සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   Featured

Published in Gossip
Tuesday, 17 September 2024 17:13

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ උනන්දුවක් දක්වනු දැකිය හැක.

ඒ අනුව පසුගියදා අනුර දිසානායක සිරස ටීවී නාලිකාවේ සටන සජීවි සංවාදයකට එක්වූ අතර එය සමාජ මාධ්‍ය තුළ සහ සමාජය තුළ විශාල කතා බැහැමකට ලක් විය.

මේ හේතු කොටගෙන විපක්ෂ නායක සජිත්ට ද ඔහුගේ සමීපතයින් බලපෑම් කළේ මෙවැනි සජීවී සංවාදයකට සහභාගී වීම මේ මොහොතේ අතිශය වැදගත් බවය. .

ඒසේම සමගි ජන බලවේගයේ ප්‍රධානීන් ඉල්ලා සිටියේ හැමදාමත් සජිත්ට විශේෂ සහයක් ලබාදුන් සිරස නාලිකාවේ සටන වැඩසටහනටම සහභාගී වී අනුර ලැබු ප්‍රතිචාරයට වඩා ප්‍රතිචාරයක් අත්පත් කර ගත යුතු බවය. කොහොම නමුත් ඒ වන විටත් සිරස නාලිකාවෙන් සජිත්ට ආරාධනාවක්ද කර තිබිණි.

එහෙත්,සජිත්ගේ සමීපතමයා වන ලක්ෂ්මන් ෆොන්සේකා සහ ජලනී ප්‍රේමදාසගේ මැදිහත්වීමෙන් සජිත්ට සිදුවුණේ හිරු නාලිකාවට යන්නට ය. ඒ හිරු නාලිකාවේ ප්‍රධානියා අමනාප කර ගැනීම සිදු නොවිය යුතු නිසාය.

"අපි කියන්නේ හිරු එකට යන්න කියලා හේතුවක් ඇතිව. ගෝඨාභය දිනෙවුවෙත් හිරු එක.අනික අපිට එයාලා දිගටම උදව් කරනවා" යැයි ලකීලා පවසා තිබේ.

ගෝඨාභය දිනවූයේ හිරු සහ දෙරණ යැයි ලකීලාගේ කීම හේතුකොට ගෙන සිය සංවාදයට හිරු නාලිකාව තෝරා ගැනීම පිළිබඳව සමග ජන බලවේගයේ ජේෂ්ඨ මන්ත්‍රීවරුනම් සිටියේ කලකිරීමෙන් ය.

"එතකොට මෛත්‍රී දිනෙවුවේත් හිරුද?.ඒ මැතිවරණයේදී හිරුයි දෙරණයි දෙකම හිටියේ මහින්ද එක්ක. සිරස විතරයි මෛත්‍රිට තිබුණේ. අනික අපිට වැඩියෙන්ම උදව් කළේ සිරස" සජබ මන්ත්‍රීවරු කීය.

කෙසේ වෙතත් මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමට වඩා ලකීගේ සහ ජලනිගේ ඉල්ලීමට වැඩි බරක් තබමින් සජිත් හිරු නාලිකාවේ සලකුණ වැඩසටහනට සහභාගි විය. එයත් සජීවි වැඩසටහනක් නොව කලින් පටිගත කර යළි සංස්කරණය කළ වැඩසටහනකි. මෙම සංස්කරණ කටයුත්තට ලකී මෙන්ම හිරු ප්‍රධානියාද එක්ව සිටි බව ද දැන ගන්නට තිබේ.

මේ අතර සජික් හිරු නාලිකාවේ හිරකාරයකු වන තැනට පත්ව සිටීම ගැන සජබ කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයකු පවසා සිටියේ "අපේ ලොක්කට හිරු ළන් කළේ නාමල්. අර තලතලා කියන කතාව හරි." බවය.

"අනිත් එක සලකුණේ දී අර මොනවද දුන්න උත්තර. කොහොමද රටේ ආර්ථිකය නංවන්නේ කියලා අහනකොට, ඛෙත්තාරාමය හැදුවේ තාත්තා ලු. මොන විහිළුවක් ද?" අපි ළඟ ඉන්නවා නම් අපි යන්තම් කොහොම හරි කියනන් කරන්න ඔන් දේවල් ටික තෝරලා බේරලා දෙනවා.. මෙතන අපි කවුරුවත් හිටියෙ නෑනේ. මිනිහ ඔන්න ඔහේ කියවන්න අරගෙන අපිට ආරංචියි මේක එඩිට් කරන්නත් සෑහෙන් අමාරු වුණා කියලා.. සමහර කතා දෙතුන් පාර රෙකෝඩ් කරලා. "

කොහොම නමුත් සජිත් දිනපතා විහිළුවකට ලක් වීම හේතු කොටගෙන වඩාත් අපහසුතාවයට පත්ව සිටින්නේ මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාරය. සජිත්ගේ බොළඳ කතා වලට උත්තර බඳින්න වී ඇත්තේ ඔහුටය.

"සජිත් හිතන් හිටියා එයා ජනාධිපති වෙයි කියලා..ඒත් දැනටත් රනිල් දෙකට ඇවිත් ඉවරයි. දැන් නම් අබමල් රේණුවක ඔළුවක් තියෙන මනුස්සයෙක් සජිත්ට දෙන්නේ නෑ"

"ඒක ඇත්ත. මුජී කීවනේ 21 වෙනිදා ආණ්ඩුවේ ඇමතිවරු අසූවක් රට පනින්න ලෑස්ති කියලා. හැබැයි ඇත්තටම රට පනින්න වෙන්නේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට නෙවෙයි අපිට." මේ සජබයේ මන්තුවරුවරයකු පැවැසූ කතාවය.

කොහොම වෙතත් හිරු සලකුණ සංවාදයට ගියාට වඩා නොගිහින් හිටියා නම් සජිත්ට තිබ්බ ඡන්ද ටිකවත් ආරක්ෂා කර ගන්න තිබුණා යැයි සජබයේ ජේෂ්ඨ මන්ත්‍රීවරුන්ගේ මතය වී ඇත. මේ වන විට සජිත් සමාජ මාධ්‍ය තුළ බරපතල ලෙස විහිළුට ලක් වෙමික් තිබේ.

Leave a comment

 

ld add copy

ක්‍රීඩා

Connet With Us