අපිට ලැබෙන ආරංචි සුබයි - මනුෂ නානායක්කාර Featured

Published in පුවත්
Tuesday, 10 September 2024 13:52

ලක්ෂ තුන හමාරක් ගත්ත ජවිපෙ කොහොමද ජනාධිපතිවරණය දිනන්න ඔය කියන තරම් ඡන්ද ගන්නේ? උතුර නැගෙනහිර ඡන්දත් නැතිව, හැටනම ලක්ෂයත් නැතිව. පොදුජන පෙරමුණේ ඡන්දත් අපිට එනව,අපි උතුර දිනනවා වගේම නැගෙනහිර ඉතාමත්ම වැඩි ඡන්ද සංඛ්‍යාවකින් දිනනවා. එහෙනම් මාලිමාවට ඡන්ද කොහෙන්ද යනුවෙන් මනුෂ නානායක්කාර මහතා ප්‍රශ්න කරයි.

''මාලිමාවෙන් මේ දවස්වල කියනවා ලක්ෂ පහලොවක් එයාලට ඡන්දය දෙන්න පිටරටින් එනවා කියලා. ලක්ෂ පහලොවක් ප්ලේන්වලින් නම් එන්න විදිහක් නැහැ. ඔය කියන විදිහට ඒ එන අය මෙහෙට ගොඩ බාලත් නැහැ. හදාගන්න බැරි කිසිම ගැලපීමක් නැති ගණන් හදන මාලිමාව කැන්වසින් කරගන්නෙත් මිනිස්සු ඇදලා. මාලිමාවට කියලා රැල්ල හදාගන්න මහන්සිවෙනවා. මේ බොරු රැලි වලට අහු වෙන්නේ නැතිව මේ රට ගොඩනගන වැඩපිළිවෙලට එකතු වෙන්න 21 වෙනිදාට බුද්ධිමත් තීන්දුවක් ගන්න කියලා මම ඉල්ලනවා.' යැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කුරුණෑගල දී සංවිධාන කෙරුණු ව්‍යාපාරික හමුවක දී මනූෂ නානායක්කාර පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර,

අපි මැතිවරණ වැඩසටහන් ආරම්භ කරේ 'ආරංචිය සුබයි' කියලා. අපි කිව්වේ ' මේ මේ වෙලාවේ රනිල් තමයි කියලා.' ඇත්ත වශයෙන්ම කිව යුතුයි මේ වෙලාවේ රනිල් තමයි කියලා. හැමෝම රැල්ලක් හදා ගෙන මාලිමාව මාලිමාව කියලා කියවනවා. හැමෝම සජබය සජබය කියනවා. රැල්ලට කියෙව්වට හැමදාම පෙරහැරේ ඉදිරියෙන්ම යන තැපැල් ඡන්දවල ආරංචිය සුබයි කියලා අපිට සුබ ආරංචියක් ඇවිල්ලා තියෙනවා.

කල්පනා කරල බලන්න අවුරුදු දෙකකට කලින් බෙහෙත් පෙත්තක් හොයාගන්න නැතිව මිනිසුන් කිදෙනක් මැරුණද. දරුවො කිදෙනෙක් මැරුණද නිව්මෝනියාව හැදිලා. දරුවාගේ වැඩීම බාල වුනා. ප්‍රතිශක්තිය ට බෙහෙත් නැති වුනා. එහෙම කඩා වැටුණු රටක් තමයි භාර ගත්‌තේ.

විපක්ෂයට මේ රට භාර ගන්න කිව්වා. බලල කියන්නම් කිව්ව. දවල්ට හා කියල යනවා. රැට බෑ කියනවා. බලන්නම් කියනවා. හා කියනවා, බෑ කියනවා. විපක්ෂනායකයා විදිහට ඔයා මේ රට භාරගන්න කියලා කියද්දිත් මග ඇරියා. එයා මුදල් අමාත්‍යාශ නිලධාරීන් ගෙන්වලා, මහ බැංකු අධිපතිතුමා ගෙන්නලා, ආර්ථික විශ්ලේකයන් ගෙන්වලා තත්වය බැලුවා. බාරගන්න බැ කියලා කිව්වා. අමාරු වැඩක් කියලා කිව්වා. ආර්ථික විශේෂඥවරු වගේ ඉන්න හර්ෂ ද සිල්වා කිව්වේ මේ රට භාරගන්න එක බරපතළ අභියෝගයක් කියලා. එහෙම කියලා කවුරු කවුරුත් බයේ පැනලා දිව්වා.

බරපතළ අභියෝගයක් කියලා කියපු රට රනිල් වික්‍රමසිංහ භාරගන අවුරුදු දෙකකින් රටේ බහුතරයක් තිබුණු ප්‍රශ්න සියල්ල විසදුවා. එදා අභියෝග හමුවේ බය නැති එකම එක නායකයයි හිටියේ. එයා බය වුනේ නැහැ. ඒයා බය නොවුනේ ඇයි? එයාට පළපුරුද්ද තිබුණා. අත්දැකීම් තිබුණා. දැනුමක් තිබුණා. එයාට දැක්මක් තිබ්බා. ඒ විතරක් නෙවේ, එයාට රැක ගන්න දෙයක් තිබ්බෙ නැහැ. පක්ෂ මන්ත්‍රීකම් රැකගන්න වුවමනා වුනේ නැහැ. නමුත් ඔහුට වුවමනා වුනේ තමන්‌ගේ ජීවිතය කැප කරලා හරි, මිනිස්සු වෙනුවෙන් හරි තීරණය ගන්න.

Last modified on Tuesday, 10 September 2024 14:13

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us