බංග්ලාදේශය තවම කළුවරේ, ව්‍යාපාර බිඳ වැටේ.   Featured

Published in විදෙස්
Wednesday, 11 September 2024 09:53

ඉල්ලුමට සරිලන විදුලිබලය නිෂ්පාදනය කිරීමට නොහැකිව බංග්ලාදේශ අන්තර්වාර රජය දුෂ්කරතාවට පත්ව සිටින අතර, විදුලිබල හිඟය හේතුවෙන් ග්‍රාමීය ප්‍රදේශවල පමණක් නොව ඩකා අගනුවරද දිනකට වාර ගණනාවක් විදුලිය බිඳ වැටෙන බව වාර්තා වේ.

මේ තත්ත්වය එරට ව්‍යාපාරිකයන්ට ඔවුන්ගේ දෛනික ව්‍යාපාර කටයුතු සඳහා දැඩි බලපෑම් එල්ල වී ඇතැයි ද, ඉදිරි පැය 48 ඇතුළත විදුලිය බිඳවැටීම යථා තත්ත්වයට පත් කිරීමට අන්තර්වාර අසමත් වන්නේ නම් රජයට එරෙහිව වීදි බසින බවට සිලෙට් නුවර ව්‍යාපාරික ප්‍රජාව දැනටමත් තර්ජනය කර තිබේ.

සිලෙට් නුවර ව්‍යාපාරික සංගම් රැසක් ඒකාබද්ධව එම නිවේදනය නිකුත් කර ඇති අතර, සෑම පැය භාගයකට වරක් විදුලිය බිඳ වැටීම හේතුවෙන් සිදුවන ව්‍යාපාරික අලාභයට රජය වගකිව යුතු බවට චෝදනා කර ඇතැයි ද වාර්තා වේ. එහෙත් ජාතික විදුලිබල පද්ධතියට අවශ්‍ය විදුලි ධාරිතාව සපයා ගත නොහැකිව අසීරුතාවට පත්ව සිටින අන්තර්වාර රජයට සිලෙට් නුවරට අවශ්‍ය මෙගාවොට් 700ක ඉල්ලුම සපුරා ගැනීම අභියෝගයක් වී ඇත.

අන්තර්වාර රජයේ වාණිජ හා මුදල් උපදේශක ආචාර්ය සලේහුඩීන් අහමඩ් ප්‍රකාශ කර ඇත්තේ එරට විදුලිබල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට කාලයක් ගතවනු ඇති බවය. වාර්තාකරුවන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සපයමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ විදුලි හිඟය පිළිබඳ රජයේ දැඩි අවධානය යොමු වූවද, ඉන්ධන හා ගල් අඟුරු ආනයනය කරමින් කඩිනමින් එම ගැටලුව විසඳීමට රජය අපේක්ෂා කරන බවය.

Last modified on Wednesday, 11 September 2024 09:54

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us