සජිත්ට ලොකු ලණුවක් දීලා මාට්ටු, දැන් වියරුවෙන්. Featured

Published in Gossip
Sunday, 15 September 2024 14:30

සමගි ජන බලවේගයේ, ජනාධිපති අපේක්ෂක, සජිත් ප්‍රේමදාස ඔහු ඉදිරියේ දී ලැබීමට නියමිත නියත පරාජයෙන් තැති ගැන්මකට ලක්වී, සමීපතමයන් කිසිවකුට හෝ ඇහුම්කන් නොදෙන වියරුවෙන් පෙලෙන අයෙක් ලෙස හැසිරෙන බවට, සජබ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

ඔහුගේ දකුණු අත ලෙස සැලකෙන පවුලේ “වසනාවන්ත” සමීපතමයා පුද්ගලයා සහ තවත් කිහිප දෙනෙකු බොහෝ කාලයක් ව්‍යාජ සමික්ෂණ වාර්තා ඉදිරිපත් කර, ඔහු සැනසුවත්, එන්න එන්නම පාක්ෂිකයනුත් මහජනතාවත් ඔහුගෙන් ඉවත් වීම සිදුවෙමින් තිබෙන බව ඔහුට තේරුම් ගොස් ඇත. මේ වන විටත් පෙර සූදානම් කළ ප්‍රසිද්ධ රැස්වීම් ගනනාවක්ම ජනතාව නොමැතිව අවලංගු කිරීමත්, සමාජ මාධ්‍ය තුළින් ඔහුව සමච්චලයට ලක්වීමත්, ජන්ද ව්‍යාපාරයට මුදල් නොමැති වීමත් හරහා, සජිත් ප්‍රේමදාස ජන්ද ව්‍යාපාරය කඩා වැටී ඇති බව, දේශපාලන විචාරකයන්ගේ ද මතය වී ඇත.

මේ කඩා වැටීම සජිත්ගෙන් වසන් කර ඔහුගේ “වසනාවන්ත” සමීපමතමයා, පසුගිය සති කිහිපය මුළුල්ලේම නිර්ලජ්ජිත ක්‍රියාවලියක යෙදි ඇති බව, සජබයේ දේශපාලනයේ කෙරුමන්ට අතටම හසු වී ඇති අතර ඒ පිළි බඳ සජිත්ව දැනුම් වත් කිරීම අනුව සජිත්ගේ වියරුව උත්සන්න වී ඇත.

මැතිවරණය කොමිසම, හොර සමීක්ෂණ වලට වැට බැඳි වෙලාවක, රටේ තිබෙන ප්‍රවීණ සමීක්ෂණ ආයතනයක නමක් යොදා ගනිමින්, සජිත් ප්‍රේමදාසගේ හොරනෑවක් වන පුවත් පතක් හා වෙබ් අඩවියක්, පසුගියදා දිගූ ලිපියක් හරහා පවසා ඇත්තේ, සජිත් 40%, අනුර 30%, රනිල් 7%, හා නාමල් 7% ක් දැනට ලබා ඇති බවයි. මෙම ආයතනයේ නම අප මෙහි නොදමන්නේ එය බොරු ප්‍රචාරයක් බැවිනි. ඒ වාර්තාවට අනුව, එම ආයතනය අවුරුදු 25 ක් කීවාද, එම ආයතනය පටන් අරගෙන ඇත්තේ 2010 වසරේය. ඒ සමාගමේ කොටස් හිමිකාරත්වය 100% ලාංකිකයන් බවටත් සමාගම් ලියාපංදිචි කාර්යාලයෙන් අප තහවුරු කර ගෙන ඇත. කෙසේ නමුත් සජිත් ප්‍රේමදාස, මේ සමාගමේ නම යොදාගෙන, ඔහු දිනනවා කියා කිව්වේ ඇයි? රනිල් 7% කිව්වේ ඇයි?

මේ පිළිබද අපි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ, සමීපතමයෙක් සහ ජානාධ්පති කාර්‍යාලායේ උසස් නිලධාරියෙකු වන අයත්ගෙන් විමසූ විට, පැවසූයේ, ඔය කියන සමීක්ෂණ ආයතනය ජනපති රනිල්ගේ වසර ගනනාවක් තිස්සේ දේශපාලන සමීක්ෂණකරුවන් බවත්, මේ කියන සමික්ෂණ වාර්තාවට අනුව රනිල් 7% ත්, සජිත් 40% නොවන බවත්ය.

එම වාර්තාව, රනිල්ගේ, පාසල් මිතුරෙකු, සහ හිටපු ඇමති කෙනෙක්, මේ වන විටත් ජනපති රනිල්ට ඉදිරිපත් කර ඇති බවත් තහවුරු කළේය.

සජිත්ගේ හොරනෑව බවට පත්ව සිටින් පුවත් ආයතනය මේ ව්‍යාජ සමීක්ෂණ වාර්තාව ගැන හෙළිදරව් කර විනාඩි 30 ක් ඇතුළත ජනාධිපති රනිල්ට හිටපු ඇමතිවරයා එම සත්‍ය වාර්තාව පෙන්නූ විට, රනිල් සිනාසුනු බවත්, අපට දැනගැනීමට ලැබිණි. මේ අතර එම සත්‍ය වාර්තාව සජිත් ප්‍රේමදාස අතට පත් කරන්නට සජබයේ ජේෂ්ඨයකු හරහා කටයුතු කර ඇත. පිරිසක් කටයුතු කර ඇත. සජිත් දැන් වියරුවට පත්ව ඇත්තේ ඒ අනුවය.

සජිත් ගේ, “වසනාවන්ත” සමීපතමයා සජිත්ව ගොනාට අන්දවන්න ගහපු අවසන් ගේම් එක කුඩු වුනේ ඔය විදිහටය.

තලතා අතුකෝරාල පුන පුනා කියන්නේ සජිත් මෙහයවන “වාසනවන්තයා”, දේශපාලනය නොදැන ගහන ගේම් නිසා සජිත් විනාශ වන බවයි. කොහොම නමුත් සජිත් සැප්තැම්බර් 22න් පස්සේ නවතින්නේ, යාලා වනේ, දිවියෝ එකක් කියලා, අපිට කිව්වේ, සජිත් එක්ක ඉන්න, “යකඩ මිනිසෙක්ගේ” මලකඩ කාපු, දකුණු අතක්.

Last modified on Sunday, 15 September 2024 14:32

Leave a comment

 

ld add copy

ක්‍රීඩා

Connet With Us