කාලගුණය අදත් අයහපත්

Published in පුවත්
Wednesday, 25 September 2024 07:49

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනාධිපති අනුර කුමාර දිසානායක අත්සන් කර ඇති බව වාර්තා වෙයි.

අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 15 සඳහා නව ලේකම්වරුන් මෙලෙස පත්කර ඇති බවය.

එම නාමලේඛනය පහත පරිදි වේ,

සමගි ජන බලවේගයේ සියලුම ආසන සංවිධායකවරුන්, සියලුම මන්ත්‍රීවරුන් ඒකමතිකව මට යෝජනා කළා අග්‍රාමාත්‍ය අපේක්ෂක ලෙස මගේ නායකත්වයෙන් මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන්න...යැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නව කැබිනට් මණ්ඩලය අද (24) දින දිවුරුම් දීම සිදු කර ඇත. ඒ අනුව නව අගමැතිවරයා ලෙස හරිණි අමරසූරිය පත් කර ඇත. එමෙන්ම නව රජයේ අමාත්‍ය මණ්ඩලයද දිවුරුම් දීම සිදුවන අතර නව අමාත්‍ය මණ්ඩලය යටතට අමාත්‍යාංශ 15ක් ගැසට් කිරීමට නියමිත බව වාර්තා වේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි කිසිදු මැතිවරණයක් සඳහා ඉදිරිපත් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියොජ්‍ය නායක රුවන් විජේවර්ධන ප්‍රකාශ කරයි. අද එජාප මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

පසුගිය මාස 26ක කාලයේ දී රජය දේශීය වශයෙන් ලබාගත් ණය ප්‍රමාණය සැලකිමේ දී මෙරට ජනතාව සෑම දිනකම රුපියල් බිලියන 6.5ක පමණ මුදලකින් ණයකරුවන් කර ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පවසයි.

පසුගියදා පැවති ඡන්ද විමසීමෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්වී අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත් වීමත් අගමැති දිනේෂ් ගුණවර්ධන ඇතුළු කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීමත් සිදුව තිබෙන තත්වය ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී නන්දලාල් වීරසිංහ සිය ධුරයෙන් ඉවත් වෙනු ඇති බව හෝ ඔහුව ඉවත් කරනු ඇති බවට රාවයක් පැතිර තිබේ.

ඉදිරි මහ මැතිවරණයට තරග කරන ආකාරය පිළිබදව සාකච්ඡා කිරිම සදහා සමගි ජන සන්ධානයේ නායකයින් අද (24) රැස්වීමට නියමිතයි.

ඉදිරි මැතිවරණ සහ දේශපාලන තත්ත්වයන්ට මුහුණදීම සඳහා විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ එක්කරගත් පොදු සන්ධානයක් ඇතිකර ගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

Connet With Us