ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි ! Featured

Published in Gossip
Friday, 06 September 2024 11:16

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු මැති ඇමතිවරුන්ට ඉවත්ව යන ලෙස දැනුම්දී ඇති බව වාර්තා වෙයි .

 

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම තීරණය ගෙන තිබෙන්නේ ඔහුට සහාය දක්වන මැති ඇමතිවරුන් ඇතුළු පක්ෂ සංවිධාන රැසක ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය .

එහිදී ඔවුන් පෙන්වාදී ඇත්තේ මේ මොහොතේ තීරණාත්මකව ජනාධිපතිවරයාට සහාය දක්වන පිරිස් ආණ්ඩුවේ නමින් තබාගෙන සිටීම කිසිඳු ප්‍රයෝජනයක් නොමැති බවත් ඔවුන් තමන් මැතිවරණය සම්බන්ධව ගන්නා තීන්දු තීරණ විරුද්ධ පාර්ශව වෙත ලබාදෙමින් දේශපාලන සූදුවක නිරතවන බවයි .

එබැවින් තීරණාත්මක මොහොතේ සහාය නොදක්වන පිරිස ඉවත්කර ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු තමන්ට නිදහසේ කරගෙන යාමට අවස්ථාව සලසන ලෙස මේ පිරිස ජනාධිපතිවරයා වෙතින් ඉල්ලා තිබේ .

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ඊයේ (05) රාජ්‍ය අමාත්‍යවරුන් 4 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූර වලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත්තේද මේ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවය.

කොහොම නමුත් මෙම රාජපක්ෂ කදවුරේ කණ්ඩායම පසුගිය වසර දෙක තුලම අණ්ඩුව නියොජනය කරමින් වර්ප්‍රසාද භුක්ති විඳිමින් සිටියද නාමල් රාජපක්ෂගේ වුවමනාවන් වෙනුවෙන කටයුතු කළ පිරිසකි. ජනාධිපති රනිල්ගේ වැඩ පිළිවෙල විටින් විට විවේචනය කරමින් මාධ්‍යවලට ප්‍රකාශ නිකුත් කිරීම සහ බොරු පුවත් මැවීම සිදු කරමින් සිටියේය.

මේ අතර තවත් රාජ්‍ය අමාත්යවරුන් කිහිප දෙනෙකු මෙන්ම හඳුනාගත් මන්ත්‍රීවරුන් පිරිසකට ජනාධිපතිවරයා  අවවාදාත්මක දැනුම්දීමක් සිදුකර ඇති බවද දැනගන්නට ඇති අතර ඒ ජනාධිපතිවරණය තීරණාත්මක අදියරකට පැමිණ ඇති මොහොතේ ආණ්ඩුවේ කියා වැනෙමින් නොසිට තීන්දුවක් ගන්නා ලෙසයි. මෙම දැනුම්දීම අනුව රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු තමන්ව ධුර වලින් ඉවත් නොකරන ලෙසත් ඒ වෙනුවට ඉල්ලා අස්වීමට අවස්ථාව ඉල්ලා ඇති බවද දැනගන්නට ඇත.

දැනට ඉතිරි වී සිටින රාජපක්ෂ කදවුරේ  පොහොට්ටු මන්ත්‍රීවරු පිරිස

1. Mahinda Rajapaksa
2. Chamal Rajapaksa
3. Namal Rajapaksa
4. Shashindra Rajapaksa
5. Sagara Kariyawasam
6. Johnston Fernando
7. Jayantha Katagoda
8. Sanjeewa Edirimanna
9. Ranjith Bandara
10. WD Weerasinghe
11. UK Sumith
12. Tissa Kuttiarachchi
13. Nipuna Ranawaka
14. DV Chanaka
15. Indika Anuruddha
16. Prasanna Ranaweera
17. Isuru Dodangoda
18. Gamini Lokuge
19. Marjan Falil
20. Siripala Gamlath
21. Sarath Weerasekera
22. Thenuka Vidanagamage
23. Samanpriya Herath
24. Manju Lalith Warna Kumara
25. Nalaka Kottegoda
26. Mohan silva
27. CB Rathnayake

Last modified on Friday, 06 September 2024 11:38

Leave a comment

 

ld add copy

ක්‍රීඩා

Connet With Us