අලුත් ජනපතිට, ඉතාම කෙටි කලක දී ජනතාව ආර්ථික වශයෙන් නැඟිට්ටවන්න පුළුවන්කම තියෙන්න ඕනේ - මහාචාර්ය අතුකෝරාල  

Published in පුවත්
Tuesday, 24 September 2024 10:58

පසුගිය මාස 26ක කාලයේ දී රජය දේශීය වශයෙන් ලබාගත් ණය ප්‍රමාණය සැලකිමේ දී මෙරට ජනතාව සෑම දිනකම රුපියල් බිලියන 6.5ක පමණ මුදලකින් ණයකරුවන් කර ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ණය සම්බන්ධයෙන් රට පත්ව ඇත්තේ දැඩි අර්බුදයක බවය.

මේ හේතුවෙන් නව ආර්ථික ප්‍රතිසංස්කරණ මාලාවක් කඩිනමින් සිදුකළ යුතු බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා සඳහන් කළේය.

"සෑම මාසයක් තුළම මේ රටේ ජනතාව රුපියල් බිලියන 196ක වගේ ප්‍රමාණයකින් ණයකරුවන් බවට පත්කරනවා. සෑම දිනකම ගත්තහම රුපියල් බිලියන 6.5ක වගේ අපි ණය වෙනවා. මේ වගේ ණය සම්බන්ධව දැඩි අර්බුදකාරී තත්ත්වයක තමයි ලංකාව මේ වෙද්දි පත්වෙලා තියෙන්නේ.

ඒත් එක්කම රටේ උද්ධමනය 2021ට සාපේක්ෂව භාණ්ඩ හා සේවා මිල ගණන් 106%කින් පමණ වැඩිවෙලා. අපේ ආහාර කාණ්ඩයේ භාණ්ඩ හා සේවාවන් හි මිල ගණන් 138%කින් පමණ වැඩිවෙලා. ඒ අනුව ඉතාම ඉහළ මිල තලයක තමා අපි ජීවත් වෙන්නේ.

මේ පසුබිම තුළ පවතින ආර්ථික තත්ත්වය ගැන අපිට කිසි‍සේත් සෑහීමකට පත්වෙන්න පුළුවන් කමක් නෑ. බලයට පත්වූ ජනාධිපතිවරයාට සිද්ධ වෙනවා මේ කියන තත්ත්වයන් නිවැරදිව තේරුම් ගෙන යම් ආකාරයකට ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක සමහර විට ඉතාම කෙටි කාලයක් තුළ යම් යම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න ට ඕනේ. ඒ තුළින් ජනතාවට ආර්ථික වශයෙන් නැඟී සිටින්න අවශ්‍ය පසුතලය නිර්මාණය කරන්නට පුළුවන්කම තියෙන්නට ඕනේ."

adaderana

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us