ඡන්ද පෙට්ටි මාරු වෙයිද ?

Published in පුවත්
Friday, 13 September 2024 08:45

ඡන්ද මධ්‍යස්ථානයේ සිට ගණන්කිරීමේ මධ්‍යස්ථානය දක්වා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරන රථය පසුපසින් අපේක්ෂකයින්ගේ නියෝජිතයින්ට වාහනයකින් පැමිණිමට අවස්ථාව ලබාදී තිබේ.

ඒ අනුව ඡන්ද මධ්‍යස්ථානයේ සිට ගණන්කිරිමේ මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි අවසන් පොලිස් මුරපොළ දක්වා ඡන්ද පෙට්ටි රැගෙන එන වාහනය පසුපසින් පැමිණීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසීය.

එසේ යාමට අවශ්‍ය නම් අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ නම, පසුපසින් පැමිණෙන වාහනයේ අංකය සහ වාහනයේ සිටින නියෝජිතයාගේ නම ඇතුලත් විස්තර වාර්ථාවක් ඡන්ද විමසීමේ දිනයට දින තුනකට පෙර බලයලත් නියෝජිතයකු විසින් දිස්ත්‍රීක් මැතිවරණ කාර්යාලය වෙත ලබාදිය යුතුය.

ඒ සඳහා නිකුත් කරන වාහන බලපත්‍රය අදාළ ඡන්ද පොළේ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිගෙන් ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දෙයි.

ඡන්ද විමසීම අවසන් කිරිමෙන් පසු ගණන් කිරීමේ මධ්‍යස්ථානය වෙත රැගෙන යන ඡන්ද පෙට්ටියම කිසිදු වෙනසක් නොමැතිව නියමිත ගණන් කිරීමේ මධ්‍යස්ථානය වෙත භාරදෙන්නේද යන්න පිළිබඳව ඇතැම් දේශපාලඥයින් සහ අපේක්ෂකයින් සැක සහිත බව ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය.

මේ අතර ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 3,500යේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

පසුගිය ජුලි 31වනදා සිට පෙරේදා පස්වරු 4:30 දක්වා කාලය තුළ ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 3,610කි.

ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාවෙන් 3,047ක් විසඳීමට මේ වනවිට කටයුතු කර ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us