අප අත්විඳින්නේ ගමනක අවසානයද?????! සජිත්ට ඇයි මෙහෙම උනේ? - ශිරාල් ලක්තිලක     Featured

Wednesday, 18 September 2024 13:34

මම සජිත්ව දේශපාලනය තුල ඔසවා තබන්නට තීරණය කරන ලද්දේ 2010 දී පමණය. එවකට මම කෝට්ටේ එජාප සංවිධායකයාය. රනිල් සමග අතිශය සමීපව සිටියේය. දීර්ඝ කාලයක් දේශපාලන පරාජයන් නිසා හෙම්බත්ව සිටි අපට සජිත් නව බලාපොරොත්තුවක් ගෙන දුන්නේය.

එදා අප බලාපොරොත්තු වුයේ දකුණු ඉවුරේ බලය සජිත් හරහා නැවතත් ස්ථාපිත කරන්නටය.
එසේම එජාපය හරහා සජිත්ට එම නායකත්වය නොලැබෙන කල නව පක්ෂයක් බිහි කරමින් අප බලාපොරොත්තු වුයේ සමාජය තුල නවින දේශපාලන පක්ෂයක් ගොඩනංවමින් ජනතාවගේ අභිලාශයන් නියෝජනය කරන නුතනවාදී දේශපාලන ප්‍රවාහයක් ගොඩනංවන්නටය.

නමුත් ඒ කිසිවක් අපට හෝ සජිත්ට ඉටු කරන්නට හැකිවී නොමැති බව වර්තමානය විසින් අපට පෙන්වා දෙමින් සිටී.

දෙවන වරටත් සජිත්ට ජනාධිපතිවරණයකින් ජය ගැනීමට නොහැකි බව රටේ ජනමතය මේ වන විට තහවුරු කරමින් සිටී.

එම නිසාම ජනාධිපතිවරණයේ ප්‍රතිපල ලැබීමට මත්තෙන්ම සජිත්ගේ දේශපාලනය පිලිබදව යමක් ලියා තැබීම අනාගත දේශපාලනයක් වෙනුවෙන් වැදගත් විය හැකිව තිබෙන නිසා එය මෙසේ ලියා තබමි.
සජිත් තම පියා නොවන්නට 2010 වන විට ප්‍රාදේශීය නායකයකු පමණක්ම වුයේය. එවකට ද සජිත්ට එරෙහිව බරපතල අවලාද හා මඩ ප්‍රචාර ක්‍රියාත්මකව තිබුණු අතර රට තුල සජිත් serious දේශපාලකයකු ලෙස නොසැලකුවේය.

සජිත් ජාතික නායකයකු ලෙස කල එලි බසින්නේ එජාපය තුල ගොඩ නැගුනු අභ්‍යන්තර අරගලය හේතුවෙනි.

එජාපය තුල එසේ ගොඩනැගුනු කැරලි යුග තුනක් වු අතර ඒ කිසිදු කැරැල්ලක් සජිත්ගේ මෙහෙයවිමකින් තොරව ස්වයං සිද්ධව එනමුදු සජිත් නාමික කැරලි නායකයා ලෙස නම් කරමින් සිදු කෙරුනු අරගල වුයේය.

ඒ සෑම අවස්ථාවක දිම සජිත් වැඩිපුර ගැවසුනේ හම්බන්තොට තම ඡන්ද ගොදුරු බිම රකිමිනි.

සජිත් හම්බන්තොට දිස්ත්‍රික්කය තුල දේශපාලන සංවිධාන මුලෝපාය ලෙස සලකන ලද්දේ කාන්තාවන් සදහා ණය දෙන සමිති පිහිටුවීමය.

සජිත් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ දැවැන්ත මුදලක් ආයෝජනය කොට තිබු අතර සජිත් දිනා ගත් මනාප සංඛ්‍යාව සමග ගත් කළ එක ඡන්දයක් සදහා වැය කළ මුදල ඉතා ඉහල අගයක් ගෙන තිබුනි.

ආර්ථික විද්‍යා සංකල්පයකින් සජිත් දේශපාලන මුලෝපාය විස්තර කරන්නේ නම් එය කන්දක් වැය කොට කෙන්දක් උපයා ගැනීමට සමාන කළ හැකිව තිබුනි.

සජිත් හම්බන්තොටදී උත්සාහ කරන ලද්දේ ඡන්ද දායකයාට පඩුරු පාක්කුඩම් ලබාදී ඡන්ද දායකයා සතුටු කොට පෙරලා ඒ තුලින් ඡන්දයක් උපයාගැනීමයි.

සජබයේ නායකත්වයට පත්වීමෙන් පසුව සජිත් එය එලෙසටම සමස්ත සමාජයටම අදාල කර ගත්තේය.
හම්බන්තොටදී තම උත්සාහය නිවැරදි නොවන බව පසුව ප්‍රත්‍යක්ෂ කරගගත්තේ නමුදු සජබයේ නායකයා බවට පත්වීමෙන් පසුවද සජිත්ගේ play book එක වුයේ ද තමන් හම්බන්තොටදි අනුගමනය කළ එනමුත් ඊට වඩා දැවැන්ත වු සුබසාධන වැඩ පිළිවෙලක් තුලින් රටේ දේශපාලන කැමැත්ත තමන් වෙත දිනා ගැනීමටය.

සජබයේ සෙසු නායකයන් ද සිතා සිටියේ සජිත්ගේ පාසලට සුහුරු පංති කාමර ලබාදීම හා බස් බෙදා දිම තුලින් ජනතාවගේ දේශපාලන කැමැත්ත තමන් වෙත දිනා ගැනීමට හැකි වන බවය.

නමුත් එම සුබසාධන දේශපාලනය හරහාම සජිත්ට විකල්ප රාජ්‍ය නායකයා ලෙස සමාජගත කරන්නට තරම්වු දේශපාලන දෘශ්ඨියක් නැති බව මෙරට උගත් මධ්‍යම පංතිය ක්‍රමයෙන් තෙරුම් ගන්නට ඇති තරම් උදාහරණ සජිත් විසින්ම ලබා දුන්නේය.

එම නිසාම සජිත් වටා ගොඩනැගුන නව පක්ෂයද රටට හා සමාජයට නව බලාපොරොත්තුවක් ජනිත කරන්නට හෙතුවක් හො සාධකයක් ලබා දෙන්නට සමත් වුයේ නැත.

සජිත්ගේ දේශපාලනය දෟෂ්ඨිගත දේශපාලනයක් නොවු අතර එය හුදෙක්ම මමත්වය (narcissistic) මත පදනම්වුවක්ම වුයේය. ඔහු එහි පතුලටම ගියේ එකී මමත්වය තමන්ගේම ප්‍රකාශ තුලින් ඉස්මතු කරලමිනි.
සජිත්ගේ මෙම වැරදි දේශපාලනය පෙන්වා දෙන්නට තරම්වු නිර්භීත දෙවන පෙළ නායකත්වයක් සජබ තුළ නොසිටියේය.

එසේම එසේ අභියෝග කරන්නට සමත් පුද්ගලයන් පක්ෂයෙන් බැහැර කිරීමටද කටයුතු කලේය.
අවසානයේදී සජිත් විසින් සජබය ලෙස ගොඩනගා ගත්තේ තම පියා විසින් එජාපය තුල ගොඩනගාගත් කේන්ද්‍රීය ඒක නායක පක්ෂයකි.

සජිත් තමන් සතු ශක්තිමත් කණ්ඩායමක් ගැන කතා කළද සජිත් කිසිදා තම පක්ෂය තුල ජනප්‍රිය දෙවන පෙළක් ගොඩනැගෙන්නට ඉඩ ප්‍රස්තා ලබා දුන්නේ නැත.

රනිල්ට එරෙහිව අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් ඉල්ලා කැරලි ගැසු එ.ජා.පාක්ෂිකයන්ට අවසානයේදී හිමිවුයේ රනිල්ටත් වඩා අතික්‍රාන්තවු ඒකාධිපති නායකයෙක් සහිත පක්ෂයකි.(despotic leadership)
එසේම සජිත් පක්ෂයේ තීරණ ගත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් තුල නොව තමන්ගේ බිරිද හා මිතුරකුගෙන් සමන්විත කුස්සි කැබිනට්ටුවක් මගිනි.

අනෙක් අතට තමන් මානුෂික ධනවාදයක් ගැන, සමාජ ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කළ ද සමාජය කෙසේ වෙතත් තමන්ගේ කණ්ඩායම තුළ ද එය කුමක්දැයි වටහාගෙන තිබුණේ ද යන්න පිළිබදව ඇත්තේ ප්‍රශ්නාර්ථයකි.

අවසානයේ දී සජබය සමාජයට දිස් වූයේ හිසක් නොමැති දේශපාලන කවන්දයක් ලෙසටය.
ඒ අනුව අප සියළු දෙනාගේ ශ්‍රමය මත සජිත්ගේ නායකත්වය යටතේ පිහිටවු නව දේශපාලන ව්‍යාපාරය සමාජය පිළිගත්තේ පිළුණු වු දේශපාලන ව්‍යාපාරයක් ලෙසටය.

සජබයට ආකර්ශනය වුයේ අතාර්කික ඡන්ද දායකයා පමණකි. බුද්ධිමතුන් අතරින් බහුතරයක් සජබයෙන් වියෝවන්නට සාධාරණ හේතු පක්ෂය විසින්ම සමාජයට සපයා තිබුණේය.

සමාජය තුළ කිසිදු වැදගත් කමක් නොවුනු ජවිපය ප්‍රමුඛ ජාතික ජනබලවේගය ඉදිරියට එන්නේ සජබය විසින් ලාංකික දේශපාලන අවකාෂය තුළ ඇති කරන ලද මෙකී රික්තකය හේතුවෙනි.

ඒ අනුව සජිත් මෙවර ජනාධිපතිවරණයෙදී පරාජය වන්නේ නම් එසේ වන්නේ සජිත්ගේ දේශපාලන දෟෂ්ඨිය හා පක්ෂ සංවිධානය තුළ පවතින දුගී බව හේතුවෙනි.

සජිත්ට අතට ලැබුණ දේ කටට දමා ගැනීමට නොහැකිවී තිබේ.

දශක තුනකට අධික කාලයක් දේශපාලනයේ යෙදුන සජිත්ට ලබා ගැනීමට හැකි සියළු අවස්තා ලැබී තිබියදී මෙවර තම දේශපාලනික ගමන අවසන් කර ගන්නේ තමන්ගේම දැක්මේ පවතින දෝෂයක් හේතුවෙනි.

සජිත් අනාගතය තුළ මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කළ හැකිය. නමුත් රටක් භාර ගැනීමට දැරු දෙවන උත්සාහයද මේවන විට අසාර්ථක වෙමින් පවතී.

එසේ නම් එය සජිත්ගේ ගමනක අවසානය සනිටුහන් කරන්නක් මිස වෙන කුමක්ද?

නීතිඥ ශිරාල් ලක්තිලක

Last modified on Wednesday, 18 September 2024 13:35

Leave a comment

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us