවය ඔහු දැන ගෙන සිටීමට තරම් දැනුමක් ඔහුට තිබු නිසාය.

කොහොම නමුත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා මෙරට විසින් ගෙවීමට නියමිතව තිබු ණය කන්දරාවෙන් සියයට 40.3 ක් එනම් 2023 වසර අව­සන් වන විට පැවති මෙරට අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 17.5ක (කෝටි 1750ක) පමණ විදේ­ශීය වාණිජ ණය ප්‍රමාණයකට මෙම සහනය හිමිවේ.

මේ අනුව ගෙවීමට ඇති ඩොලර් බිලියන ගනනක ණය අඩු වීමෙන් වන බර සැහැල්ලු වීමේ තරම පැහැදිලිය. එමෙන්ම ණය ආපසු ගෙවීමේ කාලයද දීර්ග කරගෙන ඇත. ගෙවිය යු‍තු වාරිකයේ වටිනාකම් ප්‍රමාණද පොලී ගෙවී­ම්වල ද අම­තර අඩු කිරී­මක් කරගෙන තිබේ. මේ අනුව මෙරට ආර්ථිකයට තිබුණු පීඩනය දැවැන්ත පරිමාණයකින් අවම කරගෙන ඇත.

මේ ලැබුණු සහනය දැන් රට නැවත ගොඩනැංවීම වෙනුවෙන් රටට දැරිය හැකි ශක්ති ප්‍රමාණය වැඩි වී ඇත. රට නැවත ජවසම්පන්න වී ඇත. දැන් අවශ්‍ය වන්නේ මේ සුබවාදී තත්වයන් යොදාගෙන සැලසුම් කර තිබෙන ආර්ථික වැඩ පිළිවෙල අනුව වේගයෙන් වඩාත් සාර්ථකව එම කටයුත්තෙහි යෙදීමය.

මේ වෙද්දි රටේ සංවර්ධනය වෙනුවෙන් වන මාර්ග සිතියම සකස් කර ඇත. යා යුතු මාර්ගය පැහැදිලිව ඇත. රටට අරමුණක් ඉලක්කයක් ඇත. අධිෂ්ඨානයක් විශ්වාසයක් ඇත. ඊටම ඔබින පරිණත නායකත්වයක් ඇත. ඒ අනුව දැන් ගමන් ආරම්භ කළ යුතුය. ආපසු හැරීමක් නොවිය යුතුය. තවත් පිස්සු කෙලීම් වලට ඉඩක් නොතැබිය යුතුය.

හෙට දිනයේදී ඡන්දය පාවිච්චි කිරීමේ දී වඩා තීරණත්ම කාරණය වන්නේ මේ අවබෝධය සහිතව එය සිදු කිරීමය. වරද්දා ගත්තොත් එය මෙම මැතිවරණයේ හුදු ප්‍රතිපලයක් පමණක් වන්නෙ නැත. මන්ද එය දශක ගනනාවක් අපේ දුවා දරුවන්ටත් අනේක විධ දුක් විඳින්න වන තත්වයක් වන නිසාය. ඔවුන්ගේ ජීවිත විනාස කිරීමක් වන නිසාය. එය දැන දැනම ඡන්දය වරද්දා ගැනීම, තමන්ගේ දරුවන්ට වස පොවා මිය යන තෙක් බලා සිටීමක්ම වේ.

Last modified on Friday, 20 September 2024 11:13

Leave a comment

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us