ජාතික සිරකරු දිනය අදයි

Published in පුවත්
Thursday, 12 September 2024 09:35

බන්ධනාගාරගත රැඳවියන් හට අමුත්තන් බැලීම සඳහා අද දින විශේෂ විවෘත අවස්ථාවක් නොහොත් ඕපන් විසිට් අවස්ථාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

අදට යෙදී තිබෙන සිරකරු දිනය හේතුවෙන් බන්ධනාගාර ගත වූ රැඳවියන් 350 දෙනෙකු සඳහා අද (12) දින විශේෂ රාජ්‍ය සමාවක් හිමිව තිබෙන අතර ඊට සමගාමීව සිරකරුවන්ගේ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රධානයක් ද අද දවසේ සිදු කෙරේ.

අතිගරු ජනාධිපතිතුමා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව එම රාජ්‍ය සමාව පිරිනැමෙනු ඇත.

අද රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය, එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට අවස්ථාව ලබා දී ඇති බවත්, සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් බැලීමේ කටයුතු දිවයිනේ සියලුම බන්ධනාගාර ආයතනයන් තුළ සිදු කරනු ලබන බවත් වාර්තා වේ.

 

Last modified on Thursday, 12 September 2024 09:38

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us