ශෂීන්ද්‍ර, ගීතා ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් 5ක් වහාම ඉවත් කරයි

Published in පුවත්
Tuesday, 10 September 2024 20:11

වහාම ක්‍රියාත්මක වනපරිදි රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙකු ඔවුන් දැරූ ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ගීතා කුමාරසිංහ ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙකු එලෙස සිය ධුරවලින් ඉවත් කර ඇති බවය.

සෙසු පිරිස වන්නේ ශෂීන්ද්‍ර රාජපක්ෂ, අමිත් තේනුක විදානගමගේ, ප්‍රසන්න රණවීර සහ ඩී.වී. චානක යන අය වෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (3) (අ) වගන්තිය ප්‍රකාරව එම ඉවත් කිරීම් සිදු කර ඇත.

ඔවුන් දැරූ රාජ්‍ය අමාත්‍ය ධුර වන්නේ...

ගීතා සමන්මලී කුමාරසිංහ - කාන්තා හා ළමා කටයුතු

ශෂීන්ද්‍ර රාජපක්ෂ - වාරිමාර්ග හා ජල සම්පාදන

තේනුක විදානගමගේ - නාගරික සංවර්ධන හා නිවාස

ප්‍රසන්න රණවීර - කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන

ඩී.වී. චානක - විදුලිබල හා බලශක්ති

ඉන් ගීතා කුමාරසිංහ මහත්මිය ඊයේ (09) ජනාධිපති ධුර අපේක්ෂක සජිත් මහතාට සහාය පළ කරමින් මහනුවරදී ඔහුගේ රැලියකට එක්වූවාය.

මේ අතර, ශෂීන්ද්‍ර රාජපක්ෂ, තේනුක විදානගමගේ, ප්‍රසන්න රණවීර සහ ඩී.වී. චානක ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාට සහාය පළ කරනු ලැබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us