සජිත්, ඉම්තියාස්ව පිළිකන්නට දමා මුසම්මිල්ව පාවඩ දමා පිළිඅරගෙන  

Published in පුවත්
Wednesday, 18 September 2024 10:03

සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් වන ඉම්තියාස් බාකීර් මාකාර් මහතාට එරෙහිව සමගි ජන බලවේගය තුළ කැපිල්ලක් නිර්මාණය වී ඇතැයි වාර්තාවේ.

ප්‍රතිපත්තිමය වශයෙන් දිගින් දිගටම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග සමීපව සිටි මන්ත්‍රීවරයෙකු ලෙස ඉම්තියාස් බාකීර් මාකර් මහතා ප්‍රකටය.

එහෙත් සජිත් ප්‍රේමදාසට සුපුරුදු කැපිල්ල ඔහු වෙතටද යොමුවී ඇති අතර ඔහු වෙනුවට ඒ.ජේ.එම්. මුසම්මිල්ව ඉදිරියට ගැනීමට සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ සමීපතමයින් කටයුතු කරමින් සිටි. මුසම්මිල් යනු රණසිංහ ප්‍රේමදාස යුගයේ ඔහුට සමීපතව සිටි දේශපාලනඥයෙක් වන අතර ඉම්තියාස් බාකීර් මාකාර් යනු මෙරට සිටින කෘතහස්තම දේශපාලඥයෙකි.

මේ දෙදෙනාගෙන් සජිත් ප්‍රේමදාස මුසම්මිල් වෙත වැඩි නැඹුරුවක් දක්වා ඇති අතර සජිත් ප්‍රේමදාස ගේ සමීපතයින් පවසා ඇත්තේ ඉම්තියාස් "ඕනම වෙලාවක ෂේප් කරගන්න පුලුවන්"අයෙක් කියාය. සමගි ජන බලවේගයේ සිටින ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයෙකු වුවද ඉම්තියාස් බාකීර් මාකාර් මහතාට ලැබී ඇත්තේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූරයකි.

හිටපු සභාපති සරත් ෆොන්සේකා ඉවත්ව යාමෙන් පසුව ලක්ෂ්මන් ෆොන්සේකා සහ රංජිත් මද්දුමබණ්ඩාර ඉම්තියාස් බාකීර් මාකාර් මහතාගේ නිවසටම ගොස් පවසා ඇත්තේ පක්ෂයේ සභාපති ධුරය ඔහුට ලබා දෙන බවය. එහෙත් එය මේ දක්වා ඉටුවී නැත.

රාජිත සේනාරත්න මහතා ජනාධිපතිවරයා සමග එක්වන බවට කටකතා ආරම්භ වූ මොහොතේ සිටම සමගි ජන බලවේගය මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ සජිත් ප්‍රේමදාස, ඉම්තියාස් ට පොරොන්දු වී ඇත්තේ බේරුවල සංවිධායක ධුරය ලබා දෙන බවය.

එහෙත් ඒ තනතුරද ඔහුට මේ දක්වා ලබා දී නැති අතර රාජිත සේනාරත්න මහතාගේ සමීපතමයෙකු එහි සම සංවිධාන ලෙස පත්කොට ඇත.

පසුගිය පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා ලබා දෙන අවස්ථාවේ ඉම්තියාස් බාකීර් මාකාර් මහතා බේරුවල නගර සභාවට යෝජනා කළ කිසිදු අයෙකුට නාමයෝජනා ලැබුනේද නැත.

මේ අතර සජිත් - ලක්ෂ්මන් දෙදෙනා විසින් උපදෙස් දී ඇත්තේ " මුසම්මිල්" ඉදිරියට ගන්නා ලෙසට ය. විවිධ චෝදනා පිළිබඳව කුප්පකට නමක් ඇති මුසම්මිල්, ගෝඨාභය රාජපක්ෂගේද හිතවතෙකි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us