පැනල දුවපු අයට ද නැවත රටේ ආර්ථිකය භාර දෙන්න වෙන්නේ ? ජනපති අසයි

Published in පුවත්
Thursday, 12 September 2024 09:31

රටේ මීළඟ ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ දී ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු පවසන්නේ ජනතාව නිවැරදි තීරණයක් නොගතහොත් රට තුළ යළිත් ආර්ථික අර්බුදයක් හටගනු ඇති බවය.

අම්පාර සයින්දමර්දු ප්‍රදේශයේ පැවති ජනරැලියක් අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

"වෙළෙඳාමයි, ගොවිතැනයි නැති වුණොත් මුස්ලිම් ජනතාව ඉවරයි. ඉතින් මුස්ලිම් කොංග්‍රසයෙන් අහන්න කාටද වෙළෙඳාම දියුණු කරන්න පුළුවන් ? කාටද ගොවිතැන දියුණු කරන්න පුළුවන් කියලා. ඒ ගැන හිතලා ඡන්දෙ දෙන්න. ජීවන බර වැඩියි කියනවා. හරි මමත් පිළිගන්නවා. රුපියල තව ශක්තිමත් කරලා ඊළඟ අවුරුද්දේ ජීවන බර තවත් සැහැල්ලු කරනවා. ජීවන බර වැඩියි කියන සජිත්ගෙනුයි, අනුරගෙනුයි අහනවා ඇයි මේක භාරගෙන ජීවන බර අඩුකළේ නැත්තේ? ඔයාලා දුවලා ගියා. මට භාරදුන්නා. දැන් මම භාරගත්ත රට ගෙනියන්නේ. ඉතින් ඔයාලට ද ආපහු ආර්ථිකය භාරදෙන්නේ. කොච්චර අමාරු වුණත් 2022, 2023 යල කන්නයේ, 2023 මහ කන්නයේ, 2023 - 2024 යල කන්නයේ, 24 මහ කන්නයේ ඔක්කෝගෙන්ම සල්ලි හම්බවුණා. ඊළඟ යල කන්නයටත් සල්ලි හම්බවෙනවා. මම ලෝක බැංකුවට කතා කරලා, සමන්තා පවර්ට කතා කරලා වැඳලා මේ ගත්ත පොහොරවලින් ඒක දීලා තිබුණේ. ඒ වෙලාවේ කොහේ ද සජිත් හිටියේ, කොහේද මුස්ලිම් කොංග්‍රසය හිටියේ. ඔයගොල්ලන්ට ද ඡන්දේ දෙන්නේ. ඉල්ලෙයි...ඉල්ලෙයි...එහෙම නම් අනාගතය දිහා බලලා සැප්තැම්බර් 21 ගෑස් සිලින්ඩරය ළඟින් කතිරේ ගහන්න. නැත්නම් ගෑසුත් නෑ, අනගතයත් නෑ."

Last modified on Thursday, 12 September 2024 09:31

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us