21න් පස්සේ සජිත් පන්නා සජබයේ බලය අල්ලන මෙහෙයුමක්. කැරැල්ල දෙතුන් තැනක පත්තුවෙයි.! Featured

Published in Gossip
Sunday, 15 September 2024 17:38

එළඹෙන ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජය ඒකාන්ත බවත්,එම පරාජයත් සමග ඔහු වහාම දේශපාලනයෙන් ඉවත් වීමට සිදු වන බවත්, එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන සමගි ජන බලවේගයේ බලය ලබා ගැනීම සම්බන්ධයෙන් එහි කණ්ඩායම් කිහිපයක් අතර මේ වන විටත් බල අරගලයක් මතුවී තිබේ.

පසුගිය ජනාධිපතිවරණ පරාජයෙන් පසුව සජිත් ප්‍රේමදාස මහතා මාසයකට වැඩි කාලයක් දැක ගැනීමටවත් නොහැකි වූ අතර ඔහු නැවත දේශපාලනයට රැගෙන ආවේ අසීරුවෙනි.

එබැවින් පිටපිටම ලබන එළඹෙන ජනාධිපතිවරණ පරාජයෙන් පසුව ඔහු කොහේ ගොස් නතර වේදැයි සිතාගත නොහැකි බව සමග ජන බලවේග ජේෂ්ඨයන් පවසයි.

ඒ අනුව මේ වන විටත් සමගි ජන බලවේගය බලය 21 වන දායින් පසු කාගේ අතට පත් වන්නේ ද යන්න පිළිබඳව තීරණාත්මක සාකච්ඡා කිහිපයක් මේ වන විටත් සිදුව තිබේ.

ඒ අනුව පොහොට්ටුවෙන් ස්වාධීනව පැමිණි ඩලස් ප්‍රමුඛ කණ්ඩායම සමගි ජන බලවේගයේ ද මන්ත්‍රීවරුන් කිහිප දෙනෙතුගේ සහය ඇතිව අලුත් සන්ධානයක් නිර්මාණය කිරීමට කටයුතු යොදමින් සිටි.

ජනරජ පෙරමුණ නියෝජනය කරමින් පැමිණි පාඨලී චම්පික රණවක සමගි ජන බලවේගයේ තරුණ කණ්ඩායම සමග එක්ව කටයුතු කරන අතර එම මන්ත්‍රීවරුන්ගේ මතය වී ඇත්තේ චම්පික රණවක සමගි ජන බලවේගය නායකත්වය භාරගත යුතු බවය.

කෙසේ වෙතත් සමඟි ජන බලවේගයේ බොහෝ දෙනෙක්ම හර්ෂ ද සිල්වා මෙහි නායකයා බවට පත්කර ගැනීම වෙනුවෙන් සාකච්ඡා පවත්වමින් සිටින අතර ඔහුට සමීප පිරිස් ඔහුව කරළියට ගෙන ඒමට කටයුතු කරමින් සිටි.

කෙසේ වෙතත් මේවන විට රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වීමට නොහැකි වූ සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු රැසක් පවසා ඇත්තේ මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්කොට නව බලවේගයක් නිර්මාණය කළ යුතු බවය.

මේ වනවිට සමගි ජන බලවේගයේ, සජිත් ප්‍රේමදාස මහතාට සමීපව සිටි අතලොස්සක් මන්ත්‍රීවරුද නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින අතර එලැබෙන තත්වයට මුහුණ දීමට නොහැකිව ඔවුන් අසරණව සිටින බවද වාර්තාවේ.

Leave a comment

 

ld add copy

ක්‍රීඩා

Connet With Us