News Items (18842)
ජවිපෙ ගැන විරෝධාකල්ප ප්‍රකාශ කරද්දී රැස්වීමේ ගුටි බැට
රට බෙදන , බුදු සසුන වනසන, රණවිරුවන් පාවාදෙන, වර්ග වාදයට උඩගෙඩි දෙන, විදෙස් බලවේගයන්ට රට පොරපිටියක් කරන, ජනාධිපතිවරණයේ ව්‍යාජ රංගනය අභිමුව රට හමුවේ ඇති සැබෑ අභියෝග යන මැයෙන් දේශප්‍රේමී ජාතික පෙරමුණ විසින් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේ සංවිධානයකර තිබුණු මහජන සම්මන්ත්‍රණයේදී නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා විසින් ජාතික ජන බලවේගය බෞද්ධාගම සම්බන්ධයෙන් දරණ අදහස් ගැන සිය මතය උදාහරණ දක්වමින් පවසමින් සිටියදී සංවිධානාත්මකව එහහි පැමිණ සිටි පිරිසක් කළහාකාරී ලෙස හැසිරී ගැටුමක් ඇතිකරගෙන තිබේ.
ජනාධිපති රනිල් ජාජබයේ අනුර කුමාරට පිළිතුරු දෙන්නැයි ප්‍ර් 2ක පසුගියදා ඉදිරිපත් කර තිබු අතර ඒ අනුව අනුර කුමාර ඊට පිළිතුරු නොදී ජනාධිපති රනිල්ට විවාදයක් සඳහා පැමිණෙන්නැයි අභියෝග කළේය. ඉන් පසුන විවාද අභියෝගය බාරගන්නා බව ජනපති රනිල් ප්‍රකාශ කළ නමුත් ඊට පෙර තමන්ගේ ප්‍රශ්න දෙකට පිළිතුරු ප්‍රකාශ කරන ලෙස දන්වා තිබිණි.
රටවල් 9ක මැතිවරණ නිරීක්ෂකයින් ජනාධිපතිවරණ නිරීක්ෂණය සඳහා මෙරටට
රටවල් 9ක මැතිවරණ නිරීක්ෂකයින් ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා මෙරටට පැමිණෙන බව මැතිවරණ කොමිසම පවසයි.
දීර්ඝ සතිඅන්ත නිවාඩුවට ගම්බිම් බලා යන පිරිසට අද (13) සිට විශේෂ ප්‍රවහන සේවා ක්‍රියාත්මක කිරීමට ප්‍රවහන බලධාරීන් කටයුතු යොදා තිබේ.
ඡන්ද මධ්‍යස්ථානයේ සිට ගණන්කිරීමේ මධ්‍යස්ථානය දක්වා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරන රථය පසුපසින් අපේක්ෂකයින්ගේ නියෝජිතයින්ට වාහනයකින් පැමිණිමට අවස්ථාව ලබාදී තිබේ.
අද (13) දිනයේ සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පවසයි.
ජවිපෙ රටට මොනවද නොකළේ ? (අවුරුදු 76 ක් මොනවද කළේ ? - 12 වන කොටස)
ජවිපෙ 1994 දී නැවත ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පැමීණිමෙන් පස්සේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ සමඟින් සන්ධානගතවත් වෙනමත් මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වෙමින් දේශපාලනයෙහි යෙදී සිටියත් තමන් කරන්නේ මොකක්ද කියන එක ගැන නිශ්චිත අදහසක හිටියේ නැහැ. ප්‍රතිපත්තියක් තිබුණෙත් නැහැ. අවස්ථාවාදීව කටයුතු කිරීමක් දිගටම පෙන්නුවේ.
රනිල්ගේ ජනාධිපතිවරණ ජය තීරණය කරන වැදගත් දත්තයක්
මෙවර ජනාධිපතිවරණයෙ වඩා තීරණාත්මක වන්නෙ පසුගිය ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා වූ පොදු ජන පෙරමුණේ ගෝඨාබය රාජපක්ෂට ලැබුණු ඡන්ද 69 ලක්ෂය මෙවර බෙදී යන ආකාරයයි. ඔහු සමඟ තරග වැදුනු සජිත් ප්‍රේමදාස හා අනුර කුමාර මෙවරත් ඉදිරිපත්ව සිටින අතර අලුත් අපේක්ෂකයා වන්නෙ රනිල් වික්‍රමසිංහ ය.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 06 දක්වා
මෙවර (2024) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 06 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කටයුතු සංවිධානය කර තිබෙනවා.
මේ වසරේ ගත වු කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 14 ලක්ෂයට ආසන්න වී ඇති බව වාර්තාවේ.
