දළදා මාලිගාවේදී ඡායාරූප ගත් යුවළට නඩු දාන්න බැහැ - පොලිසිය

Published in පුවත්
Monday, 16 September 2024 08:37

මහනුවර ශ්‍රී දළදා මාලිගාව තුළ ඡායාරූප ගත් යුවළ කිසිදු වරදක් සිදුකර නැති බවට පොලිස් විමර්ශන මගින් අනාවරණය වී තිබෙන බවත් ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට නොහැකි බවත් මහනුවර කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මෙම යුවළ ඡායාරූප ගත් දින උදෑසනම විවාහ වී දළදා මාලිගාව වැඳපුදා ගැනීමට පැමිණ ඇති බවත් ඒ අතරතුර ඡායාරූප ගෙන ඇති අතර එවැනි ඡායාරූප බොහෝ දෙස් විදෙස් සංචාරකයන් ගෙන තිබෙන බවත් කී එම නිලධාරියා ඊට කිසිදු නීතිමය තහනමක් නැති බවද පැවැසුවේය.

මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ මෙය වරදක් බවට ඒත්තු ගන්වමින් සිදුවූ ප්‍රචාරයන් මඩ ගැසීම් බවත් මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලට අනුව පොලිසිය විමර්ශන සිදුකර, ඊට අදාළ බී වාර්තාව ද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙන බවත් හෙතෙම කීවේය.

මෙම ඡායාරූප ගැනීමේ සිද්ධියට ඉඩ දිම සම්බන්ධයෙන් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑලටද චෝදනා එල්ල වී තිබිණි.

ඒ සම්බන්ධයෙන් දියවඩන නිළමේවරයාගෙන් කළ විමසුමකදී සඳහන් කළේ මෙවැනි සිද්ධිවලට කිසිසේත්ම අවසර නොදෙන බවයි. ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ කරන ලද නිරීක්ෂණවලදී මේ යුවළ මාලිගාව වැඳ පුදා ගැනීමට මහජනතාව පැමිණෙන සාමාන්‍ය වේලාවක පැමිණ ඡායාරූප ගෙන ඇති බවද ඔහු පැවැසුවේය. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් කෙරෙන බවද දියවඩන නිළමේවරයා සඳහන් කළේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us