සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු Featured

Published in Gossip
Tuesday, 17 September 2024 12:45

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය පත් කරන්නෙ තමන්ගේ ජන්ම කේන්දර සටහනට ගැලපෙන තමන්ට හානියක් නොවෙන කේන්දර සටහන් ඇති පුද්ගලයන් තෝරාලෙන බව එම පක්ෂයේම පිරිස මේ දින වල කතා කරන්න පටන් ගෙන ඇත. මේ නිසා විවිධ ඇමැති තනතුරු බලාපොරොත්තුවෙන් සිටින පක්ෂ ප්‍රබලයන් මෙන්ම පිටතින් සජබයට එකතුවූ පක්ෂ නායකයන් බලවත් අපහසුතාවයට පත්ව ඇති බවත් දැන ගැනීමට තිබේ.

සජිත් ප්‍රේමදාස ජෝතිෂ්‍යය සහ ගුප්ත විද්‍යාවන් දැඩිව විශ්වාස කරන්නකු වන අතර ජනාධිපතිවරණ නාමයෝජන භාර දීමට පැමිණි මොහොතේ කිසිවකුට අතට අත නොදීමට පරිස්සම් වූයේ කිසිවකු හෝ තමන්ගේ අතෙ හි ජීවම් කරනු ලැබු තෙල් හෝ යමක් දවටතැයි කියන බිය නිසා බවටත් තොරතුරු පැතිර තිබිණි. එමෙන්ම නාමයෝජනා ලබා දීමේ දී සුබ දිසාවක් තෝරා ගැනීම නිසා මැතිවරණ කෝමිසමෙහි නිලධාරීන්ගේ පසු පසින් පැමිණ නාම යෝජනා භාර දීමටත් කටයුතු කර තිබිණි. ඒ අතර පසුගිය දින වල ජනාධිපතිවරණ ජයග්‍රහණය ගුප්ත බලවේග වල සහයෙන් ලබා ගැනීම වෙනුවෙන් විවිධ යාග හෝම ගනනාවකට සහභාගී වී තිබු බවත් දැන ගැනීමට තිබේ.

සජිත් ප්‍රේමදාසගේ පියා වන රණසිංහ ප්‍රේමදාස ද මෙවැනි අභූත වැඩ වලට ප්‍රසිද්ධ අයෙකි. ඒ ගැන කතන්දර ද එමට තිබේ. තමන්ට එරෙහිව වූ දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුව තුළ දී පරාජය කිරීම වෙනුවෙන් මන්ත්‍රී ආසන වල ජීවම් කරන ලද තේල් වර්ගයක් තැවැරීම කර තිබු බවටත් ඒ දිනවල ප්‍රසිද්ධ කතාවකි. එසේම කන්‍යාවියන් ලවා කිරි කළ හතක් නාවා ගැනීමේ යාතු කර්මයක් ගැනත් ප්‍රසිද්ධ කතාවක් තිබිණි.

කොහොම නමුත් සජිත්ගේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය තෝරා පත් කර ගැනීම ජෝතිෂ්‍යය වේදීන්ගේ නියමයෙන් අනුව සිදු කිරීමට නියමිත බව ඔහුගේ සමීපතමයන් විසින් පවසන අතර මෙම

තොරතුරු මේ වන විට විට අනෙක් දේශපාලන පාර්ශ්ව වල මැතිවරණ රැළි රසවත් කිරීම වෙනුවෙන් කතා බවට ලක් වෙන බවද පෙනෙන්නට තිබේ.

Leave a comment

 

ld add copy

ක්‍රීඩා

Connet With Us