ආර්ථිකයේ සම්පූර්ණ පෙරළියක් ඇති කරලා අලුත් ආර්ථිකයක් ගෙනත් දෙනවා - ජනපති Featured

Published in පුවත්
Monday, 16 September 2024 09:53

තනි ආසනයක් පමණක් තබාගෙන පාර්ලිමේන්තු බලයෙන් රට ස්ථාවර කළ තමන් මෙවර ජන වරමක් ඉල්ලන්නේ විප්ලවයකින් රට ගොඩනැගීමට බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ 'පුළුවන් ශ්‍රී ලංකා'' සංකල්පය බලගැන්වීමේ අරමුණින් මහනුවර දී සංවිධාන කළ තවත් ජන රැලියක් අමතමිනි. 

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

"දැන් කියනවා සජබෙන් මම දැන් ඉල්ලලා අස් වෙනවාලු මේ තරගයෙන්. ඒ අය දැනගන්න ඕනේ මම ඉල්ලලා අස්වෙන මිහිහෙක් නෙමෙයි කියලා. ඒ ගොල්ලෝ වාගේ රනින් සූෂ් දාගෙන දුවන මිනිහෙක් නෙමෙයි කියලා.

මම කියන්නේ එන්න මං එක්ක මේ අවස්ථාවේ එකතු වෙන්න. යූ.එන්.පී හැම එක්කෙනාටම මම කියනවා එන්න මං එක්ක එකතු වෙන්න කියලා. සජිත් ප්‍රේමදාස මැතිතුමාටත් කියනවා මට උගන්වන්න බැරිවුණ එකක් උගන්වන්නම් දුවන්නේ නැතිව ඉන්න.  

මගේ මූලික පරමාර්ථය ඊළඟ අවුරුදු පහේ ජීවන වියදම සැහැල්ලු කරවන්න. 2025 අවසන් වෙනකොට ඒකේ ප්‍රතිඵලය ඔබ දකිනවා. මම පාර්ලිමේන්තු බලය එක්ක රට ස්ථාවර කළා. මම ඔබේ ඡන්ද බලය ඉල්ලන්නේ විප්ලවයක් කරන්න. 

අවුරුදු 5යි ඉල්ලන්නේ  ආර්ථිකයේ  සම්පූර්ණ පෙරළියක් ඇති කරලා අලුත් ආර්ථිකයක් ගෙනත් දෙනවා"

Last modified on Monday, 16 September 2024 10:42

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us