අවසන් ප්‍රචාරක රැලි හේතුවෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

Published in පුවත්
Wednesday, 18 September 2024 09:01

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයින්ගේ අවසන් රැලි අද (18) පස්වරුවේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයකදී පැවැත්වීමට නියමිතය.

ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ, සමගි ජනබලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස, සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර, ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධාන රැලි මෙලෙස පැවැත්වෙනු ඇත.

ඒ අනුව ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ අවසන් රැලිය කොස්ගස් හංදිය ප්‍රදේශයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ අවසන් රැලිය ද ටවර් හෝල් ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.

සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ අවසන් රැලිය කොට්ටාව නගරයේදීත්, ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ අවසන් රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ අවසන් ජන රැලිය පිළියන්දල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතිව තිබේ.

මේ අතර ජනාධිපතිවරණ අවසන් ප්‍රචාරක රැලි පැවැත්වෙන අද දිනයේදී කොළඹ නගරය, නුගේගොඩ, කොට්ටාව හා පිළියන්දල ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

අවසන් ප්‍රචාරක රැලි සඳහා විශේෂ ආරක්ෂාවක් සැපයීමට ද පොලීසිය සහ ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

මේ අතර ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 445 පමණ සංඛ්‍යාවක් ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යන ආයතන වෙත ලැබී ඇති බව එහි විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පවසයි.

පොලීසියෙන් නිකුත් කළ විශේෂ රථ වාහන සැලැස්ම පහතින් දැක්වේ.


- අද දෙරණ 

1

Last modified on Wednesday, 18 September 2024 09:03

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us