News Items (18842)
කිරිඇල්ලගේ දුවට තැනක් දෙන්න, වසන්ත යාපාව පන්නයි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සිට සමගි ජන සන්ධානයට එක්වූ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මහතාට ඉදිරියේ පැවැත්වෙන මහමැතිවරණයකදී මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට අවස්ථාවක් ලබා දීමට හැකියාවක් නැතැයි සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ ප්‍රකාශයත් සමඟ දෙදෙනා අතර ඇති වූ විරසකය මේ වන විට උග්‍ර අතට පත් වෙමින් තිබේ.
ඉල්ලුමට සරිලන විදුලිබලය නිෂ්පාදනය කිරීමට නොහැකිව බංග්ලාදේශ අන්තර්වාර රජය දුෂ්කරතාවට පත්ව සිටින අතර, විදුලිබල හිඟය හේතුවෙන් ග්‍රාමීය ප්‍රදේශවල පමණක් නොව ඩකා අගනුවරද දිනකට වාර ගණනාවක් විදුලිය බිඳ වැටෙන බව වාර්තා වේ.
මුහුදුබඩ මාර්ගයේ කොළඹ කොටුව දෙසට ධාවනය වන දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
IMF කොන්දෙසි කඩ කිරීමෙන් වෙන දේ ගැන රනිල් කියයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දෙසි කඩ කිරීමෙන් යළිත් වරක් රටතුළ උද්දමනය ඉහළ යාම බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.
මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා අද (11) සහ හෙට (12) හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
අදත් ප්‍රදේශ කිහිපයකට කාලගුණයෙන් බලපෑම් - ධීවර ප්‍රජාවටත් දැනුම්දීමක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
2015 යහපාලන ගමන අවසන් වීම (අවුරුදු 76 ක් මොනවද කළේ ? - 10 වන කොටස)
මහින්ද රාජපක්ෂ පාලනය අවසන් කාලය වන විට විදේශ ණය පිළිබඳ ප්‍රශ්නය මත රටට බරපතල අර්බුදයකට මුහුණ දීමට සිදුවිය හැකි බවට අනතුරු හැඟවීම් තිබුණා. මේ නිසා 2016 පැවැත්විය යුතුව තිබු ජනාධිපතිවරණය දෙවසරකට පෙර කැඳවා ජයග්‍රහණය තහවුරු කර ගැනීමේ උත්සාහයක් ගත්තත් එම ජනාධිපතිවරණයෙන් මහින්ද පරාජය වී මෛත්‍රීපාල සිරිසේන බලය අත්පත් කර ගත්තා.
ශෂීන්ද්‍ර, ගීතා ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් 5ක් වහාම ඉවත් කරයි
වහාම ක්‍රියාත්මක වනපරිදි රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙකු ඔවුන් දැරූ ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අනුමතයි ! බොරු පුවත් මවන්න එපා - PMD
2025 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී නොමැති බවට පසුගියදා පුවත් පතක පළ වූ වාර්තා සාවද්‍ය බවත් ඒ සඳහා අදාළ අනුමැතිය මේ වන විටත් ලැබී ඇති බවත් ජනාදිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ලක්ෂ තුන හමාරක් ගත්ත ජවිපෙ කොහොමද ජනාධිපතිවරණය දිනන්න ඔය කියන තරම් ඡන්ද ගන්නේ? උතුර නැගෙනහිර ඡන්දත් නැතිව, හැටනම ලක්ෂයත් නැතිව. පොදුජන පෙරමුණේ ඡන්දත් අපිට එනව,අපි උතුර දිනනවා වගේම නැගෙනහිර ඉතාමත්ම වැඩි ඡන්ද සංඛ්‍යාවකින් දිනනවා. එහෙනම් මාලිමාවට ඡන්ද කොහෙන්ද යනුවෙන් මනුෂ නානායක්කාර මහතා ප්‍රශ්න කරයි.
''මාලිමාවෙන් මේ දවස්වල කියනවා ලක්ෂ පහලොවක් එයාලට ඡන්දය දෙන්න පිටරටින් එනවා කියලා. ලක්ෂ පහලොවක් ප්ලේන්වලින් නම් එන්න විදිහක් නැහැ. ඔය කියන විදිහට ඒ එන අය මෙහෙට ගොඩ බාලත් නැහැ. හදාගන්න බැරි කිසිම ගැලපීමක් නැති ගණන් හදන මාලිමාව කැන්වසින් කරගන්නෙත් මිනිස්සු ඇදලා. මාලිමාවට කියලා රැල්ල හදාගන්න මහන්සිවෙනවා. මේ බොරු රැලි වලට අහු වෙන්නේ නැතිව මේ රට ගොඩනගන වැඩපිළිවෙලට එකතු වෙන්න 21 වෙනිදාට බුද්ධිමත් තීන්දුවක් ගන්න කියලා මම ඉල්ලනවා.' යැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කුරුණෑගල දී සංවිධාන කෙරුණු ව්‍යාපාරික හමුවක දී මනූෂ නානායක්කාර පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර,
අපි මැතිවරණ වැඩසටහන් ආරම්භ කරේ 'ආරංචිය සුබයි' කියලා. අපි කිව්වේ ' මේ මේ වෙලාවේ රනිල් තමයි කියලා.' ඇත්ත වශයෙන්ම කිව යුතුයි මේ වෙලාවේ රනිල් තමයි කියලා. හැමෝම රැල්ලක් හදා ගෙන මාලිමාව මාලිමාව කියලා කියවනවා. හැමෝම සජබය සජබය කියනවා. රැල්ලට කියෙව්වට හැමදාම පෙරහැරේ ඉදිරියෙන්ම යන තැපැල් ඡන්දවල ආරංචිය සුබයි කියලා අපිට සුබ ආරංචියක් ඇවිල්ලා තියෙනවා.
කල්පනා කරල බලන්න අවුරුදු දෙකකට කලින් බෙහෙත් පෙත්තක් හොයාගන්න නැතිව මිනිසුන් කිදෙනක් මැරුණද. දරුවො කිදෙනෙක් මැරුණද නිව්මෝනියාව හැදිලා. දරුවාගේ වැඩීම බාල වුනා. ප්‍රතිශක්තිය ට බෙහෙත් නැති වුනා. එහෙම කඩා වැටුණු රටක් තමයි භාර ගත්‌තේ.
විපක්ෂයට මේ රට භාර ගන්න කිව්වා. බලල කියන්නම් කිව්ව. දවල්ට හා කියල යනවා. රැට බෑ කියනවා. බලන්නම් කියනවා. හා කියනවා, බෑ කියනවා. විපක්ෂනායකයා විදිහට ඔයා මේ රට භාරගන්න කියලා කියද්දිත් මග ඇරියා. එයා මුදල් අමාත්‍යාශ නිලධාරීන් ගෙන්වලා, මහ බැංකු අධිපතිතුමා ගෙන්නලා, ආර්ථික විශ්ලේකයන් ගෙන්වලා තත්වය බැලුවා. බාරගන්න බැ කියලා කිව්වා. අමාරු වැඩක් කියලා කිව්වා. ආර්ථික විශේෂඥවරු වගේ ඉන්න හර්ෂ ද සිල්වා කිව්වේ මේ රට භාරගන්න එක බරපතළ අභියෝගයක් කියලා. එහෙම කියලා කවුරු කවුරුත් බයේ පැනලා දිව්වා.
බරපතළ අභියෝගයක් කියලා කියපු රට රනිල් වික්‍රමසිංහ භාරගන අවුරුදු දෙකකින් රටේ බහුතරයක් තිබුණු ප්‍රශ්න සියල්ල විසදුවා. එදා අභියෝග හමුවේ බය නැති එකම එක නායකයයි හිටියේ. එයා බය වුනේ නැහැ. ඒයා බය නොවුනේ ඇයි? එයාට පළපුරුද්ද තිබුණා. අත්දැකීම් තිබුණා. දැනුමක් තිබුණා. එයාට දැක්මක් තිබ්බා. ඒ විතරක් නෙවේ, එයාට රැක ගන්න දෙයක් තිබ්බෙ නැහැ. පක්ෂ මන්ත්‍රීකම් රැකගන්න වුවමනා වුනේ නැහැ. නමුත් ඔහුට වුවමනා වුනේ තමන්‌ගේ ජීවිතය කැප කරලා හරි, මිනිස්සු වෙනුවෙන් හරි තීරණය ගන්න.
