එමෙන්ම අමාත්‍යවරයා පවසා සිටියේ එළබෙන 2025 වසරේ සිට කිසිඳු පසුවීමක් නොමැතිව විභාග, වාරසටහන් සහ විභාග කාලසටහන ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙවැන්නකී,
“ලබන වසරේ පාසල් වාරය ආරම්භ වෙනවා ජනවාරි 20 වැනිදා. නමුත් තුන්වැනි වාරයේ සති දෙකක් පාසල් පවත්වන්න වෙනවා දින ගණන ආවරණය කරන්න. 2025 ජනවාරි 20 පළමු පාසල් වාරයේ පළමු දිනය ආරම්භ වෙනවා. ඒ වනවිට නිල ඇඳුම්, පෙළපොත්, සියල්ල සූදානම් බවට සහතියක් ලබාදෙන්න පුළුවන්..”