සජිත්ව ගොඩදාලා දෙන්න..නාමල්, ඉරාජ්ව සජිත්ගේ සහයට යවයි Featured

Published in Gossip
Sunday, 15 September 2024 20:32

කලාකරුවෙකු ලෙස පෙනී සිටින කුප්‍රකට පුද්ගලයෙක් වන ඉරාජ් වීරරත්න සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට ඉදිරිපත්ව ඇතැයි වාර්තා වෙයි.

එක දිගටම රාජපක්ෂවරුන් සමග ඔවුන්ට හිතැතිව කටයුතු කළ ඉරාජ් වීරරත්න මෙලෙස සජිත් ප්‍රේමදාසට එක්වීමට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කොට ඇත්තේ නාමල් රාජපක්ෂ විසින් බවට සමගි ජන බලවේගයෙන්ම ජේෂ්ඨයින් මේ වන විට පවසමින් සිටි. සජිත් සහ නාමල් මෙවර ජනාධිපතිවරණයේදී රහසිගත එකඟත්වයක් මත කටයුතු කරන බවට තොරතුරු රැසක්ද පසුගිය දින වල හෙළිදරව් වී තිබිණි. නාමල් ජනාධිපතිවරණට ඉදිරිපත් වන්නේද එම එකඟතාවය මත බවත් එමඟින් රනිල් වික්‍රමසිංහට ඇදි යන පොහොට්ටු ඡන්ද යම් පමණකින් හෝ වලක්වා සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණයට වාසියත් අත්පත් කර දීමට බවත් දේශපාලන ක්ෂේත්‍රයේ කතා බහක් තිබිණි.

කෙසේ නමුත් පසුගිය වකවානුවේ රාජපක්ෂ වරුන්ගේ දේශපාලන ප්‍රචාරක කටයුතු වලදී සදාචාරය ඉක්මවා ගිය සහ ජාතිවාදී ආගම්වාදී ප්‍රචාරක කටයුතුවල ප්‍රමුඛ තැනක් ඉරාජ්ට හිමිවී තිබුණි.

ගෝඨාභය රාජපක්ෂ යුගයේ ඉරාජ් වීරරත්න තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලයටද පත්කර සිටියේය.

Leave a comment

 

ld add copy

ක්‍රීඩා

Connet With Us