මේ වන විට විනිමය හුවමාරු වෙළඳපොළ ගනුදෙනු සඳහා ප්‍රමාණවත් ඩොලර් නැති බව කොළඹ විනිමය හුවමාරු බලයත් නියෝජිතයන් පවසා සිටි.

අපේ හිතවත් අනුර දිසානායක සහභාගි වුණ 360 වැඩසටහන බැලුවා.

මම සජිත්ව දේශපාලනය තුල ඔසවා තබන්නට තීරණය කරන ලද්දේ 2010 දී පමණය. එවකට මම කෝට්ටේ එජාප සංවිධායකයාය. රනිල් සමග අතිශය සමීපව සිටියේය. දීර්ඝ කාලයක් දේශපාලන පරාජයන් නිසා හෙම්බත්ව සිටි අපට සජිත් නව බලාපොරොත්තුවක් ගෙන දුන්නේය.

ශ්‍රී ලංකාවේ මාක්ස්වාදී මූලයක් සහිත ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවනු ලබන ජාතික ජන බලවේගය වෙත විශාල ජනතා ආකර්ෂණයක් ඇති වෙමින් පවතින බවත් යම් කිසි හෙයකින් ඔවුන් විසින් ආණ්ඩුවක් පිහිටවුවහොත් ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරණය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නැවත සමාලෝචනය කිරීමක් සිදුකරනු ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන් විසින් පසුගිය දා පැවති ජාත්‍යන්තර රූපවාහිනී නාලිකා වැඩසටහන් කිහිපයක දීම පෙන්වා දෙන ලදී. බ්ලූම්බර්ග් වැනි ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂක වෙබ් අඩවි විසින් ද මේ තත්වය පිළිබඳ අනතුරු හැඟවීම් කර තිබිණි.

ගත වූ සති තුනක කාලය තුළ සිදු කරන ලද සමීක්ෂණයකින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියයට පනස් හතරක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඉදිරියෙන්ම සිටින බව උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති සුරේෂ් රාගවන් මහතා අවධාරණය කර සිටිනවා.

මේ රටට පත්වෙන රාජ්‍ය නායකයාට පැවරෙන වගකීම් දෙකක් ඇති බවත් පළමුවැන්න රටේ හා ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමත් දෙවැන්න ජාතික ආර්ථිකය ගොඩ නැගීම බවත් එය ක්‍රියාවෙන් ඔප්පු කළ එකම නායකයා රනිල් වික්‍රමසිංහ බව උතුරු මැද හිටපු මහ ඇමති පේශල ජයරත්න මහතා පවසනවා.

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ගමන් ගන්නා මගීන් සඳහා විශේෂ ලංගම බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් වූයේ ජවිපෙ ඇමරිකානු සී අයි ඒ සංවිධානයේ විසින් හසුරුවනු ලැබු ත්‍රස්ත සංවිධානයක් විය හැකි බවට එදා කොමියුනිස්ට් පක්ෂයේ මතය වීම හෝ යම් තොරතුරු නිසා හෝ සිදුවූවකි.

සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් වන ඉම්තියාස් බාකීර් මාකාර් මහතාට එරෙහිව සමගි ජන බලවේගය තුළ කැපිල්ලක් නිර්මාණය වී ඇතැයි වාර්තාවේ.

උතුරේ ජනතාවගේ හදවතේ රැඳී සිටින එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණක්  බව මහනගර සභාවේ හිටපු නගරාධිපතිනිය වූ යෝගේශ්වරී සත්කුණරාසා මහත්මිය යාපනයේදී පැවසුවාය. එ බැවින් ඔහු මෙවර නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බව ද ඇය පැවසීය. 

Connet With Us