අනුර හරියට නිකන් මඩේ හිටවපු ඉන්නක් වගේ Featured

Wednesday, 18 September 2024 13:47

අපේ හිතවත් අනුර දිසානායක සහභාගි වුණ 360 වැඩසටහන බැලුවා.

මම හැමදාම කියන දෙයක් තමයි අනුර දිසානායක කියන්නෙ දක්ෂ සන්නිවේදකයෙක්.

ඔහු අවසන් සටන වැඩසටහනට ඇවිල්ලා කරපු "මම මිය යන්න හිටියේ රට වෙනස් කරන්න සටන් කරපු මිනිහෙක් විදියට ඒත් .................." කතාව පුද්ගලයෙක් විදියට මාව පවා අතිශය සංවේදී කරපු අති විශිෂ්ට වචන් ටිකක්.

හැබැයි මම නිරීක්ෂණය කරපු දෙයක් තමයි අනුර රූපවාහිනී තිරය ඉස්සරහ වීරයෙක් හෝ චරිතයක් වෙන්න බලපාපු ප්‍රධාන හේතුවක් තමයි ඔහුව පුළුල්ව ප්‍රශ්න කරන්න හැකියාවක් තිබෙන මාධ්‍යවේදියෙක් ඒ කිසිම වැඩසටහනක නොසිටීම කියන එක.

සමහර මහ ලොකු වීර මාජ්ජවේජියො මෙලෝ දේශපාලන ආර්ථික දැනුමක් නැති, කතා කරන්නත් බැරි, තමන්ටම ගැළපෙන නූගත් මෝඩයොන්ගෙ ඡන්දෙන් පාර්ලිමේන්තු ආපු දේශපාලන මෝඩයෙක් ගෙන්නගෙන උඩ පැන පැන ඇඟ උඩ නැගගෙන ඌව මඩවලා පොරවල් වුණාට අනුර එන දවසට බලු පැටව් වගේ නැට්ට වන වන අනුර වටේ කැරකෙනවා අපි මේ ඊයෙ පෙරේදත් දැක්කනෙ.

නැට්ට වන වන අනුරට ෆුල්ටොස් දාලා දෙන මාජ්ජවේජියො අතර ලංකාවෙ මම අනුරව සාර්ථකව ප්‍රශ්න කරනවා දැකලා තියෙන්නෙ මාධ්‍යවේදියො දෙන්නෙක් විතරයි.

එක්කෙනෙක් ස්වර්ණවාහිනියෙ ශ්‍රද්ධා මංගල සූරිය බණ්ඩාර. ගොඩ බාන්නෙ නැතුව රට ආසන්නයේ කැරකි කැරකි තිබුණු ගෑස් සහ තෙල් නැව් වලට ගෙවන්නත් එදිනෙදා මුදල් හොයාගන්න විදිය පවා ප්‍රශ්නයක්ව තිබුණ ආර්ථික අර්බුදය අතිශය උත්සන්නව තිබුණ කාලේ "ඉර" වැඩසටහනට ආපු අනුරගෙන් කෙටිකාලීනව රටේ ඩොලර් අර්බුදය විසඳන විදිය අහලා අනුර දීපු උත්තර වලින් කියපු ඩොලර් ප්‍රමාණ එකතු කරලා මේ ටිකෙන් එකතුවෙන්නෙ මෙච්චරයි. සංචාරයකයො එන්න පටන් ගන්නෙ මෙන්න මේ කාලෙ. එතකන් රටේ එදිනෙදා වියදම් වලට ඩොලර් හොයාගන්නෙ කොහොමද කියලා අනුරව නිරුත්තර කරලා බිමටම ෆ්ලැට් කරලා දැම්ම විදිය මට මතකයි.

අනෙකා දෙරණෙ කළිඳු.

විශේෂයෙන්ම ඊයෙ 360 වැඩසටහනේදි IMF වැඩසටහන සමඟ ඉදිරි ගමන යන එක සම්බන්ධයෙන් අනුරව ප්‍රශ්න කරපු කොටස.

කළිඳුගෙ On Point ප්‍රශ්න හමුවේ අනුර කියන දේ සම්බන්ධයෙන් අනුරටවත් විශ්වාසයක් නැහැ. තමන් කරන්න යන දේ ගැන අනුරටවත් හරි අවබෝධයක් තියෙනවද කියලා සාධාරණ ප්‍රශ්නයක් එනව අනුර ඒ කොටසෙදි අසරණ වුණු විදිය දැක්කම. හරියට නිකන් මඩේ හිටවපු ඉන්නක් වගේ උත්තරේ එහෙට මෙහෙට වැනෙනවා. හරියට නිකං පොඩි උන් විහිළුවට සෙල්ලං ගෙවල් හදනවා වගේ උත්තර.

මම කවදාවත් "මොනා වුණත් අපි මාලුමාමට" සෙට් එක ආමන්ත්‍රණය කරේ නැහැ. ඒ අයට මේ සංකීර්ණ බරපතල දේවල් අදාළත් නෑ තේරෙන්නෙත් නෑ වැඩකුත් නෑ. ඒ නිසා ඔවුන් එක්ක මේවා කතා කරලා වැඩක් නැහැ.

හැබැයි මේ තියෙන ආර්ථික ස්ථාවරත්වය එක්ක පොඩි උන් වගේ සෙල්ලම් කරන්න ගිහින් මේ යන තත්වය ගැස්සුණොත් තමන්ගෙ ජීවිත මුළුමනින්ම කඩන් වැටෙන මමත් අයිති මේවා ගැන සාමාන්‍ය මූලික අවබෝධයක් සහිතව තමන්ගෙ ඡන්දෙ දෙන්න ඉන්න මිනිස්සුන්ට බය හිතෙන්න ඕන මේ බරපතල සංකීර්ණ තත්වය ගැන.

කෙසේ නමුත් අපිට කරන්න පුළුවන් එකම දේ ඇස් ඇරලා මේක බලපල්ලා මේ විනාශය රටට වෙන්න දෙන්න එපා කියලා කෑගහලා ඉල්ලන්න විතරයි.

ඇත්තටම තව වැටෙන්න තියෙන තැන ගැන මෙලෝ අවබෝධයක් නැතුව "තව වැටෙන්න තැනක් නෑනෙ ඔන්න ඔහේ වෙන දෙයක් වෙන්න උන්ටත් දීලා බලනවා" කියන ඉතිහාසයේ ලැජ්ජා සහගතම සාධාරණීයකරණය සහිතව ඡන්දෙ දෙන අය ඇරුණම අවබෝධයක් සහිතව ඡන්දෙ දෙන කෙනෙක්ට තීරණයක් ගන්න හෝ දැනට අරගෙන තියෙන තීරණය වෙනස් කරන්න ඒ ප්‍රශ්න කිරීම සහ ඒ ප්‍රශ්න කිරීමට ලැබුණු උත්තරම ප්‍රමාණවත්.

ස්තූතියි කළිඳු ඒ ප්‍රශ්න කිරීමට.

ඔබ ඊයේ කරේ මාධ්‍යවේදියෙක් විදියට පැවරිලා තියෙන සමාජ වගකීමක් ඉෂ්ඨ කිරීමක්..!!!?

- Pramith Ganearachchi

Leave a comment

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us