හොරු අල්ලනවා කිව්වට, අනුරව හොරු අල්ලලා ඉවරයි.   Featured

Published in Gossip
Monday, 09 September 2024 23:44

පසුගියදා පැවැති ජාතික ජන බලවේගයේ කලාකරුවන්ගේ සමුළුවේදී කූප්‍රකට එතනෝල් ජාවාරම්කරු ජයලත් ක්‍රිෂාන් පීරිස්ව, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාරව වැලඳ ගන්නා ආකාරය දකින්නට ලැබිණි.

ජවිපෙ නායක රෝහණ විජේවීර චරිතය ඇසුරෙන් නිශ්පාදනය කළ 'ගින්නෙන් උපන් සීතල' චිත්‍රපටය චමත්ක පීරිස් නමින් නිශ්පාදනය කළෙත් ඔහු බව පැවැසේ. මෙම චිත්‍රපටය ආන්දොලනාත්මක වුවද කිසි විටෙක මෙහි නිශ්පාදකයා ප්‍රසිද්ධියට ආවේ නැති බවත් අවධාරණය කළ යුතුය.

කෙසේ නමුත් පසුගිය රාජපක්ෂ යුගයේ සිට එතනෝල් ජාවාරම් සහ තවත් කූට ව්‍යාපාර සම්බන්ධයෙන් චෝදනා රැසක් එල්ල වූ මොහු ජාවාරම්කරුවන් අතර ප්‍රසිද්ධව සිටින්නේ 'එතනෝල් ජයලත්' නමිනි. ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ සහෝදරයා යැයි කියන මුත්තයියා සසිදරන් නැමැත්තාද එතනොල් ජාවාරම් සම්බන්ධයෙන් චෝදනාවට ලක් වූවකු වන අතර ඔහු ද ජයලත් පීරිස්ගේ හවුල්කරුවකු වේ.

එහෙත් එතනොල් ජයලත්ට චෝදනා කොපමණ එල්ල වූවත් කිහිප වතාවක්ම රාජපක්ෂවරුන්ගේ දේශපාලනික හිතවත් කම් පිහිටෙන් බේරීමට සමත්ව ති‌බේ.

2020 වසරේදී එතනෝල් ජයලත් සිදු කළ එරෙහිව ලෝක ප්‍රකට වෙළෙඳනාම සහිත මත්පැන් බෝතල්වලට වර්ණවත් ජලය පුරවා ප්‍රතිඅපනයනය කිරීමේ ජාවාරම අසුවීමෙන් පසුව ඩුබායි රාජ්‍යයට පැන සැඟව සිටියේය. එවකට ගෝඨා පාලනයේ ඇමැතිවරයකුව සිටි අරුන්දික ප්‍රනාන්දු මැදිහත් වී මොහුව මෙරටට ගෙන්වා ගැනීමට සහ අත් අඩංගුවට ගැනීමෙන් වැලැක්වීමට කටයුතු යෙදු බවද වාර්තා විය.

කොහොම නමුත් මේ කාලයේ මෙම සිද්ධිය හෙළිදරව් කරමින් සහ කාලාන්තරයක් තිස්සේ කෙරෙන එතනෝල් ජාවාරමට එරෙහිව ජවිපෙ විශාල හඩක් නගමින් තිබිණි. ජාවාරම්කරුවන් අත් අඩංගුවට නොගැනීීම ගැන රජයට චෝදනා කළේය.

එහෙත් කාලයකට පසුව මේ එතනොල් ජයලත් සහ අනුර කුමාර ගජ මිතුරන් බවට පත් විය. දෙදෙනාම ජීවත් වන්නෙත් කඩවත ප්‍රදේශයේය. සමහර විට අනුන්ගෙන් යැපෙන අනුර කුමාර තමන්ගේ ගෙදර වියදම් එහෙමත් බලා කියා ගන්න බාර දී ඇත්තේ එතනොල් ජයලත්ට වෙන්නට බැරි නැත.

ඒ සම්බන්ධය කොහොම නමුත් අනුර කුමාර ප්‍රදර්ශනය කරන දුෂණ හොරකම් ෆයිල් 400 අතර මේ එතනොල් ජාවාරම් ගැන ෆයිල් එකද ඇත. නමුත් එය දැන් වසා ඇත. එය කිසිදු විවෘත්ත වන්නේ නැති බවත් සැක නැතිව පැවැසිය හැකිය.

ජවිපෙ ගැන ඇහෙන කතන්දර අනුව ප්‍රකට කතාවක් වන්නේ ව්‍යාපාරිකයන් බය කර කප්පන් ගැනීම සිදු කරන බවය. වසන්ත සමරසිංහගේ අන්තර් සමාගම් සේවක සංගමය මේ වෙනුවෙන් යොදා ගන්නා බවත් කියවෙයි. කප්පන් නොදුන්නොත් වැඩ වර්ජනය කිරීම් හෝ විවිධ දුෂණ චෝදනා එලල් කරමින් එම ව්‍යාපාර බංකොලොත් කිරීමට කටයුතු කරන බවත් පැවැසේ.

මේ අනුව හැඟෙන දෙයක් නම් අනුරලා ෆයිල් පෙන්න පෙන්න අදාල පුද්ගලයන් බිය වද්දමින් කප්පන් එකතු කරගැනීමත් කරනවා විය හැකි බවය. එතනොල් ජයලත්ටත් සිදු වුනේ එවැන්නක්ද දන්නේ නැත.

අනුර ගාව තියෙන එකදු ෆයිල් එකක් සම්බන්ධයෙන් හෝ නීතිමය ක්‍රියා මාර්ග අද වෙන තුරුත් අරගෙන නැත්තේ උසාවි ගොස් නඩුව පරදිනවාට වඩා ෆයිල් එක පෙන්න පෙන්නා වෙන සෙල්ලම් කළ හැකි නිසාද දන්නෙත් නැත.

Leave a comment

 

ld add copy

ක්‍රීඩා

Connet With Us