අපි කිව්වා හරි.. සජිත් - නාමල් ගිවිසුම, ඉරාජ් හෙලිකරයි !   Featured

Published in Gossip
Monday, 16 September 2024 22:45

'සජිත්ව ගොඩදාලා දෙන්න..නාමල්, ඉරාජ්ව සජිත්ගේ සහයට යවයි, යනුවෙන් අප විසින් හෙළිකළ සත්‍යය ඉරාජ් විසින්ම තහවුරු කර ඇත.

කෙසේ නමුත් ජාත්‍යන්තර ඔත්තූ සේවාවක මැදිහත් වීමෙන් නාමල් රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස අතර අනාගත දේශපාලනය වෙනුවෙන් රහස් ගිවිසුමක් අත්සන් කළ බව මෙතෙක් කල් දේශපාලන ලෝකයේ කනින් කොනින් ඇසුණු ගොසිප් එකක් ලෙස ප්‍රචාරය වෙමින් පැවතුණි.

එහෙත් එය හුදෙක් ඔ්පාදූයක් පමණක් නොව සත්‍යයක්ම බව ප්‍රකට ගායක හා ජනප්‍රිය යූ ටියුබ් කරුවෙකු වන ඉරාජ් වීරරත්න තවත් යූ ටියුබ් නාළිකාවක් සමග සිදුකල සම්මුඛ සාකච්ඡාවකදී හෙළිවිය.

එහිදී ඉරාජ් වීරරත්න තම හිතමිත්‍ර නාමල් රාජපක්ෂට පළමු මනාපය ලබා දෙන ලෙසත් සජිත් ප්‍රේමදාසට දෙවන මනාපය ලබා දෙන ලෙසත් ප්‍රසිද්ධියේ ජනතාවගෙන් ඉල්ලා සිටී.

අතීතයේ සිටම රාජපක්ෂවරුන් වෙනුවෙන් පෙනී සිටිමින් සිය සමාජ මාධ්‍ය ජාලය ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ඉරාජ් වීරරත්න නාමල් රාජපක්ෂගේ මෙන්ම රාජපක්ෂ පවුලේ ළගම හිතවතෙකු ලෙස සැලකේ.

නාමල් රාජපක්ෂ තම ජනප්‍රිය මිත්‍රයා ලවා යූ ටියුබ් නාළිකාවක් හරහා පරාජය අභිමුව සිටින සජිත් ප්‍රේමදාස කෙසේ හෝ දිනවීමට උත්සාහ දැරීම පිළිබඳව ඉතිරිව සිටින අතලොස්සක්වු පොහොට්ටු පාක්ෂිකයන් ද දැඩි ලෙස කලකිරීමට පත්වීමට හේතුවී ඇත.

පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට එරෙහිව ඉරාජ් වීරරත්න විසින් නිපදවන ලද මඩ අවලාද සහිත වීඩියෝ අදටත් අන්තර්ජාලයේ සැරිසරන අතරතුර, එක් විටම ඉරාජ් ඉදිරිපත් වී සජිත් ප්‍රේමදාසට දෙවන මනාපය සලකුණු කරන ලෙස ඉල්ලා සිටීම විශ්මය ජනක මෙන්ම ආන්දෝලනාත්මකය.

නාමල් - සජිත් ගිවිසුම සදහා කපුකම සිදු කළ රහස් ඔත්තු සංවිධානය මගින් දෙපාර්ශ්වය වෙතම මැතිවරණ කටයුත් වෙනුවෙන් විශාල මුදල් ප්‍රමාණයක්ද ලබා දී ඇති බව විශ්වාසදායී ආරංචි මාර්ග දක්වා සිටී.

කෙසේ නමුත් සජිත් ප්‍රේමදාස සමග රහසේ ගිවිසුම් ගත වෙමින් රටට එරෙහි දේශපාලන ක්‍රියාමාර්ගයක නිරත නාමල් රාජපක්ෂගේ වර්තමාන ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා සහ නාමල්ගේ සොහොයුරන් වන යෝෂිත හා රෝහිත රාජපක්ෂ ද සිය විරෝධය පළකොට ඇති බවද තවදුරටත් වාර්තාවේ.

සජිත්ව ගොඩදාලා දෙන්න..නාමල්, ඉරාජ්ව සජිත්ගේ සහයට යවයි

 

Leave a comment

 

ld add copy

ක්‍රීඩා

Connet With Us