රට අර්බුදයකින් ගොඩ ඒමට ආසන්නයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳවද අවධානයට ගත යුතුව ඇති බවද ඔවුන් අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ජනාධිපතිවරණයට පෙර 4.7%කින් පුළුල් වී ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.
වසරකට පෙර සිට ජුනි දක්වා මාස තුන තුළ දළ දේශීය නිෂ්පාදිතය 4.7% කින් ඉහළ ගොස් ඇති බව සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පසුගිය සිකුරාදා ප්‍රකාශ කළේය.
එමෙන්ම මෙවර ජනාධිපතිවරණය දේශපාලන ප්‍රභූ පැලැන්තිය හා සහ කලක් සන්නද්ධ කැරලි සඳහා කුප්‍රකට වාමාංශික සංවිධානයක නායකයා අතර සටන් බිමක් බවට පත්ව ඇති බවත් සඳහන් කරන වෙබ් අඩවිය මෙරට ආර්ථික වර්ධනය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා, ශ්‍රී ලංකාවේ නව නායකයකු පත් වුවහොත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කිරීමටත් අරමුදල් ගලා ඒම සඳහා IMF විසින් නියම කරන ලද ප්‍රතිසංස්කරණ අනුගමනය කිරීමටත් සිදුවනු ඇති බවත් අවධාරණය කර ඇත.
-P.M