මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා ! Featured

Published in පුවත්
Thursday, 19 September 2024 20:30

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹීම යනාදී කටයුතුවල නිරත වීම අයුතු ජනරාශිය යටතට ගැනෙන වරදක් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසයි.

එවැනි රැස්වීම් ආරක්ෂක අංශ විසින් විසුරුවා හැරීමට හෝ ඒවාට සම්බන්ධවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබෙන බවද හෙතෙම පැවසීය.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම සම්බන්ධයෙන් අද (19) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා,

"ඡන්ද විමසීම් දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව හා ඡන්දය ගණනයකිරීම් සිදුවන අවස්ථාවේ කිසිම හේතුවක් නිසා නිවෙස්වලින් බැහැරව ඡන්ද මධ්‍යස්ථාන අසල හෝ මහාමාර්ගයේ රැඳී නොසිටින ලෙස ඉල්ලා සිටිනවා. ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටීවී හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසලට මහජනතාව එක්රැස්වෙලා රූපවාහිනී වැඩසටහන් නැරඹීම, ප්‍රතිඵල විකාශනය වන අවස්ථාවේදී කණ්ඩායම් වශයෙන් එක්රැස්වෙලා රතිඤ්ඤා පත්තුකරලා, පාරවල්වල විනෝදවීම, ආලෝකය සහිත බැලූන් ගුවනේ පාකරහැරීම, ඒවා සියල්ල නීතියෙන් තහනම්. එවැනි එක්රැස්වීම් සියල්ල අයුතු ජනරාශිය වරදට ගැනෙනවා. ඒවා ආරක්ෂක අංශ විසින් විසුරුවා හැරීමට හෝ ඒවාට සම්බන්ධවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබෙනවා".

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us