ජනතාව ජීවත් කරවීමේ වගකීම මම කළා

Published in පුවත්
Wednesday, 11 September 2024 11:38

ගෙවී ගිය අසීරුම කාලයේ පැවති ආර්ථික අභියෝගය හමුවේ ජනතාවට අවශ්‍ය ආහාර,ඖෂධ, ඉන්ධන සහ අනෙකුත් අවශ්‍යතා සපුරාලමින් ඔවුන් ජීවත් කරවීමේ වගකීම ඉටු කිරීම නිසා අද බහුතර ජනතාවගේ උපහාරය තමා වෙත හිමිව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එම උපහාරය තමා සතුටින් පිළිගන්නා බව පැවසු ජනාධිපතිවරයා ජනතාව දුක් විඳින විට එය බලා සිටිය නොහැකි වූ තමා ජනතාව වෙනුවෙන් රට ගොඩනැඟීමේ අභියෝගයට මුහුණ දුන් බවත් කීවේය.

ඊයේ (10) පස්වරුවේ නාරම්වල ප්‍රදේශයේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේය.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටි අතර, ජන රැලිය ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මේ රටේ ජනතාව පෝලිම්වල දුක් විඳින විට සොයා ගැනීමටවත් නොසිටි සජිත්ට හා අනුරට තම අනාගතය භාර දීමට මේ රටේ ජනතාව සූදානම් නොමැති බවයි.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ රටේ ආර්ථිකය ගොඩනැගීමට එක් වූ පිරිසට රටේ අනාගතය ගොඩනැඟීමේ ශක්තියද ඇති බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා වූ වැඩපිළිවෙළ “පුළුවන් ශ්‍රී ලංකා” වැඩපිළිවෙළින් ඉදිරිපත් කර තිබෙන බවද කියා සිටියේය.


Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us