360ට පොල්ල තිබ්බ සජිත්ට, දෙරණෙන් කිස්කන ප්‍රහාරයක් Featured

Published in පුවත්
Tuesday, 17 September 2024 23:43

අද (17) රාත්‍රි සජීව ලෙස ප්‍රචාරය කිරීමට නියමිතව තිබූ දෙරණ 360 වැඩසටහනට පැමිණෙන බවට සහතික වී සිටි සජිත් ප්‍රේමදාස කිසිදු සාධාරණ හේතුවක් නොදන්වා හිටිඅඩියේ එය ප්‍රතිකේෂ්ප කොට තිබේ.

අදාල වැඩසටහනට සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන බවට පූර්ව ප්‍රචාරක පට අවස්ථා කිහිපයකදී ප්‍රචාරයට ලක් කළ අතර,එයින් නොනැවතී අරුණ පුවත්පතේ දැන්වීම් ද පළ කොට තිබුණි.

ඒ සියල්ල දැනුවත්ව සිටියදී කිසිදු ප්‍රතික්ෂේප කිරීමක් නොකළ සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ මාධ්‍ය කණ්ඩායම අද උදෑසන ඔහුගේ සහභාගී නොවන බව දැනුම්දී තිබේ.

එය දැනුම් දී ඇත්තේද කිසිදු තර්කානුකූල පදනමකින් තොරවය.

සමගි ජන බලවේගය මාධ්‍ය ලේකම්වරයා යැයි කියාගන්නා ඒ රානන්ද හෙට්ටිආරච්චිගේ අත්සනින් යුතු ලිපියකින් දන්වා ඇත්තේ 360 වැඩසටහනට සහභාගී නොවන නිසා අදාළ පූර්ව ප්‍රචාරක දැන්වීම් ප්‍රචාරය නොකරන ලෙසය.

මෙම ප්‍රතික්ෂේප කිරීමට විපක්ෂ නායකවරයාව පොළඹවා ඇත්තේ තවත් නාලිකාවක ප්‍රධානියකු විසින් බවත්,අදාළ ප්‍රධානියා විසින් සජිත් ප්‍රේමදාසගේ හිතවතකු මාර්ගයෙන් මෙම ප්‍රතික්ෂේප කරවීම සිදුකොට ඇති බවත් වාර්තාවේ.

මේ වන විට සමගි ජන බලවේගය සහ විපක්ෂ නායකවරයාව මෙහෙයවන්නේ එක්තරා නාලිකාවකින් වන අතර සම්බන්ධතාවයක් ද කිවහොත් සජිත් ප්‍රේමදාස දේශපාලනය ආරම්භ කළ මොහොතේ සිටම වසර විස්සකට අධික කාලයක් ඔහු වෙනුවෙන් පෙනී සිටි සිරස මාධ්‍ය නාලිකාව පවා ඔහු විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.

කෙසේ වෙතත් දෙරණ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ යුවරාජ් අතුකෝරල විසින් සමගි ජනබලවේගය වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත්තේ අවස්ථා කිහිපයකදීම අදාළ වැඩසටහනට විපක්ෂ නායකවරයා සහභාගී වන බවට සහතික වී තිබියදීත් අතාර්කික පදනම් විරහිත ලිපියක් මගින් එම ආරාධනය හදිසියේම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳවත් බෙහෙවින්ම කණගාටු වන බවයි.

sjb1sjb derana

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us