පොත ගිනි තබනු..නැතිනම් මරා දමනවා.. ජවිපෙ මාධ්‍ය දඩයම එතරම් බලවත්ද ? Featured

Published in Gossip
Wednesday, 11 September 2024 16:35

දිවයින පුවත් පතෙහි ජේෂ්ඨ මාධ්‍යවේදී මාධ්‍යවේදී එරික් ගාමිණී ජිනප්‍රියගේ විසින් රචිත 'NPP කතාව සහ JVP ක්‍රියාව' නම් කෘතිය පසුගිය 4 වන දින බෙංගමුවේ නාලක හිමියන් වෙත එය පිළිගැන්වීමින් ජනගත කිරීම සඳහා සියළු කටයුතු සූදානම්ව තිබියදී මැතිවරණ කොමිසම විසින් එය වැලැක්වීමට කටයුතු කළ බවට දිවයින පුවත් පතෙහිම පුවතක් පළ කර තිබිණි.

එහෙත් ගැටලුව වන්නේ මැතිවරණ කොමිසමට එවැනි අයිතියක් ලැබුණේ කෙසේද යන්නය. යම් පුද්ගලයකු විසින් තමන්ගේ විමර්ශනයක් අනුව සොයාගත් කරුණු කාරණා සහ නිගමනයන් ප්‍රකාරව ස්වාධීන මතයක් ප්‍රකාශයට පත් කරමින් කෘතියක් ප්‍රකාශයට පත් කිරීම වැළැක්වීම මැතිවරණ කොමිසමට අයිතියක් ඇත්තේ නැත. මැතිවරණ නීතිය අනුව එවැන්නක් කිරීමේ ප්‍රතිපාදනද නැත. එසේ අයිතියක් තිබේ නම් මේ දිනවල කිසිදු දේශපාලකයකුට අනෙක් පක්ෂයක් දේශපාලනය විවේචනය කිරීමේ අයිතියද අහෝසි විය යුතුය. පුවත් පතක දේශපාලන විග්‍රහයක් හෝ පළ කිරීමට නොහැක.

කොහොම නමුත් මෙම කෘතිය ජනගත කිරීම වැලැක්වීම, මැතිවරණ කොමිසම ලවා සිදු කර ගැනීමට පැමිණිලි කිරීමක් සිදුව ඇත. එය ජවිපෙ විසින් සිදුකර ඇත. මැතිවරණ කොමිසමේ නිලධාරීන් පැමිණ මේ වැලැක්වීමට උත්සහ ගත්ත ද ජනාධිපතිවරණ අපේක්ෂකයන් විවේචනය කිරීමේ කිසිදු පුකාශයක් සිදු නොකිරීමේ එකඟතාවය මත උත්සවය පැවැත්වීමට අවසර ලබා දී ඇත.

කෙසේ නමුත් මෙම කෘතිය ජනගත කිරීම වැලැක්වීමට ජවිපෙට තිබු වුවමණාව පැහැදිලිය. නමුත් මෙම සිදු වීමත් සමඟ දැන ගැනීමට තිබෙන අනෙක් කරුණු අතිශය භයංකරය.

එරික් ගාමිණී ජිනප්‍රියගේ විසින් රචිත 'NPP කතාව සහ JVP ක්‍රියාව' නම් කෘතිය මගින් ජවිපෙ සහ ජාතික ජන බලවේගයෙත් එහි නායකකාරකාදීන්ගෙත්, ඇත්ත හෙළිදරව් කිරීමක් සිදුව තිබේ. මේ අනුව ඒ ගැන ආරංචිය පැතිරීමෙන් පසුව දිවයින පුවත් පත් පාලනාධිකාරියට ජවිපෙ නියෝජනය කරන පුද්ගලයන්ගෙන් ලැබුණු තර්ජනාතාත්මක දුරකතන ඇමැතුම් අනුව මෙම කෘතිය ප්‍රකාශට පත් කිරීම වලක්වන ලෙසත් මෙහි කතුවරයාව සේවයෙන් ඉවත් කළ යුතු බවටත් තර්ජනය කෙරී ඇත. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ජේෂ්ඨ මාධ්‍යවේදී මාධ්‍යවේදී එරික් ගාමිණී ජිනප්‍රියගේ වැඩ තහනම් කිරීමට දිවයින පාලන අධිකාරිය පියවර ගත් බවත් දැන ගැනීමට තිබේ.

මෙම මාධ්‍යවේදියා ආයතනයෙන් පළවා හරින ලෙස දිවයින කළමණාකාර අධ්‍යක්ෂවරයාට තර්ජනය කර ඇත්තේ ජවිපෙ ඉහළම නායකයන් දෙදෙනෙකු බවත් එම දැනුම් දීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවූ බව එහි පාලනාධිකාරිය විසින් දිවයින කර්තෘ මණ්ඩලයේ කිහිප දෙනෙකු වෙත ප්‍රකාශ කර ද තිබේ. තමන්ට මේ තර්ජනය හමුවේ යටත් වන්නට සිදුවීම ගැන කණගාටුව ප්‍රකාශ කිරීමක්ද කර ඇත.

එමෙන්ම ඉන් පසුව එරික් ගාමිණී ජිනප්‍රිය මහතා රචිත පොත් සියල්ල විනාශ කර දමන ලෙසත් එසේ නොමැති වුවහොත් ඔහු මරා දමන බවට එන දුරකථන ඇමතුම් ගනනාවක් දිවයින කාර්යාලට ලැබී ඇත. මේ හේතුවෙන් දිවයින කාර්යාලයේ දුරකථන අංකය තාවකාලිකව විසන්ධි කිරීමට උපාලි පුවත්පත් සමාගම පියවරගෙන තිබුණ බවත් පැවැසේ.

මෙම සිදුවීම මත මාධ්‍ය සංවිධාන කිහිපයක්, එරික් ගාමිණි ජිනප්‍රිය මහතා වහාම සේවයේ පිහිටුවන ලෙස සහ ඔහුට ඇති මරණ තර්ජන හමුවේ ඔහුගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස දිවයින පාලනාධිකාරීට ලිඛිතව දන්වා ඇති බවත් දැන ගැනීමට ඇත.

කෙසේ නමුත් ජවිපෙට මෙලෙස මාධ්‍යවේදීන්ට මරණ තර්ජනය කර ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය අඩපණ කිරීමට තරම් බලයක් ලැබුණේ කෙසේද යන්න ගැටළුවකි. එසේම මේ මාධ්‍ය ආයතනයේ පාලනාධිකාරීය ජවිපෙ හමුවේ මෙතරම් නිවට තැනට ඇද වැටුණේ ඇයිද යන්නත් ගැටළුවකි. දිවයින පුවත් පත් ඉතිහාසය තුළ නම් දිවයින කියන්නේ කිසිදා දේශපාලකයන් ඉදිරියේ නිවට වූ මාධ්‍ය භාවිතයක නිරත වූ තැනක් නොවේ. දයාසේන ගුණසිංහ, සුනිල් මාධව වැනි අදීන මාධ්‍යවේදීන් දේශපාලකයන් සමඟ ගැටුනේ ප්‍රසිද්ධියේය.

මේ සිදුවීම සම්බන්ධයෙන් වාර්තා වී ඇති කරුණු එලෙසම සත්‍යයක් නම් ජවිපෙ වැනි පක්ෂයක් බලයට පත් වුවහොත් ඇති විය හැකි තත්වය ගැන ඉතා පැහැදිලිය. එමෙන්ම අතිශය භායානකය.

npp

np

Leave a comment

 

ld add copy

ක්‍රීඩා

Connet With Us