නිහඬ කාලය ගැන මැතිවරණ කොමිෂමෙන් දැනුම් දීමක්

Published in පුවත්
Wednesday, 18 September 2024 09:13

ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව දන්වා තිබේ.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12 සිට මැතිවරණය පැවැත්වෙන 21 වන සෙනසුරාදා දක්වා නිහඬ කාලය ලෙස ක්‍රියාත්මක වනු ඇත.

මෙම කාලසීමාව තුළ කිසිදු ආකාරයක ප්‍රචාරණ කටයුත්තක් තහනම් වන අතර මැතිවරණ නීතිරීති උල්ලංඝනය කරන ඕනෑම පාර්ශයක් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට බලය පවරා තිබේ.

මේ ඒ සම්බන්ධයෙන්  මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා මෙසේද පැවසීය. 

"දැනට දේශපාලන පක්ෂවලින් පිහිටුවා තිබෙන ඡන්ද කාර්යාල සියල්ලම වෙනස් වෙනවා. 19 වනදා මධ්‍යම රාත්‍රියේ සිට. එතැන් සිට මැතිවරණ කොට්ඨාසයට අදාළ වන ඒ මැතිවරණ කාර්යාලය පවත්වාගෙන යා හැකියි. ඒ හැර ඡන්ද කොට්ඨාසයට අදාළ වෙන දැනට පිහිටුවලා තියෙන 13,314 ම ඉවත්වෙනවා 19 වනදා මධ්‍යම රාත්‍රියේ සිට. ඊට අමතරව අලුතින් පිහිටුවන්න පුළුවන් ආසන මට්ටමින් එක මැතිවරණ කාර්යාලයක්. දැනට ඉදිරිකරලා තියෙන කාර්යාල ඉවත්කර ගන්න කියලා අපි සියලුම අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා. ඒවා ඔවුන් ඉවත් කරගත්තේ නැත්නම්, පොලීසිය මඟින් ඒ කාර්යාල ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු කරනවා ඇති."

මේ වනවිටත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබී නොමැති ඡන්දදායකයින් සඳහා ප්‍රදේශයේ තැපැල් ස්ථානය වෙත ගොස් ඒවා ලබා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතින බව ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කළේය.

Last modified on Wednesday, 18 September 2024 09:13

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us